මේ දවස් වල කලු ලෝගුවකින් සැරසුණ ෆොටෝ හැමතැනම. ගොඩක් වෙලාවට ඒ ලොගුවත් එක්ක මිනිස්සු ගොඩාක් ඉන්නවා. සමහරු එතනට එන්න පාර පෙන්නපු තරුවලට ස්තූතියි කියලා ලියලා තියෙනවා. මං ආසයි ඒ ෆොටෝස් දිහා බලන් ඉන්න. ඒවයෙ තියෙන හැඟීම් කියවගන්න උත්සාහ කරන්න.
හය වසරෙ ඉඳන් එකොළහ වසර වෙනකම් මං එක්ක එකට ඉගෙන ගත්ත යාලුවෙක් ඒ වගෙ ෆොටෝ එකක් දාලා තියෙනව දැක්කම මට ඒක පුදුමාකාර විදියට දැනුණා. "මට ලෝබයි ඔයා මෙහෙම ඉන්නවා දකිනකොට ඔයාගෙ අම්ම එක්ක". කියලා මම එයාට කිව්වා. හරිම දුශ්කර කටුක ගමනකට පස්සෙ..!
ඒ අතරෙ මගෙ ලොකු අම්මලා දෙන්නවත් මට මතක් වුණා. ඒ දෙන්නා බොහොම දුක් විඳලයි ඒ අක්කලා අයියලාට ඉගැන්නුවෙ. කැම්පස් යැව්වෙ. හොඳ මිනිස්සු කළේ. මට ඒ ගැන ලියන්න හිතුණා. මං මේ ලියලා තියෙන ඔක්කෝම ඇත්තම ඇත්ත. එක එක කාලවලදි දැක්ක එක එක අම්මලා තනි අම්මෙක් වෙලා මේ කවියෙ හැමතැනම ඉන්නවා.
අම්මෙ මට හරි දුකයි..!
ඇවිද ලඳු දෙනි කැලෑ බිම් වල
රැගෙන විත් තුන්හිරිය පන්කොළ
රටාවක් බව මහා විශ්වය කිව්වෙ නැති
එක සැබැයි...
ගොතාගෙන නෙක කවි කතන්දර
ළඟට වී හැන්දෑ වෙලාවට
අහස සමුදුර ගැන කියන්නට
වෙලාවක් වත්
තිබ්බෙ නැති එක හැබැයි..!
ඒ වුණත්
විස ගෝර සරුපයි දරාගෙන
මේ මහා වනෙ තනිව හිඳගෙන
මේ ඔක්කෝම කළෙ ඔබ තමයි..!
හිම මිදෙන මහ හීල් උදයේ
තෙල් කුප්පියෙන් ඇදුම වහගෙන
දිවිමගේ ගිනියම විතරක් නෙමෙයි අලු දැලිත් කාගෙන
මේ ඔක්කෝම කළෙ ඔබ තමයි..
යන්න හිතුණත් වන්දනාවට
ඔබා තබලා හීන ඔක්කොම
"ඊළඟ වතාවේ" පෝර උරයට
ජීවිතේ පස්සටම දැම්මේ
අම්මෙ ඒ ඔබ තමයි..!
වැරදිලාවත් ඇඳුම් කඩයක්
දිහා වත් නොබලාම උන්නට
පමුණුවේ තිබු ලාබ ඇඳුමක්
මූණ පුර හඳ වාගෙ කරගෙන
භාරගත්තේ ඔබයි..!
ඉතින් දැන් අද..
BMICH කොන්ක්රීට් පොළොව මැද
නුහුරුවට තනියෙන්ම හිටගෙන
ඇහැට රොඩ්ඩක් යවාගෙන මුත්
ලෝගුවක් රැඳි කෙට්ටු කෙල්ලට
හිනාවෙන්නේ ඔබයි..
ඒත් අම්මේ..
සතුට කියලා ඔයා හිතුවට
මගේ ඇස් අග දැන් තියෙන්නේ
මටම දියවුණ ඔය ජීවිතේ
දිග පළල ගැන තමයි...!
කමක් නෑ ඒ මොක වුණත් දැන්
අනේ අම්මේ හොඳටෝම ඇති...
ඇත්තටම මං ලොකුයි.
මේ වාරෙ මට දීල ඔයා දැන් නවතින්න..
ජීවිතේ තව දිගයි..
නුහුරුවට කැමරා ඇසක උන්නට
ඔයා තනියෙන් මවපු විශ්වය
තියෙන්නේ
"ඔය පින්තූර වල නෙමෙයි..!"
ලංකාවේ දරුවෝ ගොඩාක් කටුක ජිවිතයක් විදින ගමන් උපාධියක් ලබා ගත්තද, එයට සරිලන රැකියාවක් ලබන්නත් තව කොතෙක් කට්ටක් කනවද කියල දන්නේ අම්මල කීයෙන් කී දෙනාද? ලස්සනයි නිර්මාණය.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
You should publish a book from your writings akka. They are filled with emotions!!!
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you so much nangi!❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අනේ ඒ කවියෙ ලස්සන 🥺 කවිය කියවපු අයගෙ ඇස් තෙමන්න තරම්ම ඒ කවිය ලස්සනයි. ❤
ඒ කවිය ඇතුලෙ ඉන්නෙම ලංකාවෙ අපේ අම්මල. ❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thanks dr!❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit