සාමාන්‍යෙන් හැම අවුරුද්දෙම වගේ සැප්. මාසෙ නොවරදවාම යන තැනක් තමා කොළඹ පොත් ප්‍රදර්ශනේ කියන්නෙ. සැප්. කියන්නෙ සාහිත්‍ය මාසෙ නෙ. මගෙ බර්ත් ඩේ එක තියෙන්නෙත් මේ මාසෙ. අනිත් එක පොත් ප්‍ර්දර්ශනේ පැවැත්වෙන දවස් කීපයට මගෙ උපන් දිනේත් අනිවාර්‍යෙන් හැම පාරම වගේ අහු වෙනව. ගිය අවුරුද්දෙ ප්‍රදර්ශනේ පැවැත්වුනේ නැති උනාට ඊට කලින් අවුරුදු වලත් උපන්දිනේට කලින් දවසෙ තමා අපිට යන්න වුනේ..සුපුරුදු පරිදි මේ පාරත් 21 තමා අපි බුක් ෆෙයා ගියෙ.
හැම පාරම වගේ අම්මා එක්ක තමා යන්න ප්ලෑන් කරේ..ඒත් මේ පාර මගෙ යාලුවත් අපිත් එක්ක යන්න ආවා.කොහොමහරි මාසෙකට විතර කලින් ඉදන්ම එයාට කරදර කරල තමා යන්න කැමති කරවගත්තෙ.
අපේ ස්කෝලෙ තව යාලුවෙක් එනව කිව්වට අන්තිම මොහොතෙ එන්න වෙන් නෑ කිව්ව. ඉතින් අපි තුන්දෙනා 21 යමු කියල ප්ලෑන් කරන් ඉද්දි මගෙ ප්‍රයිමරි ස්කූල් එකේ යාලුවෙක් බුක් ෆෙයා යනවද අහල මැසේජ් එවල තිබ්බ. ඉතින් අපි යන දවස කිව්වට පස්සෙ තව යාලුවො එනව කිව්ව යන්න. අපේ අම්මව බිල්ලට තියල තමා ගෙවල් වලින් අවසර අරන් තියෙන්නෙ.
කොහොමහරි යන දවසෙ උදේ වෙද්දි අපි තුන්දෙනාට අමතරව තව යාලුවො 4ක්ම ගමනට එකතු උනා.. අපි කොච්චිකඩෙන් කෝච්චියෙ තමා කොළඹ ගියෙ. යද්දිත් සෙනග ඉතින්..ඒත් ටිකක් දුර යද්දි මටයි යාලුවටයි ඉදගන්න ඉඩ හම්බුනා. BMICH එක ලගට තව බස් එකකත් යන්න උනා..අම්මෝ ඒ බස් එකේ සෙනග... ඒකෙ නම් චප්ප උනා හොදටම. කොහොමහරි උදේ 10 වගේ වෙද්දි අපි බුක් ෆෙයා එකේ.
අපි එක්ක ගිය කොල්ලො 4 දෙනාගෙ පොත් ගන්න එච්චර උවමනාවක් පෙනුනෙ නැති හින්දා අපි දෙකට බෙදිල මායි අම්මයි යාලුවයි වෙනම තමා බුක් ෆෙයාර් එකේ සැරිසැරුවෙ. හැමදේටම කලින් කෑම.
මං ගොඩක් ආසාවෙන් ගියෙ නවකතා පොත් ගොඩක් ගන්න. ඒත් එක්කන් ගිය යාලුවගෙ බලපෑම ඒකට විරුද්ධව කොච්චර වැඩි උනාද කියනව නම් අන්තිමට එක නවකතා පොතක් වත් නැතුව ඔක්කොම වැඩ පොත් තමා ගෙදර ගෙනාවෙ. එකටම ගියෙ NIE එකේ ස්ටෝල් එකට. අපිට ඔන කරපු දේවල් එතනින් ගන්න පුළුවන් උන. ඒ බිල්ඩින්ග් එකේ තව ස්ටෝල්ස් ගොඩක් තිබ්බ. ඊට පස්සෙ සරසවි එකටත් ගියා.
ටිකක් වෙලා ඇවිදල අම්මට මහන්සි හින්ද ඉස්සරහ තියන හට් එකක් යට අම්මව තියල මායි යාලුවයි තනියම ගේමට බැස්ස. ඒ හට් එක තියන තැන ස්ටේජ් එකේ එක එක අය කතා පවත්වනව නෙ.අපේ අම්ම ඒවා අහන් ඉන්න අතරෙ අපි හතර වටේම ඇවිද්ද.
ස්කෝලෙ යාලුවො, වෙන ස්කෝලවලට ගිය යාලුවො, එහෙමත් හම්බ උනා. නවකතා පොත් තියන ස්ටෝල්ස් නම් නිකන් බලාගෙන ගියා විතරයි. Knowledge bank එකේ ස්ටෝල් එකෙනුත් පොත් ගත්තා. Promate stall එකෙත් නිකන් ඇවිදල ගනන් බලල ආව.
ගුනසේන එකෙන් අපේ නන්ගිටත් පොඩි බබාලගෙ පොත් හම්බුනා. ඒත් සමහර දේවල් නම් මෙහෙන් ගන්න එක ලාබයි එතනින් ගන්නවට වැඩිය..Classmate stall එකෙන් තමා ගොඩක්ම stationary items ගත්තෙ. අන්තිමට ඕන ඒව අරගෙන මායි යාලුවයි අයිස් ක්‍රීම් කෑව. ඊටපස්සෙ කෝල් කරල අනිත් යාලුවො ටිකත් හොයාගෙන, ආයෙ, අම්ම ඉන්න තැනට ගියා.
අපි දවල්ටත් එහෙම්ම කෑව. කන අතරෙ අපි එක්ක ගිය යාලුවෙක්ගෙන් කෝල් එකක් ආව ගේම් ගහනව නම් එන්න කියල. අපි බුක් ෆෙයා එකට ඇතුල් වෙද්දිම ගේමින්ග් ස්ටෝල් එකක් තියනව දැක්කට යන්න හිතාගෙන හිටියේ නෑ. එත් අපි කාල ඉවර වෙලා එතනට ගියා. ඒත් ඇතුලට ගියෙ නෑ..කොහොමත් යාලුවා යන්න කැමති උනේ නෑ.
අනිත් යාලුවො ටික ගියාට වැඩක් නෑ එක පොතක් වත් අරන් නෑ. කියන්න සතුටුයි එක යාලුවෙක් එකම එක පොතක් අරන් තිබ්බ. ඔච්චර මහන්සි වෙලා වියදන් කරගෙන යන එකටත් පාඩුයි ඉතින්. ඊට පස්සෙ කොල්ලො ටික නෙළුම් කුළුන බලන්න යන්න ප්ලෑන් කරනව.
මට නම් පොත් උස්සන් එහෙ යන්න ආසාවක් තිබ්බෙ නෑ. අපේ අම්මවත් දෙතුන් පාරක්ම කැමති කරවගන්න ට්‍රයි කරාට අම්මත් කැමති උනේ නෑ..
අපේ අම්මට තමා කට්ටියව බාර දුන්නෙ. ඒත් ඉතින් කොල්ලො නෙ. ඒ හින්ද එයාලට යන්න කියල අපි හිටිය. ඕන කරන ඔක්කොම අරන් ඉවර වෙලා ෆොටෝ එහෙමත් ගහල අපි කොටුව ස්ටේශන් එකට ආවා.
එතකොට කෝල් කරද්දිත් කට්ටිය නෙළුම් කුලුන ලග පෝලිමේ කිව්ව. අපි නම් 6.30 වගේ වෙද්දි ගෙදරත් ආව. ආපු කෝච්චිය නම් ගිය එකට වඩා හෙනට සෙනග. එක්ස්ප්‍රස් එකක් හින්ද ටිකක් ඉක්මනට ආව. නැත්තන් අපි තාම චප්ප වෙනව. මම පලවෙනි පාරට තමා කෝච්චියෙ දොර ලග ආවෙ. මිනිස්සු බහිද්දි මාවත් ඇදිලා එලියට විසි වෙන්න යනව. දොර බදාගෙන තමා ගෙදර ආවෙ. ඒ තරමටම හෙල්ලෙන්නවත් ඉඩක් නැතුව සෙනග...
කොහොමහරි ගෙදර ආව කියල නෑ . අපේ අම්ම යන නිසානෙ කට්ටියව එව්වෙ.
ඒ හින්ද කට්ටිය ගෙවල් වලට යනකන් සැරින් සැරේ හොයල බලන්න උනා. අපි ඇවිත් කෝල් කරද්දිත් කට්ටිය කෝච්චියක් මිස් කරන් තාම කොටුවෙ කිව්ව. රෑ 8ට වගේ තමා කෝල් එක ආවෙ යාලුවො ඔක්කොම ගෙදර ගියා කියල. ඊට පස්සෙ නම් සැනසීමේ මහන්සි නිවාගත්තා.
නෙලුම් කුලුන බල්න්න ගිහින් ගහපු ෆොටෝ එහෙමත් මට ලැබෙන්න සැලැස්සුවා. කුලුන උඩ ඉදන් ගහපු ශොට්ස් නම් මාර ලස්සනයි.
ඔන්න ඔහොම ඉතින් අපේ ගමන ඉවර උනා. මේ පාර කලින් තරම් බඩු වල ගනන් වල නම් අඩුවක් තිබ්බෙ නෑ. කලින් පාරවල් වල වගේ වැඩිය පොත් ගත්තෙත් නෑ. ඔය විදිහට තමා 2022 පොත් ප්‍රදර්ශනේ බලන්න ගිය මගේ අත්දැකීම අවසන් උනේ
මමත් මේ පාර අවුරුදු දෙකකට පස්සේ පොත් ප්‍රදර්ශනේට ගියා. අම්මයි පුංචියි එක්ක ගියේ. තාම ඒ ගැන ලියන්න වෙලාවක් ලැබුන් නෑ.... ඒක ලස්සන අත්දැකීමක්....❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ikmanta liyanna....🤗
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මාත් මේ පාර කොහොම හරි යන්න හිටියත් යන්න නම් බැරි උනා.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
aye ithn next time thm ehnm
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit