මලයාලම් සිනමාවට ගොඩාක් දෙනා ආදරේ කරන්නෙ ඒවයෙ ඉතාම සියුම්, සරල සිදුවීම් වලින් විශාල යමක් නිර්මාණය කිරීමට තියෙන හැකියාවටය කියලා මට හිතෙනවා. මලයාලම් සිනමාව මැජික් වගේ කියන එක මට අනුව නම් ඇත්තක්. තනිකරම හැඟීම් ගොඩාක්. ඉතින් 2024 වසරෙ බලපු මං තව පාරක් වුණත් බලන්න හිතෙන ලස්සනම ලස්සන movies පහක් ගැන ඔයාල එක්ක බෙදාගන්නයි යන්නෙ.
Pallotty 90s Kids
මං ආසම ඒවයෙත් උඩින්ම තියෙන ලස්සනම ලස්සන චිත්‍රපටයක් කියලා කියන්න පුලුවන්. මේක තනිකරම අපිව පුංචි කාලෙට අරන් යන නොස්ටැල්ජියාවක්. දුක හිතෙන තැන් තිබුණට හරිම සැහැල්ලු, සෞම්‍ය කතාවක්. හොඳ දෙමව්පියෝ, අපි කොයිතරම් දක්ශ වුණත් අපේ ඇතුළෙ තියෙන බය නිසා අපිට අහිමි වන දේ සහ හොඳ යාලුවෙක් කියන්නෙ ඒ බය එක්ක අපිට සටන් කරන්න උදව් කරන දෙයක් බව කියන හදවත උණුසුම් කරන , මතක හිටින කතන්දරයක්.
"තමන් කැමතිම දේ තමන් කැමතිම අයට දෙන්න"!
Jananam 1947 Pranayam Thudarunnu
මේක ලස්සන, උණුසුම් ආදර කතාවක්. කීප දවසක් බලන්න ඕනෙ කියලා හිතල අමතක වුණ, ළඟකදි බලලා ඇයි මේ තරම් දවසක් නොබලා හිටියෙ කියලා හිතුණ ලස්සන චිත්‍රපටයක්. කෝරළයේ තියෙන ලස්සන එක්ක බැඳුණු රූප රාමු එක්ක මේ චිත්‍රපටය කවදාවත් අමතක වෙන්නෙ නැති වෙයි. සමහර දේවල් කොයිතරම් කාලයක් ගියත් වෙනස් වෙන්නෙ නෑ.
"ප්‍රේමය අවිචින්නය"!
Kishkindha Kaandam
Overratted movie එකක් කියලා මේ ගැන කතා වුණාට මට නම් මේක ගොඩාක් දැනුණ චිත්‍රපටයක්. අන්තිම වෙනකම්ම මගෙ කුතුහලය එහෙමම තිබුණා. මේක අපි හැමෝම දන්න දෙයක්. තාත්තලගෙ ආදරේ තියෙන්නෙ හැංගිලා. ඒ වගෙම සමහර දේවල් එක්ක ජීවත් වෙනවා හැරුණම අපිට ඒක විසඳගන්න මාරගයක් හම්බවෙන්නෙත් නෑ.
The GoatLife
මේක නම් ආයෙ කවදාවත් බලන්න නොහිතන චිත්‍රපටයක්. පැයකට ආසන්න කාලයක් skip කරලයි මේක බැලුවෙත්. ඒ කොහොම වුණත් මේක මං බලපු හොඳම malayalam movie එකක්. මේක බලලා මේකෙන් එළියට එන්න දවස කීපයක් ගිය එක ගැන සමහරවිට ඔයාලටත් මතක ඇති.
Kada Inuvare
අවසන් වෙනකම් connection එක හොයාගන්න බැරි ලස්සන ආදර කතා හතරක එකතුවක් විදියට මේක බලන්න පුලුවන්. ආදර කතා බලන එක කම්මැලි නිසා මඟ ඇරලා ඉඳල පස්සෙ බැලුව ලස්සන කතාවක්. කම්මැලි කියලා මඟ හරින්න නම් එපා. මේක පේනවට වඩා වැඩි යමක් තියෙන චිත්‍රපටයක්!
All the photos are taken fromJsb film
Best regards
You created exclusive and quality content
We wish you a happy new year 2025
Team 01 - Steemit Explorers Team
@damithudaya
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit