වේලිලා තියෙන පොළොවට වතුර බිංදු වැටුණහම එන සුවඳ දැනෙන කාලෙට මං හරි ආසයි. ඒ කියන්නෙ වැස්ස පටන් ගන්න කාලෙට. තම තමන්ගෙ අත්දැකීම් එක්ක මිනිස්සු වැස්සට දෙන අර්ථකනයන් වෙනස් වෙනවා. මට නම් වැස්ස කියන්නෙ කාලෙකට පස්සෙ මුණගැහෙන හිත සතුටින් පුරවගත්ත, සතුට බෙදන යාලුවෙක්ට!
පිරුණු ගඟ
වැස්සට කලින් කෑම එකතු කරන කූඹින්ගෙ, එතකොට ගිම්හාන කාලෙ කෑම එකතු නොකර වැස්ස ආවම බඩගින්නෙ ඉන්න වුණ කම්මැලි තණකොළ පෙත්ත ගැන මං පුංචි කාලෙ කියවලා තියෙනවා. අදටත් වහිනකොට වැස්සෙ කූඩු වල ගුලි වෙලා ඉන්න කුරුලු පැටවු, ලේන පැටවු ගැන, ගුල් අස්සෙ ඉන්න පුංචි සත්තු ගැන මට දුක හිතෙනවා.
බිමට වැටුණ කුරුලු කූඩුවක්
වහින කාලෙට මිදුලෙ පොඩි පොඩි වතුර පාරවල් ගලාගෙන යනවා. ඒ වතුර පාරවල් වල ඉන්නවා ගෙම්බෙක් වෙන්න හීන දකින කලු පාට, පිටිපස්සෙන් චූටි වලිගයක් තියෙන සත්තු ජාතියක්. ඉස්ගෙඩියො!
ඉස්ගෙඩියො
මේ තරම් කාලයක් නිස්කලංකව ගලාගෙන ගිය ගඟ එකපාරටම ගල් වහගෙන ගැඹුරු වෙලා සද්දෙන් ගලන්න ගන්නවා. ගඟ වුණත් පිරුණම ලස්සනයි! හැබැයි ඒ ගඟෙන් මේ ගමේ මිනිස්සුන්ට කවදාවත් කරදරයක් වෙලා නෑ. එහෙම වුණා නම් වැස්ස ගැන මගේ අර්ථකනයත් වෙනස් වෙන්න තිබුණා.
බිම්මල් පිපෙන්නෙත් වැස්ස කාලෙට. ඉස්සර නම් මේ වත්තෙ හුඹස් වල, කොටන් වල ගොඩාක් හතු පිපුණා. ස්වාභාවිකව පිපෙන බිම් මල් හරිම රසයි. වැස්ස අපිට අරන් එන්නෙ ඒ රස.
මම කිව්වා වගේ ස්වාභාවික සංසිද්ධි ටිකක් එක්ක ජීවිතේ මුහු වෙනවා ඇරෙන්න කවදාවත් ගංවතුරකට, නායයාමකට හරි වෙන කිසිම විශේශ අත්දැකීමකට මං මුහුණ දීලා නෑ. වියළි කලාපයේ කාලයකදි විතරක් වහින මොණරාගල ගෙදරක ඉන්න ගෑණු ළමයෙක්ට වැස්ස කියන්නෙ යාලුවෙක් වුණාට මේ රටේ වැස්ස නිසා දුකට පත් වෙන මිනිස්සු, සත්තු ගොඩාක් ඉන්නවා. මගේ එකම ප්රාර්ථනා ව ඒ හැමෝම ඒ දුකින් ඉක්මනටම අත් මිදෙන්න ඕනෙ.
කෝපි එකක් බීලා සීතල සමනය කරගන්න ගමන් උණුසුම් පොරෝනාවක් අස්සෙ ගුලි වෙලා අහසෙ ඉඳන් කඩා බිඳගෙන එන වැහි බිංදු මහ පොළොවෙ හැම දෙයක්ම තෙමාගෙන ගස් වල කොළ අගිස්සෙන් බේරිලා මහ පොළොවට ගුලි වෙන චමත්කාරය විඳින්න හැමෝටම පුලුවන් වෙනවා නම් මම කැමතියි. ඒක මට තාමත් පුදුමයක්!
ඒ මොනව වුණත් වැස්සත් එක්ක මම ආසම දේ දන්නවද?
වහලෙ පීල්ලෙන් බේරෙන වතුරෙන් නාන්න මඟ බලාගෙන හිටිය පොඩි ගෑණු ළමයා ආයෙම ඉපදිලා මට මවලා දෙන සුන්දර ලෝකෙ ඓශ්චර්ය මට දැනෙන එක. ඒක ඇත්තටම හරිම සුන්දර පුදුමයක්!❤
අම්මො ඔව්ව් මේක කියවද්දිත් ඒ හැගීම ඒ විදියටම දැනුනා. වහින් කාලෙ පොඩි පොඩි උල්පත් හරස් කරල වේලි බදින එකත් මෙ වගේම මරු වැඩක්.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
කිව්වම මට මතක් වුණේ. ඒකත් එහෙම තමයි. මඩ වලවල් වල බහින්නත් හරි ආසයි🤗
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
වැස්ස චමත්කාර අත්දැකීමක් වීම අපූරුයි.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව්🤗❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
"අහසෙ ඉඳන් කඩා බිඳගෙන එන වැහි බිංදු මහ පොළොවෙ හැම දෙයක්ම තෙමාගෙන ගස් වල කොළ අගිස්සෙන් බේරිලා...."
ගහ යට වැහි දෙකයි කියනවනෙ...ඔන්න ඕක නිසා.😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව්. එහෙම කතාවකුත් තියෙනවනෙ.🤗
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
photo s tika godak lassanai.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thanks!❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
rain pleases some people on the highest land and away from landslides and other things. like a chicken that cannot find food, it can only wait for our hope to come to give us food. when chickens become infected, they can't take care of their babies, it's sad, only a blanket can be given to babies in sadness
May we also have sorrow when others feel the problem with rain.🙊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
absolutely right. We can't go for the maximum happiness when we remember the other struggles of others. 😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔයා ලියපු ගොඩක් දේවල්වලින් මං මගේ හිත කියවනව වගේ දැනුණා. මාත් වැස්සට පුදුම ආසයි. මෙහෙ වැස්සෙන් අඩුවක් නැතත්, හැමදාම වහින වැස්සටත් මං ආසයි. ඒත් ඔයා කිව්ව වගේ දුක් විඳින මිනිස්සු ගැනත් මතක් නොවෙනව නෙවෙයි.
මේ නම් මමමයි. මාත් ඉස්සර වහිනකොට පීල්ලෙන් නානවා. පීලි කීපයක් ගේ වටේ තියෙනවා. මං එකකින් නාල ගිහින් තව එකකින් නානව ඉස්සර. ගොඩක් දේවල් මතක් වුනා💕
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
චුටි සඳුනි හිනා වෙවී වැහි පීලි වලින් නානවා මට මැවිලා පේනවා. 🤗❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
math asama me deta. podi kale iskole arila awilla sudu gawma pitinuth nanawa wasse 🤭🤭
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අක්කයි නංගි ද නෑවෙ? මාත් එහෙම කරලා තියෙනවා.🤗❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Kisima karadarayakata wiwasanayakata kawadawath kisima kenek muhuna denna epa.ethalota e minissu asarana wenawa munen penawata wada.oyage kathawe wachana walata mama godak kemthi.kiyawanna asai.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒක හොඳ ප්රාර්ථනාවක්.
ස්තූතියි අක්කා.🤗❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
meka dakkma mata kaviyaka pada peliyak mathka una..isskoledi kiyla dunna ekek. "පොළොවෙන් නැගෙනා නැවුම් සුවදටයි මගේ සිත පිබිදෙන්නේ "
mulu kathwama eka husmata kiywan yanna pulwan..eka kiywaddi e kiyana dewal ayema mathka une😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ලස්සන කවියක් වෙන් ඇති. ඒකෙ නම මොකක්ද? වැස්ස ගැන ලස්සන කවි ලියවිලා තියෙනවා ගොඩක් පරණ කවියන්ගෙ අතින්. හරිම ලස්සනයි.
Thank you so much!❤🤗
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ape gedara langapathakawath gangak alak na. wassa kaleta wata pitawa harima shooi.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
wessa tharamma lassana article ekak. kalathmakai
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit