ගෙවත්තේ රවුමක්

in hive-133716 •  9 months ago 

WhatsApp Image 2024-05-24 at 7.02.49 PM.jpeg

මේක ඉතින් වසන්ත කාලෙනේ. අලුතෙන් ගස් වල මල් පිපෙන, ගස් වල අලුතෙන් පල හටගන්න කාලයක් තමයි අප්‍රේල්, මැයි කියන්නේ. ඉතින් ඔන්න මගේ ගෙවත්තෙත් මල් පල හටගන්න පටන් අරගෙන. අද නිවාඩු දවසක් උනත්, අද මගේ office දවසක්. ඉතින් වැඩත් කල් ඇතුව ඉවරකරගන්න පුලුවන්වුන නිසා මට හිතුනා පොඩ්ඩක් ගෙවත්ත වටේ රවුමක් දාන්න.

ඉතින් මුලින්ම මම ගියේ අපේ රඹුටන් ගහ ගාවට. මේ අවුරුද්දට හා හා පුරා කියලා රඹුටන් ගෙඩියක් කනකල් මට ඉවසිල්ලක්නම් නෑ ඔන්න. තාම රඹුටන් හරිම ලපටියි. රතුම රතු රඹුටන් ගෙඩියක රස බලන්න නම් තව මාසයක් දෙකක් වගේ ඉවසුම් ඇතුව ඉන්න වෙන හැඩැයි.

ඉතින් මම මුලින්ම කිවනේ මේ තමයි මල් පල හටගන්න කාලේ කියලා. ඉතින් ඔන්න අපේ පැශන් වැලෙත් පැශන් උතුන්න හැදීගෙන එන්නයි ලක ලැහැස්තිය. අඹ කියන්නේ අපි හැමෝම කන්න ආස පලතුරක් නේ. අපේ ගෙවත්තෙ වර්ග කීපයකම අඹ තියෙනවා. ඒ හැම ගහක්ම අඹ වලින් පිරිලා ගිහින්. කොස්, පොලොස්, වෙරලු ආදී නොයෙක් බෝග වර්ග මගේ ගෙවත්තේ තියෙන්වා. ඉතින් නැවුම් එලවලු පලතුරු වලින් නම් අපිට අඩුවක් ඇත්තෙම නෑ.

WhatsApp Image 2024-05-24 at 7.02.32 PM.jpeg


ඔයාලගේ ගෙවත්තත් මේ වසන්ත කාලේ මලින් පලින් බර වෙලා ඇති නේද?

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

ඇත්තටම ලස්සන ගෙවත්තක් ඔයාට තියෙන්නේ. වසන්ත කාලයේ කෝමත් ගස්වල ඵලදාවෙන් බරවන කාලයක් ඒත් මේ දවස්වල පවතින අයහපත් කාලගුණය හින්දා ගස්වල ගෙඩි ලපටි කාලයේදීම බිමට වැටෙනවා ඒක හරි අපරාධයක්.ඔයාගේ ගෙවත්තේ පලදාව තව තවත් වැඩි වේවා 💐

ow ekanam aththa. rambutan thamai godakma ehema wenne. tika tika apeth bima watigena enawa dan. thank you so much for your lovely wish...!