ඔයා කවදම හරි දවසක කාටහරි ලස්සන රෝස මල් පොකුරක් තෑගි දීලා තියෙනවා ද? නැත්නම් ඔයාට කවදම හරි ලස්සනම ලස්සන දවසක කවුරුහරි කෙනෙකුගෙන් ලස්සනම ලස්සන රෝස මල් පොකුරක් ලැබිලා තියෙනවා ද? හරියටම කිවුවොත් ලස්නම ලස්සන රතු රෝස මලක්...? රතු රෝස මල් පොකුරක්...? ඔයා දන්නවාද ඒ මල් පොකුරෙ තියෙන මල් ගණනෙන් හැංගිලා කියවෙන ආදරණීය පණිවිඩය කියවන්න?
එන්න, දම්පාට වළාකුළු පිරුණු ආදරණීය අහසෙන් වැටෙන මල් වැස්ස මැද මගෙත් එක්ක පළමු වතාවට ඇවිදගෙන යන්න...🥰
රෝස මලට තමයි “මල් ලෝකෙ රැජිණ" කියන්නෙ. අපි දන්නවා වගේම රතු රෝස මල ආදරය විතරක් නෙවෙයි ලස්සන, රැකවරණය මේ ලස්සන හැගීමුත් සංකේතවත් කරනවා. හැබැයි අපි වැඩියෙ නොදන්නවා වුණත් රතු රෝස මල් පොකුරක තියෙන මල් ගණන තවත් ආදරණීය හැගීම් ගණනාවක් හරි අපූරුවට නිරූපණය කරනවා.
තනි රෝස මල
ඔයාට කෙනෙක් තනි රෝස මලක් දුන්නොත් ඒ තමයි අළුත් ගමනක ආරම්භය. ඒ වගේම හරියට “දැක්ක ගමන් හිත බැදුණා - වාසනාවෙ මල් පිපුණා" කියනවා වගේ දැක්ක ගමන් හිත බැදුණු වගේම පාරිශුද්ධ ආදරයක් තනි රෝස මලෙන් කියවෙනවා.
රෝස මල් දෙක
රෝස මල් දෙකකින් යුවළක් අතර තියෙන දැඩි ආත්මීය බැදීම, එකමුතු බව අන්‍යෝන්‍ය ආදරය සහ රැකවරණය සංකේතවත් වෙනවා.
රෝස මල් තුන
රෝස මල් තුනක රෝස මල් පොකුරකින් “මම ඔයාට ආදරෙයි" කියන වචන තුන ගැඹුරින් හා ස්ථිරව කියවෙනවා. ඒ වගේම එමගින් අතීතය, වර්තමානය හා අනාගතය යන ත්රෛකාලයම නියෝජනය වෙන නිසා සදාතනික ආදරණීය බැදීමක් නිරෑපණය වෙනවා.
රෝස මල් හය
රෝස මල් හයක් නම් දෙන්න ඕන ආදරේ පටන් ගන්න හදන මුල්ම කාලෙදි. ඒ ඇයි කීවොත්, රෝස මල් හයකින් හරියටම කියවෙන්නේ “මට ඔයාගෙ වෙන්න ඕනි" කියන හරි ලස්සන හැගීම.
රෝස මල් දොළහ
රෝස මල් දුසිමක් ඔයාට කවුරුහරි දුන්නොත් ඒකෙන් කියන්නෙ එයාගෙ හිතේ අංග සම්පූර්ණ ආදරයක් ඔයා ගැන තියෙනවා කියන එක. හරියටම “ඔයා මගේ වෙන්න" කියලා නිහඩව කියනවා රෝස මල් දුසිමක පොකුරකින්.
රෝස මල් විසි හතර
රෝස මල් විසි හතරකින් කියවෙන්නේ “ගෙවෙන හැම තත්පරේකම, පැය විසි හතරෙම ඔයා මගේ හිතේ ඉන්නවා" කියන ආදරණීය හැගීම.
රෝස මල් තිස් හය
රෝස මල් තිස් හයකින් කියවෙන්නෙ “ඔයා මගෙ ළග හිටිය හැම මොහොතක්ම මට වටිනවා" කියන හැගීම. ඒ නිසා රෝස මල් තිස් හයක් තෑගි දෙන්න හොදම මොහොත තමයි දෙදෙනෙකුගෙ ජීවිතයේ වැදගත්ම සන්ධි ස්ථානයක්.
රෝස මල් පනහ
රෝස මල් පනහක මල් පොකුරකින් කියවෙන්නේ සීමා මායිම් රහිත අසීමාන්තික ආදරයක් ගැනයි.
රෝස මල් සියය
රෝස මල් සියයක මල් පොකුරක්... ලැබුණොතින් ඔයාට මොනවා හිතෙයිද? රෝස මල් සියයක මල් පොකුරකින් කියවෙන්නෙ කෙනෙක් තව කෙනෙක් එක්ක ජීවිතයේ අවසන් හුස්ම දක්වාම ජීවිතය බෙදාගන්න කැමතියි කියන එක... හරියටම කීවොත් “මගේ ජීවිතයේ අන්තිම හුස්ම වෙනකල් මම ඔයා ළග ඉන්නවා" කියන හරි ලස්සන හැගීම නිහඩවම රෝස මල් සියයක මල් පොකුරකින් කියවෙනවා.
ඉතින්... අපි මේ ලිපිය පුරාවටම රෝස මල් ගැනත් ඒ එක්කම ආදරේ ගැනත් හරිහරියට කතා කළා... ආදරේ කියන්නෙත් හරි ලස්සන හැගීමක්, රෝස මල තරමටම... හැබැයි ආත්මාර්ථයෙන් තොර අවංක ආදරණීය හැගීමක් වන තරමටයි ආදරේ නමින් කදුළු නොදකින සිනා විතරක්ම දකින ජීවිතවල හද ගැස්ම ලස්සන වෙන්නෙ...💕
ඔයාලා මේ ආදරණීය දම්පාට වැහි බිංදු හිත පුරා රිසි සේ විදගන්න ඇති කියලා මම විශ්වාස කරනවා...💜 ආයෙත් දවසක ඉක්මනින්ම දම් පාට වැහි බිංදු අහුරක් ගෙනෙන තුරු ඔබට ආදරණීය ජීවිතයක් වේවා!...❤️
ඒක දැන ගනිපු එක හරිම වටිනවා🤭
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
🤭❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit