සුබ දවසක් යාළුවනේ.
සැම දෙනාම කැමතිය දෙයක් තමයි විනෝද ගමන් යාම එහෙත් මෙම වකවානුව නම් සංචාරයන්ට අසුබ කාලයක් වී හමාරයි . කොරෝනා වසංගත තත්වය නිසා සෑම දෙනාම පීඩා විදියි . සංචාරය කිරීමට මෙම තත්වය නිසා පීඩාකාරී වී ඇත .
අද මම ඔබත් සමග බෙදාගන්න සැරසෙන්නේ කොරෝනා වසංගතයට කලින් ගිය ගමනක් සහ ගමනේ චමත්කාරය ඔබ සමග බෙදා ගැනීමට .
සීතල දේශගුණය එම පලාත් වල පුරවැසියන් සඳහා දුෂ්කර වුවත් අප වැනි වියළි කලාපයේ ජීවත්වන අය මනා ප්‍රියතාවයක් දක්වයි . සිත කාලගුණය සමග කාලය ගත කිරීමත් , සහ මනස්කාන්ත පරිසරය තුල ඇති අපුරු දෑ තුලින් දෑස පිනවීමට මහත් සේ බාල, තරුණ, මහළු සියලු දෙනා ඇලුම් කරති.
සීතල නුවර එළිය වගේම බණ්ඩාරවෙලත් සීතල, මිදුම අලංකාරය අඩුවක් නම් නැත . ඇත දෙසින් හිමිදිරියේ දිස්වන සිතුවමක් මෙන් දිස්වෙයි . උදෑසන තවත් සුන්දර දසුනක් නම් තමගේ වගා කටයුතු සඳහා යන ගොවි මහතුන් තමන් වගා භූමි දරුවන් සේ රැකබලා ගනි . වගා භුමිද සිතුවමක් සේ පෙනයි කැරට්, ලීක්ස් ගෝවා වැනි එළවළු ඒ අතර වෙයි .
දිය ඇලි ද වැදගත් ස්ථානයක් ගනි කදු අතරින් ආරම්භවන ජලපහර ගල් පර අතරින් පෙන නංවමින් ඇද හැලෙයි එයද පරිසරයේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරයි.දිය ඇල්ල කෙතරම් සුන්දර වුවත් එහි බයංකර ස්වභාවය නිතැතින්ම ගැබ්ව ඇත .
සීතල බදුලු පුරවරයට අයත් බණ්ඩාර වෙල අවට නැරඹීමට ඇති ස්ථාන බොහෝය ඒ අතරින් ඇඩිසම් බංගලාව , හග්ගල මල්වත්ත, රාවණා ඇල්ල , නරියා කන්ද , තේවතු , ලිප්ටන් සිටි , ලෝකාන්තය, ඔහිය දුම්රිය පල , ලංකාවේ මුහුදු මට්ටමේ සිට උසමස්ථානය වන පට්ටිපොල , සහ තවත් ස්ථාන බොහොමක් නැරඹීමට අවස්ථාව උදාවෙයි . මා බණ්ඩාරවෙල කේන්දු කර ගත්තේ මා සියලු ස්ථාන නැරඹීමට ගියේ එහි . මගේ මාමාගේ නිවස එහි පිහිටා තිබූ බැවින් අපට නවාතැන් පිලිබඳ අර්බුදයක් නොවිය .
ස්තුතියි.
මමත් බණ්ඩාරවෙල,මේ දවස් ටිකේ නම් වතුරත් අයිස් වගේ 🥶
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒ වුනාට වටපිටාව ලස්සනයි නේද . ඔයාලා ඒ අතින් ගොඩක් වාසනාවන්තයි බණ්ඩාරවෙල ගම විම
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit