එකමුතුකම | 5% for SL Charity

in hive-133716 •  2 years ago 

ඔන්න ඉතින් යාලුවනේ, ගොඩාක් කාලෙකට පස්සේ මම ආවා ආයෙම. පහුගිය කාලේ මට ලොකු අත්දැකීම් ටිකට මුණ දෙන්න සිද්ද උනා. පස්සේ ඒ ගැන කියනම්කෝ වෙනම. අද මම කියන්න යන්නේ වෙනස් දෙයක් ගැන. මේ ටිකේ දකින්න ලැබුන දේවල් ටිකක්.

අලුත් අවුරුද්ද කියලා මේ පාර කිසිම විශේෂයක් කලේ නැහැ අපෙ ගෙදර. අපි කරපු එකම දේ ගමේ ගිහින් ආව අවුරුද්දට කලින්. එත් ගියේ අපේ නෑදෑ වෙන සීයලා දෙන්නෙක්ව බලලා එන්න. ගොඩක් අසනීපෙන් ඉන්න එක සීයා කෙනකුත් හිටිය. අපි ගිහින් දවස් දෙකක් ඉදල ආව. එයාලට ගොඩක් සතුටුයි අපි ආව එකට.

යද්දී එද්දී මම දැකපු දෙයක් තමයි, ගොඩක් අයට තාම ගානක් නැහැ නැති දේවල් ගැන. එයාල බහුතරයක් අවුරුද්ද ලෑස්ති වෙනවා. ලෑස්ති වෙන එක හොදයි. සමරන එකත් හොදයි. මොනව උනත් අපේ අලුත් අව්රුද්දනේ. සමරන්න ඕනි. හැබැයි එක extreme යන්න ඕනිද මේ වගේ කාලේක කියලා මට හිතුනා. අනිත් කෙන්ක්ව පාගාගෙන හරි ගිනිකෙළි ටිකක් cake එකෙක් ගන්න එක ලොකු දෙයක් වගේ සමහර අයට. අනේ මන්ද කියලත් හිත්නේව.

ඊට පස්සේ, කොලඔ ඇවිත් එහෙ මෙහෙ යද්දී මේ ටිකේ මම දැක්ක දේවල් නිසා තමයි මට අද ලියන්න හිතුනේ. මේ කාලේ වෙන දේවල් මිනිස්සුන්ව කොච්චර ලං කරලද කියලා හිතුන. වාහනේ යද්දී දැන් ෂෙඩ් ලගින් යද්දී දැන් නිකන් පුරුද්දට වගේ පෝලිම කොච්චරද තෙල් තියේද කියලා බලවෙන්ව. එහම යද්දී ඊයේ හරි පෙරේද හරි දැක්ක පෝලිමේ ඉන්න car එකෙක් ඉස්සරහට ගන්න හැමෝම උදව් කරනවා. එතන සිංහල මුස්‌ලිම් දෙතුන් දෙනෙක්ම හිටිය. කිසිම වෙනසක් නැතුව එකිනෙකාට උදව් කරනවා. වාහනේ ලොකුද පොඩිද කියන එක අදාලම නැ. හැමෝම එකා වගේ ඉන්නවා.

අනිත් එක මම මෙච්චර දවසක් දැක්කේ facebook එකේ. හැබැයි මම ඊයේ ඇස් දෙකින් දැක්කා. ඒ Galleface එකේදී. ඔයාල හැමෝම දන්නා අරගල බිමේදී.

Screenshot_20220417-062730_Gallery.jpg

Screenshot_20220417-062738_Gallery.jpg

Screenshot_20220417-063157_Gallery.jpg

එතන ජාති ආගම්, ලොකු ජොබ් පොඩි ජොබ්, සුදු කළු කියලා කිසිම වෙනසක් නැ. හැමෝම එක වගේ තමන්ගේ අදහස් කියනවා. කන්න කෑම බොන්න වතුර හැමෝටම බෙදල දෙනවා. පුලවන් විදිහට කට්ට්යම එකිනෙකට උදව් කර ගන්නවා. ඇත්තටම එකම ඇති නේද අපේ රට ඉස්සරහට දියුණු වෙන්න කියලා මට හිතුන.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

මොනදේ උනත් මේ කාලේ වෙලා තියෙන හොදම දේ තමා අපේ රටේ මිනිස්සුන්ගේ එකමුතු කම වැඩි වෙලා තියෙන එක..ඒ ජාති ආගම් භේදයකින් තොරව 🇱🇰✊

ඔව් ඒක ඇත්ත

මිනිස්සු දැන් දන්නවා ජාති බේද ආගම් බේද දේසපාළු සෙට් එකේ අවශ්‍යතා සඳහා ඇති කල ඒවා බව.

ඔඕ

Hamoma samagiyen me karadaren berenna lebei kiyala hithamu.

ow aniwarenma

Me ekamuthukama digatama tibboth apita meeta wada godak hoda anagathayak hamaba wewi

eka nm aththa

එතනට ගියාම ඒ හැගීම ලොකුවටම දැනෙනව 😍❤️

😍