හෝර්ටන් තැන්න

in hive-133716 •  2 months ago 

25BBE23C-1E2B-4D5F-A4C2-031E4720CDA2.jpeg

හෝර්ටන් තැන්න කියන්නෙ ලංකාවෙ උසින් පිහිටලා තියෙන තැන්නක් වගේම ජීව විද්‍යාත්මක වශයෙන් ඉතාම වැදගත් සුන්දර පරිසර කලාපයක්. ඉතින් හෝර්ටන් තැන්නට ඇතුලු වෙන තැනින් අපි ටිකට් ගත්තට පස්සෙ තමයි ඇතුල් වෙන්න අවසර ලැබෙන්නෙ. මට මතක විදියට එක්කෙන්ක්ට ඇතුල්වීමේ ගාස්තුව විදියට 410 ක් තමයි අය කරන්නෙ. ඉතින් ඊට පස්සෙ කිසිම තැනක නවතින්නෙ නැතිව වාහන නවත්වන තැන වෙනකම් තියෙන පළවෙනි කිලෝ මීටර් පහ යන්න ඕනෙ. ඒ වෙනකම් තියෙන පරිසරයත් හරිම ලස්සනයි.

98EAD8A8-A2D0-49DD-87FA-7A00C8E51575.jpeg

ඊට පස්සෙ වාහන නවත්වලා කැන්ටින් එකෙන් කැමති නම් කෑමත් අරගෙන අපිට බලන්න තියෙන තැන් බලන්න යන්න පුලුවන්. හෝර්ටන් තැන්න කියන්නෙ විශාල භූමි ප්‍රදේශයක්. ඉතින් සෑහෙන දුරක් පයින් ඇවිදින්න තියෙනවා. ලෝකාන්තය, පුංචි ලෝකාන්තය සහ බේකර්ස් ඇල්ල තමයි ප්‍රධාන නැරඹුම් ස්ථාන. මේ ඔක්කොම නරඹන්වා නම් ඇවිදින්න තියෙන ප්‍රමාණය 9km වලට වඩා වැඩියි. ලෝකාන්තය සහ බේකර්ස් ඇල්ල තියෙන්නෙ එකිනෙකට විරුද්ධ පාරවල් දෙකක. ඉතින් ඒ නිසා අපි තීරණය කළා බේකර්ස් ඇල්ල විතරක් බලන්න යන්න. යන්න එන්න ඔක්කොම ගත්තම ඒ මුලු දුරත් 6km වලට වගේ ආසන්නයි.

43E2D685-B171-48A2-8B67-B8C9606604B8.jpeg

ඉතින් බේකර්ස් ඇල්ලට යන පාරත් හරිම නිස්කලංක, ලස්සන, සුන්දර පරිසරයක්. ඒ යනකොට පුංචි අතු ගංඟාවල් කිහිපයක් මුණගැහෙනවා. හැබැයි කිසිම කෙනෙක්ට අවසර නෑ ඒ ගංඟාවල් ළඟට ගිහින් බලන්න. අපිට යන්න පුලුවන් අඩි පාර ඔස්සේ විතරයි. පාරෙන් පිට පනින්න තහනම්. ඉතින් ඔන්න ගිහින් ගිහින් අපි අන්තිමේ බේකර්ස් ඇල්ල ළඟට ගියා. වැඩිය උස නැති, පෙණ වගේ වතුර කඩන් වැටෙන ලස්සන දිය ඇල්ලක්.

6B6C39F6-C041-4F83-972C-710C92AD82AF.jpeg

අපි ටික වෙලාවක් එතන නැවතිලා බලන් ඉඳලා ආපහු එන්න ආවා. ඉරිද දවසක් නිසා අපි වගේම තව අය හෝර්ටන් තැන්න බලන්න ඇවිත් තිබුණා. ආයෙ ආවම කැන්ටින් එක ළඟදි පාඩුවේ තණ කකා හිටිය මෙන්න මෙයාව මුණගැහුණා. මට කියන්න අමතක වුණා. හෝර්ටන් තැන්න කියන්නෙ ප්ලාස්ටික්, පොලිතින් වලින් තොර කලාපයක්. ඒ නිසා වාහන පාර්කින් එකෙන් පස්සෙ මුණගැහෙන entrance එකේදි ඔයාල ළඟ තියෙන ඔක්කොම පොලිතින් එයාල කඩදාසි කවර වලින් replace කරල දෙනවා. චොකලට් එකක් පවා. ඉතින් දොගොල්ලොන්ගෙම පහසුව වෙනුවෙන් කිසිම පොලිතින් එකක් ඇතුළට අරගෙන නොයන්න වගබලා ගන්න එක හොඳයි.

මොකද හෝර්ටන් තැන්න කියන්නෙ අපෙත්, සත්තුන්ගෙත්, ගහකොළ ඇළ දොළ වලත් සම උරුමයක් නිසා!
(හෝර්ටන් තැන්න ගොඩාක් සීතලයි. කාලගුණයත් තත්පරෙන් වෙනස් වෙනවා. හදිසියේ වහින්න පුලුවන්. ඒ නිසා කුඩයක්, අමතර ජර්සි එකක් බෑග් එකේ දාන් යන්න අමතක කරන්න එපා)

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

maru place eka, hithata mara sanaseemak danenna location ekak

Congratulations on bringing a quality content. You have earned a positive vote from team 2, and it is delivered by @starrchris.

IMG-20240930-WA0213.jpg

Many Blessings...🙏🏻

This is a place that I have never visited before. Feeling so envious when reading this.