සුන්දර ඔහිය

in hive-133716 •  2 months ago 

31F5459A-812E-4314-AC60-F6E37A0B0ABB.jpeg

අද මම ඔයාල එක්ක බෙදාගන්න යන්නෙ මම ඔහියෙ ගිය ගමන ගැන.. ඔහිය මුණගැහෙන්නෙ හෝර්ටන් තැන්නට යන පාරෙ. ඒ වගේ ලස්සනම ලස්සනම පාරක නම් මං මගේ ජීවිතේ කවදාවත්ම ගිහින් නෑ කියලා විශ්වාසෙන්ම කියන්න පුලුවන්.

B561158A-771E-4823-A511-B17A07CEE418.jpeg

අපි ගමන පටන් ගත්තෙ බණ්ඩාරවෙලින්. බණ්ඩාරවෙලින් බොරලන්දට ගිහින් ඔහිය පාර හරහා හෝර්ටන් තැන්නට යන එක තමයි අපේ ගමනාන්තය. මුලින්ම අපට මුණගැහෙනවා කහම කහ මල් වියන් අතුරපු බණ්ඩාරවෙල බොරලන්ද පාර. පාර දෙපැත්තෙ හැමතැනම ලොකුම ලොකු කහ මල් පිරුණු ගස් වලින් පාරෙ යන එන හැමෝටම කහ මල් වියනක් හදල දීලා තියෙනවා. සොබාදහම අපිට විඳින්න කියලා අනන්තයක් දේවල් දීලා තියෙනවා නේද කියල එතකොට අපිට හිතෙනවා. උදේම තුබුණෙ වැහිබර කාලගුණයක්. වැස්සෙ නැතත් වැහිබරයි. ඒ වැහිබර කාළගුණය දවස පුරාම තිබ්බා.

09E5ADC1-529C-4698-B713-CE38EE9BB871.jpeg

ඔන්න ඊළඟට එනවා ඔහිය පාර. දෙපැත්තෙම යෝධ පයින් ගස් පිරුණු කැලෑව. ඒ මුලු පාරම යන්න තියෙන්නෙ පයින් වියනක් හරහා. වීඩියෝ ෆොටෝස් වලට වඩා ගොඩාක් ඉස්සරහිනුයි ඒ පාර තියෙන්නෙ. පුදුම ලස්සනක්. ඉඳහිටක හෝර්ටන් තැන්න බලා යන වාහනයක් හැරුණම පාර දෙපැත්තෙ පාලුව මකන්න කියල තියෙන්නෙ යෝධ පයින් ගස් යාය විතරමයි.

EE3C5791-6D57-4E96-A4AA-BC4D8E88205A.jpeg

අපිත් සමහර තැන් වල නැවතුණා ෆොටෝස් වීඩියෝස් ගන්න. ඒ තරම් නිශ්ශබ්ද, අඳුරු, ගුප්ත සහ සුන්දර ලෝකයක් මම මීට කලින් කිසිම දවසක දැකල නෑ. සීතල
කඳුකරේ කාලගුණය කියන්නෙ තත්පරෙන් වෙනස් වෙන දේකට. මීදුම ඇවිත් අපිව වහගන්නෙ තත්පරෙන්. ඒක අලුත්ම වෙනස්ම අත්දැකීමක්. ඒ සුන්දර අත්දැකීම ඔයාලත් කවදහරි විඳින්න ඕනෙ.

ඊළඟට article එකෙන් අපි හෝර්ටන් තැන්නෙ යමු.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

IMG_20240930_084439.png

Congratulations!!🎉🎉 Your post has been upvoted by TEAM 03 (content seekers) using steemcurator05. Continue making creative and quality content on the blog. By @damithudaya

Ohiya is one of the most beautiful places I have visited also. Just as you described!

❤️