ගිරිදේවි

in hive-133716 •  2 months ago 

ශාන්ති දිසානායක මහත්මිය විසින් රචිත ගිරිදේවි කියන්නෙ පස්සෙ කාලෙක ටෙලි නාට්‍යක් වුණ ලස්සන නවකතාවක්. ශලනි තාරකා දක්ශතම නිළිය විදියට සම්මානිත වුණෙත් මේ ටෙලිනාටය තුළ ආශා එහෙමත් නැත්නම් ගිරිදේවි විදියට කරපු රංගනය වෙනුවෙන්. හෙතු දෙකක් නිසා මං මේ කතාව නොබල හිටියා. ඒත් අපේ ගෙදර අය මේක බලපු නිසා මේකෙ සමහර කොටස් මම දැක්කා. එකක් තමයි පොතක් කියවන්කොට මං මවාගන්න රූප, මිනිස්සු, පරිසරය පොඩ්ඩ්ඩක් වත් වෙනස් වෙනවට මම ආස නැති එක.

70C798B0-E28C-450D-91EA-3DF9A88D1D3A.jpegsource

හැබැයි අවාසනාවකට මේ පොත කියවන්න ලැබුණෙ නාට්‍ය සමහර කොටස් දැක්කට පස්සෙ වුණ නිසා මට ඒ චරිත වලට මවාගන්න වුණේ ටෙලිනාට්‍යේ චරිත වල හිටිය අයමයි. ඒ පරිසරය සහ රූප. මට තිබ්බ අනෙක් හේතුව තමයි නෙතලි නානායක්කාර නිරූපණය කළ ආශාගෙ ආච්චිගෙ චරිතයේ තිබ්බ දුක, වේදනාව දරාගෙන බලන්න බැරුවුණ එක. ඉතින් කොහොමහරි මේ ළඟකදි මට මේ පොත කියවන්න ලැබුණා. ඉතින් මේ කියන්න යන්නෙ ගිරිදේවි නාට්‍ය ගැන නෙමෙයි, පොත ගැන.

ශාන්ති දිසානායක මහත්මිය කියන්නෙ ලංකාවෙ ඉන්න දක්ශතම ලියන්නියක්. ඇගේ වාලුකා මහපොලොව විදියටත්, ගිරිදේවි ගිරිදේවි විදියටමත්, ගිරිකුළ ගිරිකුළ විදියටමත්, දඩමංකඩ වියළි විදියටත් ටෙලිනාටය වලට නැගිල තියෙනවා. වියළි නම් මේ දවස් වල තාමත් විකාශනය වෙන ගමන්. ගිරිදේවි ට වුණ දේ නොවෙන්න මං ඉක්මනටම පොත ගෙන්නගන්න order එකකුත් දාලයි තියෙන්නෙ.

දුශණයක ප්‍රතිපඵලයක් විදියට ඉපදෙන ආශා ව එයාගෙ ජීව විද්‍ය්යාත්මක අම්මත් තාත්තත් පිළිනොගන්න තැනකදි ආශාව හදගන්නෙ එයාගෙ ආච්චි අම්මා. පාසලේදි, එළියෙදි සහ හැමතැනකදිම වගේ නිතරම සිද්ධ වෙන කොන් කිරීම්, අපහාස වගේ ගොඩක් දේ නිසා ආශා පෙන්වන්නෙ ඉතාම රලු ගතිගුණ. ඒක කොච්චරද කියනව නම් එයාට පණ දෙවෙනි කරල ආදරේ කරන වයසක ආච්චිටත් පෙන්වන්නෙ කියවන්නනට ඉවසන්න බරි තරමෙ රුදුරු කමක්. පුංචි කාලෙ ඉඳන් කිසිම සැපක් නොවිඳපු ආශාගෙ ජීවිතේ ඉස්සරහට ගලන් යන හැටි තමයි මේ කතාවෙ පෙන්නවන්නෙ. ශාන්ති දිසානායක මහත්මිය හොඳ අධ්‍යනයක් කරන්න ඇති ආදරේ අහිමි වීමේ කේදවාචකය කොච්චර දරුණු එකක්ද කියල පෙන්වන්න.
ඔයාලත් කියවලා බලන්න!

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

හැබැයි අවාසනාවකට මේ පොත කියවන්න ලැබුණෙ නාට්‍ය සමහර කොටස් දැක්කට පස්සෙ වුණ නිසා මට ඒ චරිත වලට මවාගන්න වුණේ ටෙලිනාට්‍යේ චරිත වල හිටිය අයමයි.

Mulinma novel eka kiyawanna baru unama godakma film eke and drama wala tibba dewal walata images seema wenawa. Math wadiura kamathi mulinma novel eka kiyawanna e nisa