TELCO අපේ අවුරුදු

in hive-133716 •  5 months ago 

WhatsApp Image 2024-04-30 at 8.23.14 PM.jpeg

කෙමෙන් කෙමෙන් අප්‍රේල් මාසයත් ගෙවිලා ගිහින් මාසේ අවසන් දවසත් ඔන්න උදා උනා. නමුත් තවමත් අවුරුදු සමයනම් අවසන් වෙලා නෑ. ඒකට තියෙන හොඳම උදාහරණ තමයි ඉතින් හැමතැනම තවමත් දකින්න තියෙන අවුරුදු උත්සව. ගම් වල, නොයෙක් නොයෙක් සමිති සමාගම් වල, ආයතන වලත් තවමත් අවුරුදු උත්සව පවත්වන එකනම් අවසන් වෙලා නෑ. ඔන්න ඉතින් මම අද අපේ යාලුවො එක්ක බෙදාගන්න හදන්නෙත් අවුරුදු උත්සවයක් ගැන තමයි.

ඉතින් මේ අවුරුදු උත්සවය සoවිධානය කලේ මම සේවය කරන පෞද්ගලික ආයතනයෙන්. TELCO කියන්නේ අපේ කණ්ඩායමේ නම. ඉතින් අපි මේ අවුරුදු උත්සවයේ නමට TELCO අවුරුදු ’24 කියලා නමකුත් යොදා ගත්තා. කණ්ඩායමේ වැඩි පිරිසකට එන්න පුලුවන් උනු දිනය අප්‍රේල් 27 නිසා අපි ඒ දිනය යොදාගත්තා.

මීලග ප්‍රධාන දේ උනේ අවුරුදු උත්සවය පවත්වන්න සුදුසු ස්ථානයක්. හැම දෙනාටම පහසු ස්ථානයක් විදිහට අපි Watergate Bolgoda තොරගන්න තීරණය කලා. මේ ස්ථානයම තෝරග්න්න හේතු කිහිපයක් තිබුනා. පලවෙනි කාරනාව තමයි හොඳ එලිමහන් ඉඩකඩ තිබීම. අනික් කාරනා තමයි, දිවා ආහාර වියදම් සහ අනෙකුත් පහසුකම්. ඉතින් අපි හොයලා බැලුව කාරනා හැමදේම හොදින් තිබුනු නිසා අපි මේ ස්ථානයක් අපේ වැඩේට යොදාගත්තා.

WhatsApp Image 2024-04-30 at 8.22.19 PM.jpeg

ඉතින් අවුරුදු ක්‍රීඩා පටන් ගන්න කලින් අපි මුලින්මකලේ කිරි ඉතිරීමේ චාරිත්‍රය. අවශ්‍යකරන ලිප, මුට්ටි, දර සහ කිරි අපි අරගෙන ආවා. කණ්ඩායමේ හැමෝම වටකරගෙන ඉතින් අපි ඒ වැඩේ ලස්සන්ටම කලා. ඉතින් මීලගට තිබුනේ අවුරුදු කැවිලි මේසය. කිරිබත්, ලුනු මිරිස් සහ තේ අපි හෝටලයෙන්ම ගන්න තිරනය කරලා තිබුනු නිසා අපිට අරන් එන්න තිබුනේ අවශ්‍ය කැවිලි වර්ග පමනයි. ඉතින් අපි ලස්සන කැවිලි මේසෙකින් අපේ උදේ ආහරයත් අරගෙන මිලගට කලේ හැමෝම බලගෙන හිටිය අවුරුදු ක්‍රීඩා පටන් ගන්න.


WhatsApp Image 2024-04-30 at 8.22.40 PM.jpeg

අවුරුදු ක්‍රීඩා විදිහට අපි ක්‍රීඩා 7,8 ක් කරන්න අවශ්‍ය දේවල් අරගෙන අවිත් තිබුනේ. හැන්ද මත දෙහි ගෙඩිය තියන් යෑම, කඹ ඇදීම, කානාමුට්ටියට ගැසීම, බැලුම් පිපිරවීම බනිස් කෑම සහ පිටිවල කාසි සෙවීම අපි තනි තරගයක් විදිහට පැවැත්තුවා. මිට් අමතරව පැනි බඹරය, සoගීත තොප්පි තරගය සහ අවුරුදු කුමරිය සහ කුමරා තේරීමත් කලා. ඇත්තටම අපි හැමෝම ගොඩක් සතුටු උනා. අයේමත් පුoචි කාලයට ගියා වගේ හැගීමක් තමයි අපි හැමෝටම ආවේ.

WhatsApp Image 2024-04-30 at 8.24.57 PM.jpeg

WhatsApp Image 2024-04-30 at 8.25.33 PM.jpeg

ඉතින් අවුරුදු ක්‍රීඩා වලින් පස්සේ අපි දිවා ආහාර අරගෙන පොඩි විවේකයක් ගත්තා. කෑම බීම ගැන කියන්වානම් මෙතන කෑම බීම ඇත්තටම පුදුම රසක් තිබුනේ. හෝටල් කාර්‍යණ්ඩලයත් හොඳ සහයෝගයක් අපිට ලබා දුන්න නිසා අපේ වැඩේ ලස්ස්නට කරන්න අපිට හැකියාව ලැබුනා. තරග වලින් ජයග්‍රහණය කල අයට අපි පුoචි පුoචි තෑගිත් දුන්නා. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපේ මේ පුoචි අවුරුදු උත්සවය අවසන් උනේ.


ඉතින් ආයෙත් අලුත් කතාවකින් හමුවෙමු.


Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

මේ පාර කිසිම අවුරුදු උත්සවයකට සහභාගි වෙන්න බැරි උන මම 🙂

next time try ekak denna

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @janakee,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community