හැම ගෑණු ළමයෙක්ම අම්මා කෙනෙක්! | 5% to SL Charity

in hive-133716 •  2 years ago 

හැම ගෑණු ළමයෙක්ම ඇතුළෙ අම්මා කෙනෙක් ඉන්නවා කියලා දැන් මට හිතෙනවා. ගෙදර ඉන්න හුරතල් ම වගේ හිතෙන, එච්චර පරිණත වෙලා නෑ වගේ හිතෙන ගෑණු ළමයා ළඟත් අම්මා කෙනෙක් ඉඳලා එන්න ඕනෙ වෙලාවට එළියට එන බව හොස්පිට්ල් එකේ ඇඩ්මිට් වෙලා හිටිය දවස් වල මම තේරුම් ගත්තා. ඒ දවස් ගෙවිලා ගියේ කල්පයක් වගේ හිමින්.

IMG_20221101_204425.jpg
Source

එක රැයකදි මං එක්ක ඉන්න චූටි ආවා. මං එපාම කියලා කොයිතරම් ගෙදර යවන්න ට්‍රයි කරත් ගියේම නෑ. එයාට එහෙම ඉඳල පුරුදුත් නෑ. එයා තමයි මාව හොඳටම පුදුම කළ කෙනා. මං කවදාවත් හිතුවෙ නෑ එයාට එහෙම දේවල් පුලුවන් කියලා. මුලු රෑම මගේ බෙඩ් ශීට්ස් පෙරවන හදන ගමන්, සේලයින් ඉවර වුණාම ඒක නර්සස්ලට කියන එකේ ඉඳන් හැමදේම කළා වටේ ඉන්න ලෙඩ්ඩුටත් උදව් කරන ගමන්. රෑම නිදාගත්තෙත් නෑ. මං කල්පනා කරා කොහොමද කවදද එයා එච්චරක් ලොකු වුණේ කියලා. සමහර විට එයා ලොකු වුණේ නෑ හැම ගෑණු ළමයෙක් ළඟම ඉන්න අම්මා එවෙලාවේ එළියට ආවා වෙන්න පුලුවන්.

ජොබ් එක ලැබුණම වර්ක් එක්ස්පීරියන්ස් අරගෙන මේ රටින් ගිහින් කොලිටි ලයිෆ් එකක් හොයාගන්න අදහස මට තිබුණා. ඒත් හොස්පිට්ල් එකේදි ලෙඩෙක් විදියට මුණගැහුණ මිනිස්සුන්ගෙ තිබ්බ අහිංසක අව්‍යාජ බලාපොරොත්තු සහ ජීවිත දකිනකොට මමත් මේ රටින් දුවන එකමද කරන් ඕනෙ කියලා මම හිතුවා. දැන් හැමෝම හදන්නෙ මේ රටින් යන්න. (ඒකට කිසිම වරදක් කියන්න බෑ)ඩොක්ටර්ස්ලා, නර්සස්ලා, තෙරපිස්ට්ලා ඔක්කෝම ගියාම මේ රටේ ඉතුරු වෙන මිනිස්සුන්ට වෙන්නෙ මොකද කියන එක ඇත්තටම දුක හිතෙන ප්‍රශ්නයක්. ඒක බරපතළ ඛේදවාචකයක්.

IMG_20221101_204408.jpg
Source

හොස්පිට්ල් එකෙන් ඩිස්චාර්ජ් වෙලා ඇවිත් මුලින්ම ෆේස් බුක් එක පැත්තට යනකොට ඩොක්ටර් උත්පල සංකල්ප ලියලා තිබුණ දෙයක් මට කියවන්න ලැබුණා. සරලවම කියලා තිබුණෙ මට කවදාවත් වෙන රටකට යන්න ඕනෙ වුණේ නෑ, මේ රටේ අහිංසක මිනිස්සු සනීප කරලා ලැබුණ සතුට මට ලොකූ එකක් සහ අවසානෙදි හිතෙන විදියට එයාගෙ වෙද ජීවිතේ ස්වර්ණමය යුගය අවසන්! එයාගෙ ආඩම්බරය sri lankan health sector එක විනාස වෙමින් යනව කියන එක.!

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!