හුදෙ "කලාව" - 5% For SL Charity

in hive-133716 •  3 years ago 

අද කතා කරන්න යන්නෙ කලාව අස්සෙ අතරමං වෙන "හුදෙකලාව" ගැන.

Wall art 1.jpg

"හුදෙකලාව" බලන්න, ඒ වචනෙ ඇතුලෙම තියෙනවා ඒක නැති කර ගන්න පුලුවන් ක්‍රමයක්. 😌 හුදෙකලාව තදටම දැනෙන සමහර වෙලාවට වචනයෙන් කියා ගන්න තේරෙන්නෙ නැති වේදනාවක් වගේ දෙයක් දැනෙනවා. මන් දකින විදියට නම් කලාව කියන pain killer තමයි ඒකට හොඳම බෙහෙත.. 😇

"කලාව" කියන්නෙ චිත්‍ර අඳින එකම විතරක් නෙමේ. කලාව කියන්නෙ හරියට මුහුඳක් වගේ.. මුහුඳ කියපු ගමන් අපිට මතක් වෙන්නෙ වෙරලෙ ඉඳන් ක්ෂිතිජය වෙනකන් අපේ ඇහැට පේන පොඩි පරාසය විතරයි. ඇත්තටම මුහුඳ අපිට පේන ප්‍රමාණයටත් වඩා අති විශාලයි. හරිම නිසලයි. ඒ වගේම හුඟක් ගැඹුරුයි. කලාවත් හරියට ඒ වගේ නිසලයි, දැවෙන හිත් නිවන්න පුලුවන් භාවනාවක් වගේ. පේනවට වඩා හරිම ගැඹුරුයි. මතුපිටින් දැක්කට ගැඹුර දැනෙන්නෙ නෑ ඒ තුලට කිමිදිලාම බලන්න ඕන.

Wall art 2.jpg

අපි සතුටින් ඉන්න වෙලාවට අපි ගීතයක හොයන්නෙ තාල රසය විතරයි. ඒත් දුකක් දැනුන හුදෙකලා උන වෙලාවක නිකමට සිංදුවක් අහලා බලන්න. ඒ වෙලාවට අපි හොයන්නෙ ගීතයේ තාල රසයම නෙමෙයි. ඒ වෙලාවට තමයි ගීතයේ නියම තේරුම හදවතටම දැනෙන්නෙ. බොරු නම් කරලා බලන්න.. දුකක් දැනිලා හිත නොසන්සුන් උන වෙලාවට තේරුමක් තියෙන slow motion සිංදුවක් ඇස් දෙක පියාගෙන අහලා බලන්න.. මොනවද දැනෙන්නෙ?
💜💜💜

20200516_205159.jpg

සිංදු අහගෙන ඉන්න එක boring කියලා හිතෙන කෙනෙක්ට තමන්ගෙ හුදෙකලාව, තනිකම නැතිකර ගන්න සිංදුවක් දාගෙන ඇති වෙනකම් dance කරන්නත් පුලුවන්.නැත්තම් චිත්‍ර අඳින්නත් පුලුවන්. එක එක්කෙනාගෙ flavors වෙනස්නෙ කොහොමත්. 😌 ඒකට නර්තන ශිල්පියෙක්, චිත්‍ර ශිල්පියෙක් වෙන්නම ඕනි නෑ. මන් කියල දෙන්නම් කරන්නෙ කොහොමද කියලා. ඇත්තටම මන් නම් පොඩ්ඩක්වත් කැමති නෑ මගේ ප්‍රශ්නයක් කාටවත් කියලා කාගෙවත් අනුකම්පාවක් දිනා ගන්න.

ළඟම කෙනෙක්ට තමන්ගෙ ප්‍රශ්න කිව්වම හිත සැහැල්ලු වෙනවලු. ඒත් එහෙම කරාම ලැබෙන අනුකම්පාව හරිම අපහසුතාවයක් මට නම්. ඒක තනියෙන්ම දරාගෙන ඉන්න තමයි මන් කැමති. ගන්න පොතක්, පෑනක් හරි පැන්සලක් හරි. පොතේ වෙනම පිටුවක් අරන් අඳින්න චිත්‍රයක්.

20200802_075945.jpg

ඒක සමහරවිට කිසිම කලාත්මක බවක් නැති කුරුටු බලියක් වෙන්නත් පුලුවන්. 🙊 ඒක ප්‍රශ්නයක් නෑ. මොකද කාටවත් පෙන්නන්න අඳින එකක් නෙමේනෙ. තමන්ගෙ හිතේ තියෙන ඒ කාටවත් කියා ගන්න බැරි වේදනාව,දුක ඒ අඳින රේඛා මගින් චිත්‍රෙට ඇතුලු කරනවා කියලා හිතාගෙන අඳින්න. හිතෙන් දුක නැති වෙලා යනකන් ම අඳින්න. ඊට පස්සෙ හිතන්න මෙච්චර වෙලා හිතේ තිබුණු දුක,දැන් පොඩ්ඩක්වත් ඔයාගෙ ළඟ නෑ, ඔක්කොම චිත්‍රෙ ඇතුලෙ හංගලා තියෙන්නෙ. බැලූ බැල්මට වෙන කෙනෙක්ට නම් ඒක සාමාන්‍ය චිත්‍රයක්, බලියක් විතරයි. ඒත් ඒ චිත්‍රෙ ඇතුලෙ හංගලා තියෙන දේවල් දන්නෙ ඔයාම විතරයි. ඒක දුකක්,ප්‍රශ්නයක්,අමතක කරන්න බැරි මතකයක්, සතුටක් වේදනාවක් වගේ ඕනම දෙයක් වෙන්න පුලුවන්.

20200128_152050.jpg

මන් මේ කියන විදියට ඇන්දොත් ඒක කවද හරි දවසක ඔයාම විතරක් දන්න ලස්සන මතක පොතකුත් වෙයි. 😇 මේක නිකම් අහන් ඉද්දි විකාරයක් වගේ ඇති. එකම එක පාරක් ට්‍රයි කරල බලන්න. හිතට ලොකු සැහැල්ලුවක් දැනෙයි.

හුදෙකලාව කවද හරි දැනිලා තියෙනවද?කාත් කවුරුත් නැති වෙලාවට වගේම මිනිස්සු හුඟක් අතර ඉන්න වෙලාවටත් මේ දේ දැනෙනවා. මට නම් මේ දෙකම දැනිලා තියෙනවා. 😇 මෙතනදි දෙවනියට කියපු මිනිස්සු හුඟක් ඉන්න තැනකදිත් හිත හුදෙකලා උනාම හරිම අසරණ හැඟීමක් දැනෙන්නෙ. ඒක හදවතට දැනෙනවා වැඩියි. මන් මුලින්ම ජොබ් එකකට ගියපු දවසේ අන්න ඒ හැඟීම දැනුනා මටත්. පැයෙන් පැයට විතර වොශ් රූම් එකට ගිහින් ඇඬුවා මතකයි. 🙊 ඒත් කවුරුත් දන්නෙත් නෑ කාටවත් කිව්වෙත් නෑ. අනිත් අයට පේන්න හිනා වෙලා හිටියා දවසෙම. ඒත් ඒ background එකට ටිකෙන් ටික හුරු වෙද්දි හුදෙකලා බව පාවෙලාම ගියා. ජීවත් වෙනවා කියලා දැනුනා 😌💜

එක එක මිනිස්සු තමන්ගෙ දුක, සතුට දරා ගන්නෙ එක එක විදියට... ඒ වගේම දරාගැනීමෙ ශක්තියත් එක එක මට්ටම් වල තියෙන්නෙ. ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි කියනවනෙ. 😌හුදෙකලාවක් දැනුන වෙලාවට මන් කියපු දේවල් try කරලා බලන්න. හිතට සැහැල්ලුවක් දැනෙයි.

ස්තුතියි ❤️

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Art is a place where you can express your sorrows and joys.If everyone tries to alleviate the sadness of art, a lot of possible destruction will stop.

I'm totally agree with you 😇. Art is a painkiller !!! It can cure our all of pains..

ත් දුකක් දැනුන හුදෙකලා උන වෙලාවක නිකමට සිංදුවක් අහලා බලන්න. ඒ වෙලාවට අපි හොයන්නෙ ගීතයේ තාල රසයම නෙමෙයි. ඒ වෙලාවට තමයි ගීතයේ නියම තේරුම හදවතටම දැනෙන්නෙ. බොරු නම් කරලා බලන්න.. දුකක් දැනිලා හිත නොසන්සුන් උන වෙලාවට තේරුමක් තියෙන slow motion සිංදුවක් ඇස් දෙක පියාගෙන අහලා බලන්න..

meka nam aththa. a welawata danena deyak thamai me sinduwa nam matama galapenwa kiyana eka. hethuwath athuwath nathuwath.

පැයෙන් පැයට විතර වොශ් රූම් එකට ගිහින් ඇඬුවා මතකයි. 🙊 ඒත් කවුරුත් දන්නෙත් නෑ කාටවත් කිව්වෙත් නෑ.

math mehema karala thiynwa. internship eke mun masa kipayak. mata kranna kiwwa kisi deyak therune na. kiya dena kena hitiyeth na nithara. mata washroom eke thani unama hithata puduma sanasimak danune. eduwe na a unata hithen aduwa

පිටසක්වල ලෝකෙකට ගොඩ බැස්සා වගේ හැඟීමක් දැනුනෙ. ගොඩක් අය කියල දෙන්නෙ අපි කලින් දැනන් ඉඳපු දෙයක් මතක් කරල දෙන ටයිප් එකෙන්. මෙලෝ සංසාරයක් තේරෙන්නෑ . අලුතින් ජොබ් එකකට ගියාම ඒ අත්දැකීම හැමෝටම වගේ ලැබිලා ඇති.

කාත් කවුරුත් නැති වෙලාවට වගේම මිනිස්සු හුඟක් අතර ඉන්න වෙලාවටත් මේ දේ දැනෙනවා. මට නම් මේ දෙකම දැනිලා තියෙනවා. 😇 මෙතනදි දෙවනියට කියපු මිනිස්සු හුඟක් ඉන්න තැනකදිත් හිත හුදෙකලා උනාම හරිම අසරණ හැඟීමක් දැනෙන්නෙ. ඒක හදවතට දැනෙනවා වැඩියි.

මමත් හුඟක් අත්විඳලා තියෙන දෙයක් මේක. කවුරුත්ම නැති වෙලාවක දැනෙන තනි කමට වඩා මිනිස්සු ගොඩක් ඉන්න තැනක දැනෙන තනිකම දරාගන්න හරිම අමාරුයි .

ඇත්තටම කලාව කියන්නේ ජීවිතය වෙනස් කරන දෙයක් . ❤

ඔව්. හැම අත්දැකීමක්ම ජීවිතේට පාඩමක් කියල දෙනවා. ඒ අත්දැකීම් තමයි අපිව ශක්තිමත් කරන්නෙ.

ඒ වගේම "කලාව" කියන්නෙත් දිව්‍ය ඔසුවක් 😇❤️

දුකක් දැනිලා හිත නොසන්සුන් උන වෙලාවට තේරුමක් තියෙන slow motion සිංදුවක් ඇස් දෙක පියාගෙන අහලා බලන්න..

ඒ වගේ වෙලාවට වෙනදට නොදැනුන දෙයක් ඒ සිංදුවෙන් දකින්න පුලුවන් . සමහර විට හිතේ වේදනාව වැඩි වෙනත් පුලුවන් .

ඇත්ත 😇 සමහර වෙලාවට ඇහෙන සිංදු අදාළ අවස්ථාවට ගොඩක් සමීපයි වගේ දැනෙනවා. හරියට නිකම් අපිටම කියනවා වගේ.

math try karala balannona chithrayak andinna

Try karamu ehenam 😍😇

කලාව කියන pain killer තමයි ඒකට හොඳම බෙහෙත.. 😇

අනිවාර්යයෙන්ම. කලාව මේ ලෝකෙට බිහිවෙන්නෙත් මිනිසුන්ට වේදනාව, තනිකම දැනුණු වෙලවක තමයි.

ඔව් ඒ වේදනාව, තනිකම තමයි විශිෂ්ඨ කලා නිර්මාණ වලට පාර කියන්නෙ. 😇❤️

මිනිස්සු හුඟක් ඉන්න තැනකදිත් හිත හුදෙකලා උනාම හරිම අසරණ හැඟීමක් දැනෙන්නෙ. ඒක හදවතට දැනෙනවා වැඩියි.

ඒක ඇත්ත. කොච්චර සතුටු හිතෙන දේවල් වටේට තිබුණත් මං තනිවෙලා කියල දැනුනම ඒ දේවල් පේන්නැතුව යනව.

ඒක නම් ඇත්තම ඇත්තක් තමයි. කොච්චර සතුටු හිතෙන දේවල් තිබුණත් තනි උනාම ඒ කිසි දෙයක් පේන්නෙ නෑ. 😐💔

දුක හිතුන, හුදකලා වුන අවස්තා වලට වඩා හොදටම කෙන්ති ගිය අවස්තාවල කොලයක් අරන් පැන්සලෙන් කොලේ පිරෙන්න කුරුටු ගාපු අවස්තාවල් තියෙනවා මට 🤣 ඉස්කෝලේ කාලේ, HND යන කාලේ වගේ.... කුරුටු ගාලා ඉවර වුණාම මාර සහනයක් දැනෙන්නේ.. තරහත් නැති වෙලා.... දැන් නම් කේන්ති ගියාම ඉක්මනට කන්ට්‍රෝල් වෙන්න පුළුවන් ... ඒ නිසා කුරුටු ගාන්නේ නෑ . පෑනට , පැන්සලට , කොලේකට පුළුවන් ලොකු දෙයක් කරන්න.... ❤️

තරහ ගියාම බලි කුරුටු අඳින වැඩේ මමත් කරනවා. වැඩියෙන්ම තරහ ගියාම මන් කරන්නෙ කාත් එක්කවත් කතා නොකර ඉන්න එක. 🙊 ඊට පස්සෙ ඉතින් ටික වෙලාවක් යද්දි තරහ නැති වෙලා යනවා.

ඔව්නෙ අදුරන කිසිම කෙනෙක් නැතුව තනියම එතන ඉන්න උනාම , තනියම කාගෙවත් උදව්වක්, කතාවක්වත් නැතුව අපේ වැඩ ටික කරගන්න උනාම ඒක තදින්ම දැනෙනව 😐

ඔව්. ඒ වෙලාවට දැනෙන හැඟීම වචන වලින් විස්තර කරන්නත් බෑ වගේ. 😐💔

ඇත්තටම මුහුඳ අපිට පේන ප්‍රමාණයටත් වඩා අති විශාලයි. හරිම නිසලයි. ඒ වගේම හුඟක් ගැඹුරුයි. කලාවත් හරියට ඒ වගේ නිසලයි, දැවෙන හිත් නිවන්න පුලුවන් භාවනාවක් වගේ.

ඒක නම් ඇත්ත. හරිම නිසලයි. 😚😚

ඒ ටික එඩිට් කරන්න ඕන ආයිත් 🙄

eka eka minissu eyalage duka sathuta react karna widihath harima wenas.

ඔව්. ඒ වගේම මිනිස්සු එක්කෙනාගෙන් එක්කෙනාට දරා ගැනීමේ මට්ටමත් වෙනස්නෙ. 😇 ඒ දේවල් මවලා විදිහ නම් හරිම පුදුමයි.

චිත්‍රයක් අඳින්න ට්‍රයි කරලා බලන්න ඕන​ 🙊. හුදෙකලා වෙලා කියලා හිතුනම හොඳම යාලුවෙක්ට මැසේජ් එකක් දාන්නත් පුලුවන් ඕන නම් 😁.

සෙනිකව රිප්ලයි එකක් එන කෙනෙක් වෙන්නත් ඕනි යාලුවා 😬

එකඟායි 😁🙏

Quarantined ටිකේ මගේ දුක අහපු නම්කිලා දෙන්නා @sandu @rasinkani ඔයාලනෙ ඉතිම් .😁😇❤️🤘

නිදාගන්නයි කන්නයි කියලම එපා වුණා. 😏😏😏😏

ආදරෙයි ඉතිම් 🙊❤️

කියන දෙයක් අහන්නෙ නෑනෙ.

ඔව් මෙන්න මෙයා 👉 @sandu කියන දේ අහන්නෑලු නෙහ් 😁. මං හොඳ ළමයෙක් 😇🤘

මං ගැන නේද ඔයා කිව්වේ. ඒ වගේ ආදරයක්🤤🤤🤤

ඔයා කවුද​? මම ඔයාව දන්නවද​?

ඔව් ඔව් ඔයා ගැන තමයි කිව්වෙ 🙊

@mayu95 චිත්‍ර අඳින්න අමාරුයි කියල හිතෙන නිසා හුදකලා වුණ හැම වතාවෙම පෑනක් අරන් කවියක්, නිසදෙසක් ලියන්න පුරුදු වෙලා. ඔයා ගොඩක් දක්ෂයි ..❤️❤️

ඒකත් හොඳ ක්‍රමයක් ! 😇❤️ මමත් ආසයි නිසදැස් කියවන්න. 😍 ඒත් ඒවා ලියන්න දන්නෙ නෑ.
Thank you so much dear !!!

ළඟම කෙනෙක්ට තමන්ගෙ ප්‍රශ්න කිව්වම හිත සැහැල්ලු වෙනවලු. ඒත් එහෙම කරාම ලැබෙන අනුකම්පාව හරිම අපහසුතාවයක් මට නම්

eka nm atta. eth mn kohe hangannada duka mt adila iwaray mulinma 😅😅

ඒක නම් මටත් වෙනවා 🙊 ඇයි අඬන්නෙ කියලා ඇහුවම තව ටිකක් හයියෙන් ඇඬෙනවා. කතා කර ගන්නත් බෑ. 😂✋

True. Sensitive people share their lives with art.

I'm totally agree with you..😇✋

Shaaaa මේවා මාර ලස්සනයි අක්කෙ..😍😍😍 මට අදින්න පුලුවන් උනාට පාට කරන්න බෑ ලස්සනට🙊😞😞 ඉගෙන ගන්න් ඔනි ටික ටික....🤩🤩🤩

Thank you malli 😍
පාට කරන්නත් ඉගෙන ගනිමු ටික ටික. උදව් කරන්නම් මමත් පුලුවන් විදිහට. බෑ කියලා දෙයක් නෑලු..! 🙊😇