කොරෝනා නිසා ගෙදරට වෙලා හරිම ඒකාකාරී විදියට ඉන්නකොට අපිට වගේම අපේ මොලෙත් හැමතිස්සෙම වෙනසක් හොයනව. මම ඔරිගාමි කලාව ඉගෙනගන්න පටන් ගත්තෙත් එහෙමයි. ඇදට වෙලා Youtube එකේ උඩ පහල යනකොට නිකමට Origami tutorial එකක් දැක්ක. වැඩේ එච්චර අමාරුත් නෑ වගෙ.
මම ආසම චරිතයක් තමයි Prison Break කතා මාලාවෙ Michael Scofield. ඉතින් මටත් මුලින්ම ඕන කලේ එයා හදනව වගේ හංසයෙක් හදන්න.
වීඩියෝ බලාගෙන යද්දි මම දැක්ක ලස්සන හංසයෙක් හදන විදිය තියනව. ඒක නම් ටිකක් සංකීර්ණ වැඩියි වගේ පලවෙනි උත්සාහයට. ඕන එකක් වෙන්න කියල මමත් පටන් ගත්ත ඒකෙන්ම. ඉතාම පරිස්සමෙන් පියවරෙන් පියවර කරගෙන ගියා. නැවුමක් වැරදුනොත් ඒක සමහරවිට මුළු නිර්මාණයටම බලපාන්න පුළුවන්.
අන්තිමට කොහොමහරි හදල ඉවර කලා. ඒක හරි අපූරුවට ආවා. තව රූප කීපයක් හදන්න මම වීඩියෝ save කරගත්ත. ඇත්තටම සැලකිය යුතු කාලයක් යනව ඒකට. Origami කියන නම නැතුවට අපි පොඩි කාලෙ රොකට්, බෝට්ටු හදල සෙල්ලම් කලානෙ. හරියට බැලුවම ඒවත් origami තමයි.
Origami කියන්නෙ ඉතාම රසවත් කලාවක්. ළමයින්ට කුඩාකල සිටම මෙම කලාව ඉගෙනගැනීමෙන් ඉවසීම, නිර්මාණශීලී හැකියාව, පිලිවෙලට වැඩකිරීම, තරහ පාලනය සහ ඒකාග්‍රතාව වැඩිවෙන බව පරීක්ෂණ මගින් හොයාගෙන තියනව. මම දැකල තියනව ඇතැම් හිරගෙවල්වල සිරකරුවන්ට පවා මෙම කලාව උගන්වනව.
මම කුතුහලය නිසාම origami කලාවෙ ඉතිහාසය ගැනත් පොඩ්ඩක් හොයල බැලුව. Origami කියන්නෙ ජපන් වචනයක්. එය orikata යන වචනයෙන් බිදී ආ වචනයක්. එහි තේරුම නවන ලද හැඩතල (folded shapes) යන්නයි. ජපන් භික්ෂූන් විවිධ ආගමික කටයුතු සදහා origami නිර්මාණ යොදාගත් බව පැවසෙනව. තවත් එක් වෙනස් මතයකුත් මේ අතර තියනව. මුලින්ම කඩදාසි සොයා ගත්තෙ චීන ජාතිකයන් නිසා origami යන වචනයෙන් නැති උනත් කඩදාසි නැමීමේ කලාවේ උපත චීනයේ සිදු වූ බව එම මතයයි.
කෙසේ වෙතත් කඩදාසිය ඉරීමකින් තොරව සිදුකරන මෙම origami නිර්මාණ කාලයෙන් කාලයට වර්ධනය වෙලා ඉතාමත් ලස්සන කලාවක් බවට පත් වෙලා තියනව. ඒ වගේම මෙම කලාව ඕන කෙනෙක්ට ඉගෙනගන්නත් දැන් හරිම ලේසියි. මම ආරාධනා කරනව හැමෝටම, මේක ඉගෙනගත යුතුම කලාවක් කියල.
හිත එකතැනක තියගන්න ඕනි නම් කරන්න ඕනී වැඩක්...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒවගේම තමයි මුල සිට අවසානය වෙනකන් අවධානයෙන් කරගෙන යන්නත් ඕන. මැදින් නවත්තල ආපහු පටන් ගන්න එක සාර්ථක නෑ
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඇත්තටම හොඳයි.අපිටත් සමහර වෙලාවට කාර්යබහුලකම වැඩිකම නිසාම තරහව එනවා.මේ දේ ඉගෙන ගත්ත නම් වටිනවා කියලත් හිතෙනවා.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මටත් ටිකක් ඒ ප්‍රශ්නය තිබ්බ, මේක හොද ප්‍රතිකාරයක් වේවි.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ekath honda wedak thamai neda. mama boat ekak hadannai kaakkek hadannai witharai danne. thwa ballek hadanath dnnwa
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඇයි රොකට්? මේ කලාව හොදටම ප්‍රගුණ කළ අයට ඕනම නිර්මාණයක් කරන්න පුලුවන් තත්ත්වෙටම එන්න පුළුවන්
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඉවසීම පුරුදු කරන්න මේක ඇත්තටම හොඳ ක්‍රමයක්
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව්, ඒ වගේම හිත එකඟ කරගන්නත්..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මාත් එකපාරක් pencil holder එකක් හැදුවා. ඒක දැකලා මල්ලිටත් ඕනි උනා. මගේ එක නම් දැන් නෑ . මල්ලිගේ එක නම් තාම තියෙනවා.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ගොඩක් ප්‍රයෝජනවත්. ටිකක් හයියටත් තියනව වගේ..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit