සමරහරවිට ඔයාලට Hostel මතකයක් තිබෙන්නටත් හෝ නොතිබෙන්නටත් පුලුවන්. සමහරවිට මේ වනවිටත් Hostel වල නවාතැන් අරන් ඉන්නවා වෙන්නත් පුලුවන්. පොත් පත් කියවන කෙනෙක් නම් Hostel එකක ජීවිතය මොනවගේද කියලා කියවලා දැනිලත් ඇති. ඉතින් මේ අතරේ Hostel එක කියන නම ඇහුවත් අපෝ කියන තරමට එපා උනු මතක තියෙන අයත් ඉන්න පුලුවන්. මේ අතරේ තාමත් ඒ මතකෙට යන්න ආස අයත් ඉන්නත් පුලුවන්. ඉතින් මම ගැන කීවොත් මම අයිති වෙන්නේ මේ දෙවෙනි කොටසට. ඒ කීවේ Hostel මතකයට යන්න කැමති ගොඩට.
ඇත්තටම ගෙදරයි Hostel එකයි එකට තියලා දෙකෙන් එකක් තෝරගන්න කීවොත් ගෙදර තමයි මගේ අංක 1. ඒත් ගෙදර තිබුනේ Hostel එකට නොසෑන්න දුරකින් නිසා Hostel හෝ boarding එකක නවතින්නම සිද්ද වෙනවා. ඉතින් මම campus ආවම කාලේ, ඒ කියන්නේ 1st year එකේ, Hostel එකට කැමතිනම් එකේ නවතින්න අයදුම් කරන්න පුලුවන් කියලා දැනුම් දුන්නාම මමත් අයදුම් කලා. ටික දවසකින් මාව තේරුනා කියලත් මට ආරන්චි උනා. ඒත් හිතේ තිබුන බය නිසා තේරුනත් නොයා ඉන්න මම තීරනය කලා. අනික් හේතුව තමයි මගේ යාලුවාව තේරිලා තිබ්බේ නැති එක. ඉතින් අපි හැමෝම පුරුදු විදිහට අවුරුදු 3ක් ම boarding එකේම නතර උනා.
Campus ජීවිතේ අවසාන අවුරුද්ද ඒ කියන්නෙ මගේ 4 වෙනි අවුරුද්දේ, අපි හැමෝම තීරනය කලා Hostel එකට යන්න. එතකොට ඉන්න ලොකුම අක්කලත් අපි නිසා කිසි අවුලකුත් නෑ. හැබැයි අපි විතරයි දන්නෙ අපි අක්කලා කියලා. Hostel එකට යන්න තිබ්බේ අවසාන අවුරුද්දේ මුල වුනත්, Corona නිසා අපිට Hostel යන්න වුනේම exam එකක් කට උඩ තියාගෙන. එහෙම නොවී මුල ඉදන්ම යන්න තිබුනානම් මිට වඩා මතක එකතු කරගන්නත් තිබුනා.
මේක තමයි අපි Hostel එකට ගිහින් ගත්තු පළවෙනි photo එක. අපේ කාමරය තිබුනේ උඩම තට්ටුවේ. ඒ කියන්නේ 4 වෙනි තට්ටුවේ. ඉඳල හිටලා වගේ හොඳ හුළගක් තිබුනා. හැබැයි පායන දවස් වලට හොඳටම රස්නෙයි. ඒ විදහේ අපහසුතා නොතිබුනත් නෙමෙයි ඉතින්. කොහොම උනත් හරි ලස්සන දවස් ටිකක්. අල්ලපු කාමරවල ලමයි එක්ක ඕප දූප කතා කර කර ඉන්න කදිම බැල්කනිය කාගෙත් ආසම කරපු තැන උනා. මල් කඩන්න එහෙම කියාපු තැන. කාටවත් වදයක් නොදි අහස දිහා බලන් වරු ගනන් call එක්ක එල්ලිලා ඉන්න ළමයි, කෑගහලා කියව කියව පාඩම් කරන ළමයි, අල්ලපු කාමර වල ළමයි එක්ක කයිය ගහන ළමයි, මේ හැමෝගෙම ආසම තැන තමයි ඉතින් බැල්කනිය.
සල්ලිත් නැති ඒ කාලේ Pizza කන්න ආස උනාම අපි කරන්නෙ අල්ල්පු කාමරවල ළමයිවත් අවුස්සලා දෙගොල්ලොම එකතු වෙලා ගේන එක. වගේම තමයි ගෙදර ගිහින් එන අයගෙන් රස රස කෑමත්. මතකේට හොඳම මතකේ තමයි වතුර තව පැයකින් වගේ ඉවරවෙනවා කියලා කියපු දවස. ඒ දවසනම් කවදාවත් අමතක නොවෙන එකක්. හැම කාමරයකම තිබුනු කෝප්ප, බකට්, බේසම් අරන් ළමයි පොලිම් වල. තඩි තඩි බේසෙම් වලට වතුර පුරවන් එහාට මෙහාට දුවපු ලමයි මට තාමත් මැවිලා පේනවා. හොඳම දේ උනේ වතුර පුරවන් වතුර ඉවර වෙනකල් බලන් ඉන්න හැමෝගෙම හිතට දුකක් එකතු කරමින් වතුර පහුවදා වෙන්කලුත් වතුර තිබුන එක.
මේ විදිහට ලස්සන මතක ගොඩක් පිරුනු Hostel එකේ ගොඩක් දවස් ඉන්න නොලැබ්නු එකනම් හරිම දුකක්. ඒ වගේම යන්න උනු හැමවතාවම exam ම තිබුනු එකත් හරිම දුකක්.
මම කැම්පස් එකට ළග නිසා මට hostel හම්බෙන්නෙ නෑ. ඒ නිසා මට මේ අත්දැකීම නෑ. හැබැයි මම දවස් කීපයක් ඉඳලා තියෙනවා. ඇත්තටම hostel එක හරිම සුන්දර තැනක්.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ow aththtama maru. man hitiya boarding eke ha,otama eka mesayak thibbe. hostel eke homata wena wena thyenwane. mara sapai e hinda.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Edanam harima jolly 🤣. balckoney wala idan tibuna batch meeting eka matakada 🤭😂.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
mathakada e dawasa. padam kirilla paththka thiyala homoma wathura adda,. hee hee.. ammo ow neh.. yuddak wage edanam
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Matatth thiyenw lassna hostel mathka. Hostel eke kle hodma wenakota thami corona awe. Itin e sathuta godak kl thibune na . 😅😅 Wathura prshne nm apit hodtm thibuna
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ow ane corona hinda ekath nethi una. harima dukak ekanm
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Meka kiyawala matat tika dawasakata hari hostel eke inna hituna.....
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
oya idala nethida? eka harima winodai. yaluwo hamoma innwane..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
නමුත් මිතුරන් සමඟ ජීවත් වීම ඉතා විනෝදජනකයි. ඔවුන් සමඟ ස්වාධීනව ජීවත් වීමටද අපට ඉගෙන ගත හැකිය.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
yes that's true. We can learn many things also. caring sharing. lot of things.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මම කැම්පස් ගිහින් නැති නිසා මට හොස්ටල් අත්දැකීමක් නම් නෑ. නමුත් ගෙදරින් පිට තනියම ජීවිතේ ගෙවන එක නම් නුපුරුදු දෙයක් නෙමේ. දැන් අවුරුද්දක ඉදන් පකිස්ථානෙට වෙලා course එකක. මේකත් හොස්ටල් අත්දැකීමට පොඩ්ඩක් සමනයි .. 😜😜👍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
man hithanne ekath watinawa. gedrin pita thaniyen jeewath wenna unama igena ganan dewal godai. oyatanam sahenna dewal igena ganan puluwan wenna athi. wena rataka innath nisa.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මේක කියවද්දි පේරාදෙණිය සරසවියේ විජේවර්ධන ශාලාවට හිතින් ගිහින් ආව.. අම්මෝ කොච්චර මතක ගොඩක්ද....
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
math pera wala hostel ekakata gihin thiyenawa. ewanm mara wishalai. matanm eke inna be. baya hithenawa raa weddi.. hee hee..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව් හැබැයි රෑට තනියෙන් වොෂ් රූම් යනකොට කොරිඩෝවෙ ඇවිදිනකොට එහෙම බයයි තමයි...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මම හොස්ටල් එකක ඉඳලම නෑ. මේක කියෙව්වම තවත් ආස හිතුනා ඒ වගේ අත්දැකීමක් ලබන්න. 😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
habei sathutaka wagema epa wena welawaluth thoyenwa. ammala nodaka masa ganan inna wenawa welawkata. kama beema. ehinda e athin oya lucky. hostel inna nolabunu eka
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Mathaka ayeth aluth karapu article ekak.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
thank you.. e mathaka kawadawath katawath amathka nowena ewa bawa danenawa..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
mulin marama baye giyata passe dala enna hithuneth nathi thana thamai hostel eka 🥺💖
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit