තාත්තා | 5% to SL Charity

in hive-133716 •  2 years ago 

"තාත්තා" කියන්නෙ එක දවසකදි මට අහම්බෙන් වුණ කතා පොතක්. හැබැයි ඒක ලැබුණ දා ඉඳන් මං ගාව. පොත මුලින්ම ගත්ත මනුස්සයාට කියවන්න වුණෙත් නෑ තාම. ඉතින් ඇත්තටම මේක ලස්සන පොතක්. කෙටි කතා ගොඩක් තියෙන්නෙ. ගොඩාක් කෙටි කතා වල තාත්තා කෙනෙක් ඉන්නවා.

IMG_20221211_230245.jpg

මට නිතරම එන්ඩ හිතෙනවා උඹලා බලන්ඩ. පුතා විභාගයෙන් සමර්ථ වෙන්ඩ බලන්ඩ. මම මේ තරම් දුක් විඳින්නේ උඹලා නිසයි. ඒ ගැන කල්පනා කරලා උඹලා හොඳින් ඉගෙන ගන්ඩ උත්සාහ කරන්ඩ. මම මේ රටේ හොඳින් උන්න නිසා මට කවුරුත් සලකනවා. ඊට වැඩියෙන් හොඳට උඹලා සිටින්ඩ ඕනෑ බව තමන් වටහා ගත යුතුයි.."

මෙන්න මේ වගේ දරුවො වෙනුවෙන් සියලු දුක් උහුලන කැපවෙන අහිංසකම අහිංසක තාත්තා කෙනෙක්ගෙ සිතුවිලි වලින් මේ පොත පටන් අරන් තියෙනවා. මට හිතෙන්නෙ මේ තමයි මේ රටේ ලක්ශ ගානක් තාත්තලගෙ නියෝජනය සහ හීනය.

IMG_20221207_205640.jpg

තාත්තා කියලා නම් තිබ්බට තාත්තලා ඉන්න කෙටි කතා තිබ්බට මේකෙ තවත් කෙටි කතා තියෙනවා. ඔක්කෝම කෙටි කතා හතක්. මං ගොඩාක් කැමති නවකතා කියවන්න. ගොඩක් වෙලාවට කෙටිකතාවක් සතුටින් ඉවර වෙන්නෙ නෑ. එකපාරටම බොග් ගාල ඉවර වෙනවා. සමහර වෙලාවට හරිම කම්පාවකින් තමයි ඉවර වෙන්නෙ. ඒක එහෙම වුණත් සාහිත්‍යය තියෙන්නෙ සතුටු වෙන්නම නෙමෙයි කියලා මම දැක්කා කවුද කියලා තිබුණා. ඒක ඇත්ත. අපි දුක දකින, අනෙකාගෙ දුක තේරුම් ගන්න සහ සංවේදී මිනිස්සු විදියට ගොඩ නැගෙන්නෙ ඊට පස්සෙ.

මේ පොත කියවන ගමන් මේකෙ චරිත ඔස්සේ මගේ ජීවිතේදි මට මුණගැහුන මිනිස්සුන්ව මතක් කරගන්න මට පුලුවන්. සිරි රජ සිරි එකේ දුප්පත් අහිංසක තාත්තා, මේ ළඟදි හොස්පිට්ල් එකේදි මුණගැහුණ ආදිගෙ තාත්තා වගේ ගොඩාක් තාත්තලව.

පොතේ අන්තිමටම තියෙනවා ලියුමක්.අපැහැදිලි සිංහල අකුරෙන් තාත්තා කෙනෙක් ලිව්ව ලියුමක්. අර මං උඩින් ලියලා තියෙන කොටස ඒ ලියුමෙන් ගත්ත එකක්. මට ඒක දැක්කම එන හැඟීම වචන වලින් කියන්න අමාරුයි. ජයසේන ජයකොඩි මහත්තයගෙ පොත් වල, මෑතකාලිනව මස් ඉඹුල මහත්තයගෙ පොත් වල උන්න තාත්තලගෙ සුවඳ ඒ ලියුමෙන් මට දැනෙනවා.

හැබැයි එක දෙයක්. මේ ලොකෙ හොඳ තාත්තලා වගෙම නරක තාත්තලා කියල ජාතියකුත් ඉන්න බව අපි දැනගෙන ඉන්න ඕනෙ!

මේක ගෝඨාගෝගම පුස්තකාලෙන් මගෙ යාලුවෙක් අරන් තිබුණ පොතක්. ඒත් ඒක දෙන්න කලින් පුස්තකාලෙත් අරගෙනම යන්න සිද්ධ වුණානෙ. 2014 අවුරුද්දෙ දවසක BMICH වල තිබ්බ පොත් ප්‍රදර්ශනේදි අම්මා කෙනෙක් දුවෙක්ට පොත දීලා තිබුණා. ඒක පොතේ මුල් පිටුවෙ ලියලා තිබ්බා. එයාලා දන්නෙවත් නැති මම දැන් ඒ පොත ළඟ තියාගෙන ඒ ගැන ආර්ටිකල් එකක් ලියලා ඉවර කළා

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

දෙමව්පියන්ගේ ආදරේ ඇත්තටම වෙලාවකට පුදුමත් හිතෙනවා.

බාගෙට කියවපු පොත උසන් ගියා නේ ද...?😡

අපි නොදකින අපේ තත්තා කියන්නෙ දුක එයා ලග තියන් සතුට විතරක් දරුවන්ට දෙන කෙනෙක්ට. පොත කියවද්දි මට හිතුනෙ එහෙම.

මාව යාලුවෙක් කරගන්න හිතන හැම මනුස්සයාගෙම උරුමෙ ඕක තමයි😌

පොතේ ඉන්න තාත්තලා එහෙම වුණාට තාත්තම එහෙම නෑ.

ගොඩක් වෙලාවට කෙටිකතාවක් සතුටින් ඉවර වෙන්නෙ නෑ

Mekatanm 100% ekagai. samahara short stories gana hitanna giyama depression hadenawa...

ඒක තමයි. Harima heavy.

පිය සෙනෙහසට කවි ගී ලියවුණා මදි.

පුතා විභාගයෙන් සමර්ථ වෙන්ඩ බලන්ඩ. මම මේ තරම් දුක් විඳින්නේ උඹලා නිසයි. ඒ ගැන කල්පනා කරලා උඹලා හොඳින් ඉගෙන ගන්ඩ උත්සාහ කරන්ඩ.

me wachana tika nm matath lagai lagai wage