ආයෙමත්…. | 5% for SL-Charity

in hive-133716 •  3 years ago 

WhatsApp Image 2022-03-26 at 10.23.41 PM.jpeg

ආයෙමත්. ඔව්. ආයෙමත් වැඩට යන්න පටන් ගන්න කාලයක් උදාවෙලා. හරියටම මාස 4 ට පස්සේ ආයෙමත් මම office එකට ගියා. මේක තමයි මම office එකට ගිය දෙවෙනි වතාව. ගෙදරටම වෙලා ඉදලා ඉදලා එපා වෙලා ඉන්නේ උනත්, අයේම office යන්න වෙනවා කියලා මතක් වෙද්දී අම්මෝ කියල හිතෙන්වා මටනම්. ඔයලටත් එහෙමද?

මෙදා සැරේ ගෙදර ඉදන්ම office යන්න උනා. කලින් වතාවෙනම් අයියාගේ ගෙදර ඉදල ගියේ. ඒ නිසා ලොකු අමාරුවක් දැනුනේ නෑ. නමුත් මේ වතාවෙනම් හිතෙනකොටත් මට මහන්සි වගේ. රටේ තියෙන ප්‍රශ්නත් එන්න එන්නම වැඩි වෙන්වත් එක්කම, කොරොනා කියලා දෙයක් තියෙනවා කියලාවත් කාටවත් දැන් ගානේ ගානක් නැති නිසා සති දෙකකට වතාවක් office එකට එන්න කියලා දැනුම් දීමක් ලැබුනා.

ඉතින්, මම තොරග්ත්තෙ බ්‍රහස්පතින්දා දවස. ඒකට හේතුව තමයි, සිකුරාදා දවස මගේ නිවාඩු දවස නිසා ගමන් මහන්සිය නිවාගන්න පුලුවන් නිසා. ඉතින් පහුගිය සතියේ බ්‍රහස්පතින්දා දවසේ උදේ පාන්දර 3ට ඇහරුනා. ඔක්කොම දේවල් ලැහැස්ති කරගෙන 4.45 බුස් එකට යන්න පිටත් උනා. සෑහෙන කාලෙකින් පාන්දර ඇහැරිලා පුරුද්දක් නැති නිසා ටික වෙලාවක් යද්දී ඔලුව කැරකෙනවා වගේ දැනෙනේන ගත්තා.

කොහොමහරි 6.30 වෙදදී කොටුවට ආවා. 6.50 වෙදදී office එකටත් ගියා. මගේ team එකේ තව කිහිපදෙනෙකුත් ටික වෙලාවක් යද්දී ඔන්න ආවා. කොච්චර මහන්සි උනත් මම හරිම ආසයි office එකේ view එකට. ඈතින් පේන හෝ ගාන පොකුන. මාස ගානකින් තමයි මම දැක්කෙත්. හරිම ලස්සනයි.

WhatsApp Image 2022-03-26 at 10.23.40 PM.jpeg

ඔන්න ඉතින් වේලාව හවස 4.30 ත් උනා. දැන් ඉතින් ආයේම ගෙදර බලා යන ගමන. හවස 5 වෙද්දී කොටුවට යාගන්න පුලුවන් උනා. එත් ඉතින් කෝ යන්න බස්. වෙනදා පැය කාලෙන් කාලට බස් යන පාරේ අද පැය බාගයක් යනකලුත් බස් නෑ. රටකට ගිය කලක්. කොහොමහරි ඔන්න 5.30 ට බස් එකක් ආවා. ඒ ඇවිල්ලත් ගෙදරට එද්දී 9 යි. දැනුනු මහන්සිය නම් කියලා වැඩක් නෑ.

ඒ නිසා ආයමත් කියන වචනෙටනම් මම කැමතිම නෑ…

ඉතින් මේ ගෙවුනු සතියේ ඔයලාග විස්තර මොනවද?

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Dan ratata wela thiyena de nisa corona kiyla ledak thibbada kiylawath minissunta mathaka na.

ගෙදරම ඉදන් වැඩ කරන එක හොදයි කියලා හිතෙනවා ඇති නේද 🏃

ගෙදර ඉඳල එපා වෙනවා. ආයෙම job එකට යනකොට ඒකත් එපා වෙනවා😁

රටකට ගිය කලක්.

ඒ ගැන කතා කරලා වැඩක් නෑ.

කොහොමහරි ඔන්න 5.30 ට බස් එකක් ආවා. ඒ ඇවිල්ලත් ගෙදරට එද්දී 9 යි.

මට නම් ඒක හිතනකොටත් මහන්සියි.