ඒ කන්ද පාමුල කුඩා නිවසකි
බොහොම උදයෙන් කවුලුවෙන් දුම් දමන
එක් ඇසැති පූස් තඩියෙකි
ඉපැරණි පොත් රාක්කය මත
බොහොම සනීපෙන් නිදන..
කරුණාවන්ත මහත්මයා
බොහොම පුංචි තමයි මගෙ මේ ජීවිතේ
ඔබට ස්තූතියි දුන්නාට
නපුරු වදනින් සහ ගල් පහරින් තොර
බෝම උණුසුම් ගෙදරක් සහ ආදරයක්..!
සිවිලිමෙන් තොර වහලයේ
පරාලය මත කඩිසරෙන් ඇවිද යන
ලේන බිරිඳකි..
"සමාවෙන්න මහත්මයා
අද බෝම කාර්‍යබහුලයි
ඇවිත් යන්න බැරි වුණා ඒ පැත්තෙ..
ඉතින් කොහොමද සැප සනීප?යි
අසා යන්නට මඳක් නවතින..
(නියම ගම්බද කෙල්ලක් වගේම)
නිතර ඇර ඇති කවුලුවකට
පිටින් කුඩා ලෑල්ලකි
ආහාර සහ ජලය සමඟ
ආදරය පුරවා ඇති..
නිතරෝම එහි
කුඩා පොල්කිචි කෙල්ලක් සමඟ තාත්තෙකි
රිලා අම්මෙක් සමඟ දඟකාර කොලුවෙකි
සිවුරු හොරෙක්ද විය හැකිය( කිසිම හොරකමක් නොකළ)
"ස්තූතියි මහත්මයා ඔබේ කරුණාවට"
කියා යන්නට අමතක නොකරන..
දොරකඩෙහි හිනැහෙන
දයාබර ඇහැළ ගස් දෙකකි
වසන්තයටත් ගිලන් කලටත්
ඔය තමයි ඉතින් ජීවිතේ හැටි
කියාගෙන ගාම්භීරව ඉන්න
(නාකි සීයා කෙනෙක් වගේම)
ඉතින් ඒ කුඩා නිවසේ
මහලු කෙස් ඇති
තරුණ මිනිසෙකි..
පෘථිවි ගෝලයෙ
පුංචි හදවත් වෙනුවෙන්
සදහටම හැර තැබුණු
නිසංසල කවුලුවකි..!
සමහරක් විට කවි කියන්නෙ ඇත්ත ලෝකෙ තියෙන දේවල් වලට නෙමෙයි. මගේ යාලුවෙක් ඊයෙ රෑ මට කිව්වා කවි කියන්නෙ බොරු වලට කියලා. එක අතකින් බැලුවහම ඒකත් ඇත්ත. අනෙක් පැත්තෙන් ඒව කවදාවත්ම ළඟා කරගන්න බැරි දේවල්. ෆැන්ටසි. නොස්ටැල්ජික් හැඟීම්. කන්ද පාමුලින් තියෙන මෙන්න මේ ගෙදර අයිති ඒ මහත්මයට නෙමෙයි. මට. ඒ ගෙදර හැදුවෙ මම. ඒ මහත්මයා ව හැදුවෙත් මම..!
ඒ මහත්මයා හරිම කරුණාවන්තයි. මේ ලෝකෙ මිනිස්සු නොසලකා හරින පුංචිම පුංචි ජීවිත ගැන එයා හරියට සලකලා තියෙනවා. ආදරේ දීලා තියෙනවා. ඒ නිසයි එයා නගරෙ කාණුවක උන්න පූසෙක්වත් ගෙදර අරන් ආවෙ. සමහරක් විට බල්ලෙක්, ඌරෙක් ව වුණත් දාන්න තිබුණා. ඒත් එතකොට කවිය දිග වැඩි වෙනවා.
මේව නොස්ටැල්ජික් හැඟීම්, බොරු, හීන වෙන්නත් පුලුවන්. ඒත් සමහරක් විට දවසක මං මගේ කන්ද පාමුල ගෙදර ගෙදර හොයාගනී.
අන්න ඒ දවස වෙනකම් මං කවි ලියනවා!
We support quality posts, and good comments anywhere, with any tags.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔය හොද කිවිදියක්. දිගටම ලියන්න.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ස්තූතියි!❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Kawi kiyanne boru walatat wada mama hithanne ape hegeem and they are alive in our emotions.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව්. ඒක හරි.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
👌👌❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit