සුබ දවසක් යාලුවනේ. හිතට වැදුනු කතාවක් ඔයාල එක්ක බෙදා ගන්න හිතුනා..
මේක මනුස්සකම නැත්නම් මනුශ්‍යත්වය ගැන. අද කාලේ ගත්තම ඉස්සරට වඩා මනුස්සකම මිනිස්සු අතින් පිරිහිල කියල කියනවා.සමහර වෙලාවට අපිටත් හිතෙනවා මනුස්සකමක් දැන් මිනිස්සුන්ගෙ හිත් වල තියෙනවද කියල.මනුස්සකම කියන්නෙ උතුම් දෙයක් . ලෝකෙ රැදිල තියෙන්නෙ මනුස්සකම නිසා කියල කියන්නෙ.අපි ලග දැන් නෑ කියන මේ මනුස්සකම ගැන කතාවක් මේ ලගදි අහන්න ලැබුනා.මේක ලංකාවෙ සිදු වුන සත්‍ය සිදු වීමක් කියල අහන්න ලැබුනා.මේ කතාව නම් ඇස් වලට නොවරදවාම කදුලු ගේන කතාවක්.
එක තරුණයෙක් එයාගෙ ගම් පලාතෙන් ටිකක් ඈතට වෙන්න ගමනක් යනවා..ලංකාවෙ ප්‍රධාන මාර්ගයක මේ සිදුවීම වෙන්නෙ. මේ තරුණයා එක්තරා තැනක දකිනවා බෝඩ් එකක් ගහල තියෙනවා මෙහෙම
බිම වැටිලා රුපියල් පනහක් අහුලා ගත්ත කෙනෙක් මේ පාරේ ඇස් පේන්නෙ නැති අත්තම්මා කෙනෙක් ඉන්නවා.එයාට ගිහින් දෙන්න කියල පාරත් කියල තිබුනලු.තරුණයට හිතුනලු රුපියල් පනහක් වගේ පොඩි මුදලකට මෙහෙම දාන්න කොයි තරම් ඒ අත්තම්මා කොච්චර අසරන ඇතිද කියලා.
මෙයා ඉතින් ලොකු මුදලක් නෙවෙයි නිසා රුපියක් පනහක් අරන් අර අත්තම්මාගෙ ගේ හොයාගෙන ගියා.යනකොට ගරා වැටුන අටව ගත්ත ගෙයක් වගේ එකක ඒ අත්තම්මා ඉස්සරහට වෙලා ඉන්නවලු.මෙයා ලගට ගිහින් අත්තම්මෙ මේ මම ඔයාගෙ නැති වුන රුපියල් පනහ ඇහින්දා .මෙන්න ඒක කියලා රුපියල් පනහත් දුන්නලු.
ඒ අත්තම්මා කිව්වලු අනේ පුතේ ඒ බෝඩ් එක ගලවල නැද්ද තාම. උදේ ඉදන් දහදෙනෙක් විතර නැති වුන පනහ කියල දීල ගියා.ටිකකට කලින් ආව කෙනාටත් මම කිව්වා ඒක ගලවල දාන්න කියල.එයත් මට රුපියල් පනහක් දීල ගියා කියල.
මේ තරුණයත් කොහමහරි රුපියල පනහ දීල ආයෙත් යන්න ආවලු.ඒ ගමන අම්මා ආයෙත් කිව්වලු පුතාවත් ඒක ගලවල දාල යන්න කියලා.
මේ තරුණයටත් බෝඩ් එක ගලවන්න හිත දීල නෑ.කවුරුහරි ඒ කාත් කවුරුවත් නැති අම්මට රුපියල් පනහක් දෙන්න මැලි වෙන එකක නෑ කියල එයාට හිතුනලු.
සමහරවිට තාමත් ඒ අම්මට බෝඩ් එක කියවන අය රුපියල් පනහ ගානේ දීල යනව ඇති.
මේ බෝඩ් එක ගහපු කෙනා සමහරවිට ඒ අම්මට උදව් කරන්න තරම් වත්කමක් නැති නිසා මෙහෙම ලිව්ව වෙන්න පුලුවන්.කොහම වුනත් කිසිම කෙනෙක් ඒ බෝඩ් එක ගලවන්න තරම් හිත දීල නෑ.සමහරවිට ඒ අම්මා දැක්කම.හිත උනු වෙන්න ඇති..
මට මේ කතාව කියවන කොට හිතුනේ මෙහෙම දෙයක්.තාමත් මනුස්සකම කියල දෙයක් අපි අතර ඉතුරු වෙලා තියෙනවා කියල කවුරු කොහම කිව්වත්.විශේෂයෙන්ම තරුණ පරම්පරාව අතර .නොයෙක් වෙලාවට දකින්න පුලුවන් අසරන මිනිස්සුනට ගෙවල්,ලෙඩ වුන අයට සල්ලි හොයලා දෙනවා එකතු වෙලා.ලෙඩ වුන සත්තු සාත්තු කරල බලා ගන්නවා.
ඇත්ත කතාව තමයි තාමත් අනුන්ගෙ අසරන කමක් දැකල අහල බලන් යන්න තරම් අපෙ හිත් වල මනුස්සකම නැතිවෙලා නෑ .මමත් අසරන අය වයසක අය මොනව හරි විකුනනව නම් ගන්න සල්ලි නැත්නම් කීයක් හරි දෙනවා.එහෙම කරන අනිත් අයත් මම දැකල තියෙනවා .ඒක හිතට සතුටක්.අමනුස්සයෝ වගෙ මිනිස්සු ඇති .ඒත් ගොඩක් වෙලාවට තාමත් අපෙ පින් බිමේ වගේම ලොකේ අනිත් තැන් වලත් මනුස්සකම ඉතුරු වෙලා තියෙනවා.
මාලනී බුලත්සිංහලයන්ගේ සිංදුවකින් මෙහෙම කියන්න ඇත්තේ ඒක නිසා වෙන්න ඇති..
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිව්යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්...
මේක කියවන ඕන කෙනෙක් තමන් එහෙම අත්දැකීමක් විදල තියෙනවා මතක් කරගන්න.මනුස්සකම අපි හිත වල තියාගමු..❤❤❤
ස්තුතියි