පහුගිය ජනවාරි මාසේ බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන මමත් මගේ බිරිඳත් අපේ ව්‍යාපාරය ඊලග අඩියට අරන් ගියා.
අවිනිශ්චිත ආර්ථික තත්වය නිසා විවාහ වෙලා අවුරුදු 3ක් යනකල් දරුවෙක් හදන්නේ නැතුව හිටපු අපි ඒ තීරණය වෙනස් කලේ මේ අවුරුද්ද ගැන තිබුණ විශ්වාසය නිසාමයි.
නමුත් ඒ හැමදෙයක්ම වෙනස් වෙන්න ගියේ මාස 2කටත් අඩු කාලයක්. නොහික්මුණු පාලකයන්ගේ අදූරදර්ශී පාලනය නිසා රට අගාධයකට මෙච්චර ඉක්මනට වැටෙයි කියලා අපි හීනෙකින්වත් හිතුවේ නෑ. දැන්නම් හැම දේම ගැන තියෙන්නේ හරිම අවිනිශ්චිත හැගීමක්.
අපේ කුලුදුල් දරු පැටියා මේ ලෝකෙට එන්න රෝහල්ගත වෙන්න දින තියෙන්නේ මේ අවුරුද්දේ අන්තිම මාසේ. ඒ වෙනකොට ඔක්කොම හරියයි කියලා මම මගේ බිරිඳගේ හිත හැදුවත් මට තියෙන්නේ පුදුම බයක්.
මම ජීවත් උන අවුරුදු 33ටම කිසිම හැගීමක් නැතුව ගෙවුන පළවෙනි අලුත් අවුරුද්ද තමයි මේක. අහස උසට යන බඩු මිලත් අත්‍යාවශ්‍ය භාණඩ වල හිගයත් නිසා මිනිස්සු ඉන්නෙ හරිම අමාරුවෙන්. මම පුරුද්දක් විදියට මගේ ලග වැඩ කරන සේවකයන් එක්ක එක බත් එක බෙදාගෙන කන්නේ. මගේ සේවකයන්ගේ එදා බත් පාර්සලේ තිබුන ව්‍යාංජන සහ අද තියෙන ව්‍යාංජන දිහා බැලුවාම ඒ අය කොච්චර අමාරුවෙන්ද ඉන්නෙ කියලා හිතාගන්න පුලුවන්. ඉස්සර මස් මාලු එක්ක ව්‍යාංජන 2ක් හෝ 3ක් අරන් ආපු අයගේ බත් පාර්සලේ දැන් තියෙන්නේ ගොඩක් වෙලාවට මෑකරල් හෝ වට්ටක්කා විතරයි.
මොනවා උනත් පොඩි කාලේ ඉදන් තදින්ම විශ්වාස කරපු "හැමදේම වෙන්නේ හොදටයි" කියන දේ නිසා තාමත් පොඩි බලාපොරොත්තුවක් හිතේ කොණක තියෙනවා. මම උද්ඝෝෂණයට යනකොට මගේ බිරිදත් අමාරුවෙන් ඇවිත් ඒකට සහභාගි උනේ එයාටත් "හැමදේම වෙන්නේ හොදටයි" කියලා හිතුන හිංදා වෙන්න වෙන්න ඇති.
Welcome back ayye. Meka hamotama amaru kalayak😢
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
hi.. me rate mata danuna de thamai awurudu thunaka withara idan hama dema wenne amaruwen. Wediya ona na Easter day attack eken passe campus wahapu paara thaama hariyata mulu campus ekak eka sere open une na. exam, iskola hamdema
dan minissu polime. ada bus ekata nagge peya gaanak indala. Kellek polime faint unath. Hamotama harima amaru kalayak. Athi nathi hamoma duk widinwa anthime
:(
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මේ ගෙවෙන්නේ හැමටම අමාරු කාලයක්.ආයෙම ආව එක වටිනවා.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මෙහෙමහරි මිනිස්සු එකතු උන එකනම් ලොකු දෙයක් හැබැයි 😐
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අපි ප්‍රාර්ථනා කරමු මේක ඉක්මනටම විසඳේවි කියලා. Stay strong aiya
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit