ලෙච්චමී! | 5% to SL Charity

in hive-133716 •  3 years ago 

IMG_20211114_002713.jpg
Source

පහළින් තියෙන ලස්සන කවිය දැක්ක දවසෙ ඉඳලා මං ලෙච්චමී වෙනුවට ආදේශ කරගන්නෙ, දුප්පත් පවුලක ඉපදිලා, වයසට බර වැඩි වියවුල් මැද මට හිතාගන්නවත් බැරි තරම් ලස්සනට හිනාවෙන චූටි සමනළියක්ව. එයා කොච්චර පුදුමාකාර ආදරණීය ජීවියෙක්ද කියනවා නම් එයාව මතක් වෙනකොටත් මගේ හිත සෞම්‍ය වෙලා යනවා.

IMG_20211114_000554.jpg

ලෙච්චමී ගැන හිතනකොට එයා හරි සුන්දරයි කියලා හිතෙනවා නම් මං කියන මේ කියන චූටි ගෑණු ළමයා ඊටත් වඩා සුන්දරයි. එයා මගේ අම්මගෙ මැරුණු අයියගෙ පුතෙක්ගෙ දුවෙක්. ඒ කියන්නෙ මම එයාගෙ නැන්දා. එයත් ලෙච්චමී වගේම කලුයි තමයි. දැන් අවුරුදු හතක් විතර ඇති. එයා හරිම අව්‍යාජ, බදාගන්නවට වඩා බෙදාගන්න කැමති, හැමෝම එක්ක කතා කරන හිනාවෙන සුන්දර පුංචි ආත්මයක්.

ගිය අවුරුද්දෙ අවුරුද්දට අපි එයාලගේ ගමේ ගියාම මට ඕනෙ වුණා එයාලගේ ඇළේ නාන්න යන්න. එදා තමයි එයා මගේ හිත හොඳටම රිද්දුවේත්. ඔන්න අපි ඇලෙන් නාලා ඉවර වෙලා ගොඩට ආවා. එයා රෙදි සෝදන්න ගත්තා. මං ඒ වයසෙදි අම්මා මට රෙදි සෝදලා දුන්නා. මං හිතන්නෙ චූටිට(එයත් චූටි) කරන්න බැරි දේවල් චුට්ටයි ඇත්තෙ. මං පුදුම වෙලා සෝදලා දෙන්න ඇහුවම එයා එපා කිව්වා. ඊට පස්සෙ මං ඇහුවා සබන් ගාන් නැද්ද කියලා.

"සබන් නෑනෙ අපිට. අපි මෙහෙම තමයි හැමදාම සෝදන්නෙ" එයා හරිම සැහැල්ලුවෙන් ඒක ගලක ගහන ගමන් කිව්වා. මගේ හිත දුකින් බර වුණා. අවුරුදු හතට වඩා දේවල් එයා තේරුම් ගන්නවා. එයා දන්නවා එයාට ලස්සන ඇඳුම් අඳින්න අමාරුයි කියලා, එයා දන්නවා එයාට රස කෑම කන්න ලැබෙන්නෙ හරිම අඩුවෙන් කියලා, එයා දන්නවා එයාට ඉන්න හරියට ගෙයක් නැති එක, රෑට බීලා රණ්ඩු කරන තාත්තා කෙනෙක් ඉන්න එක දුකක් කියලත් දන්නවා. ඒත් ජීවිතේ කිසිම දවසක වචනෙකින් වත් ඒ ගැන මැසිවිල්ලක් චෝදනාවක් එක වචනෙකින් වත් කතා කරලා නෑ මං එක්ක වත්. එයා පරිපූර්ණව සතුටු පෙත්තක්!

IMG_20211114_002640.jpg
Source

ඒ කාලෙ ලොකුම පාට පෙට්ටියට, ලස්ස්නම සපත්තු දෙකට රණ්ඩු කරපු මට වඩා එයා කොයිතරම් නම් හොඳඳ??

ලෙච්චමීගෙ කවිය කියවන හැම වෙලාවෙම මට ඒ පුංචි ගෑණු ළමයව මතක් වෙනවා. එයාව විතරක් නෙමෙයි ඉඳලා හිටලා බඩගින්නට හොරකමක් දෙකක් කරන, ඒත් අපි වත්තෙ මොනවහරි දෙයක් කර කර ඉන්නකොට දුවගෙන ඇවිත් උදව් කරන හීන් මැණිකා නැන්දවත් මතක් වෙනවා. මට නම් ඒ හැමෝම අසීමිතව ලස්සනයි.

ඒ වගේ ලස්සන මිනිස්සු එයාලගේ පරිපූර්ණව අපරිපූර්ණ ලෝකෙ තව ගොඩාක් සතුටින් ඉන් ඕනෙ!❤

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Sanwedee kathawak...A hinaawa awyaaja hinawak. pirisidu hadawathakata witharai a hinaawa denna puluwan... kohoma A mal kekula samajaye lassanata pipenna kiyala prarthanaa karanawa...

Thank you aiya❤

🥺 heart felt.. beautiful writing style ❤️

Thanks!❤

එයා පරිපූර්ණව සතුටු පෙත්තක්!

twath chuti poliyana kenk☺

හරියටම හරි😍

ඒකනම් ගොඩක් හිතෙට දැනෙනව , අපි ගොඩක් හිතන්නෙ අපිට නැති දේවල් ගැනනෙ ඒත් අපිට ලැබිල තියෙන දේවල් ගැන අපි හිතන්නෙ ගොඩක් අඩුවෙන් 😐

ඔව්😪
Thank you❤

Very heart-touching writing.

Thank you❤

lassana kawiyak. chuti baba genanam dukath hituna...

ow ea gana matath duki😥

අගහිගකම්වලින් පිරී ජීවත්වෙන මිනිසුන්ගේ සිනහව හරිම අවන්කයි..

ගොඩක් වෙලාවට එහෙම තමයි😌

ලස්සනයි. හිතට වැදෙන්න ලියල තියෙනවා.💪

Thank you❤