පොත කියවන් යනකොට උගුර හිරවෙන තැන්, කඳුලු එන තැන් කම්පනයක් දැනෙන තැන් ගොඩාක් තියෙනවා. සන්නස්ගල සර්ගෙ අම්මා ඉන්න කොටසෙ මුලු ජීවිත කතාවම ඒ පොතේ තියෙනවා. ඒ අම්මා කොච්චර අහිංසකද?? කවදාවත් දැක්කෙ නැති චීත්ත හැට්ට අඳින පරම්පරාවෙ අකුරු නූගත් අම්මා කෙනෙක්ට මේ රටේ මිනිස්සු කොච්චර ආදරේ කරන්න ඇතිද මේ පොත කියවලා. මට එහෙම හිතනවා.
ඒ අම්මා තමන්ගෙ ස්වාමි පුරෂයාගෙන් ගුටි කනවා. දුප්පත්කමින් අසීමිතව බැට කනවා. දරුවන්ගෙ නොහොබිනා කම් වලින් බැට කනවා. හැම දෙයක්ම දරාගෙන මහ පොළොව වගේ දරුවන්ට ආදරේ කරනවා.අම්මගෙ පොඩි පුතා ඒ අම්මට සැලකුවත් හිතූ තරමට සලකගන්න බැරි වුණ පසුතැවීම මේ පොතේ හැම තැනම තියෙනවා.
අම්මා අගස්ති මාලයකට ආස කලා වගේම තමන්ගෙ පොඩි පුතා(සන්නස්ගල සර්) ඒක කවදහරි ගෙනත් දෙයි කියලා ජීවිත කාලෙම බලන් හිටියත් ඒක වෙන්නෙ නෑ. අම්මා මැරුණට පස්සෙ අගස්ති මාල පනහක් ගෙනත් අම්මගෙ වයසෙ තව අම්මලා පනහකට බෙදලා දුන්නා කියලා අම්මගෙ පොඩි පුතා මේ කතාවෙ කියනවා දරුණු පසුතැවීමකින්.
මේකෙන් දෙන වැදගත්ම පණිවිඩය රචකයාට දැනෙන මේ කම්පනය සහ පසුතැවීම කිසිම කෙනෙක් අයිති කරගන් එපා කියන එක. ඒ පණිවිඩය මේක කියවන පුංචි ළමයෙක් පවා ග්‍රහණය කරගන්න තරම් මේ පොත සංවේදී සහ සරලයි. ඒක වයසක අම්මා තාත්තා වෙනුවෙන් විතරක් නෙවෙයි අපි වටේ ඉන්න හැම ආදරණීයයෙන් වෙනුවෙන්ම ආදේශ වෙන් ඕනෙ.
මම ආදරය කරන කෙනෙක්ට මේ මොහොතේ කරන්න ඕනෙ දේකට මම කම්මැලි වෙනවා හෝ හෙටට කල් දාන්න හිතුණොත් ඉක්මනටම මට මේ පසුතැවීමේ කතාවත් මතක් වෙනවා. සමහර පොත් වලින් ඇති කරන දේවල් ඒ තරම් ප්‍රබලයි.
සන්නස්ගල සර්ට මේ රටේ කැමති මිනිස්සු වගේම විවේචනය කරන මිනිස්සුත් ඉන්නවා. කැමති වත් අකමැති වත් වෙලා නොහිටියට සර්ගෙ "අම්මා" අම්මගෙ පොඩි පුතාව මගේ කැමතිම චරිතයක් කලා. ඒ කතාව ඒ තරම්ම අව්‍යාජ යි. හැමෝම "අම්ම" ව කියවන් ඕනෙ. ඒ අම්මගෙන් අපේ අම්මව කියවගන්න පුලුවන්. අම්මලා ගෙ හිත් කොච්චර ලොකුද, සුන්දරද, ආදරණීයද අව්‍යාජ ද කියලා කියවගන්න පුලුවන්.
මගේ ෆෝන් එකේ මකන් නැතිව තියන් ඉන්න එකම පොත මේක. ඒ මං මේක නිතර කියවන හින්දා නෙමෙයි. මං මේ පොතට ආදරේ හින්දා. නිතර කියවන් නැත්තෙ මට අඬන් නැතිව ඒක කියවන්න බැරි හින්දා. "අම්මා" කියන්නෙ ඒ තරම් දුක්බර, සුන්දර කවියක්. 💚
සන්නස්ගල සර් ගේ පොත් අතරින් විශිෂ්ටම පොතක් තමයි අම්මා. ලේඛකයකු වශයෙන් දැනෙන්න ලියන කෙනෙක්. මං ආසම ලේඛකයෙක්.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
💖😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
This is the best book written by sannasgala sir ❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
yep. I've read others too. I didn't feel any of them.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
දෙමාපියන්ට, අපේ ආදරණීයන්ට අපෙන් ඉටුවිය යුතු යුතුකම් සහ වගකීම් හරිම වෙලාවට ඉටුකළ යුතුයි. නැතිනම් සන්නස්ගල සර්ට වගේ අපි හැමෝටම පසුතැවෙන්න වෙනවා.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
💚
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මට සන්නස්ගල සර් ව දෙපාරක් හමුවෙලා තියෙනවා.සර්ගෙ තැප්‍රොබේන් එකේදි.මට පොතක් හොයාගන්න බැරුව ඉන්න වෙලේ සර් ඇවිත් බිම දනගහන් පොත හොයල දුන්නෙ.විවේචන පැත්තකින් තිබ්බොත් සන්නස්ගල සර් කියන්නෙ ඔලුවෙ ලොකුකම් තියන් ඉන්නෙ නැති හොද මනුස්සයෙක්
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මමත් එහෙම හිතනවා💚
දවසක තැප්‍රොබේන් එකට යන් ඕනෙ. අහලා තිබුණට ගිහින් නෑ.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Yan........
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Steem Sri Lanka Discord Channel
✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Sannasagala sir kiyanne mata nam sira waddek... Koccara deshapalanika washayen wiwechana thibbath godak kathawala ganna thiyena dewal godayi... Me potha thamayi ewagen hondama eka... Anith paththata, pahalama thanaka indan katta kala thank hadagaththa manussayek...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මටත් එහෙම තමයි. දුක් විඳලා තියෙන තරම් සහ ගොඩක් දේවල් අව්‍යාජව කියලා තියෙන හැටි. එහෙම කියන්නත් පුදුම හයිය කොන්දක් තියෙන් ඕනෙ. දේශපාලනික කතා මම අහලා නෑ. මනුස්සයෙක් විදියට ගත්තම ඒ පෞරුෂයට මම ආදරෙයි.❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔයා ලියල තියෙන විදියට තවත් ආස හිතෙනවා මේක කියවන්න..මම කලින් කිය්වල නෑ. ඒත් අනිවාර්යයෙන් කියවනවා❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අනිවාර්‍යෙන් කියවන්න. ඔයා ආස වෙයි❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ekanam atta mara lassani ❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
💖😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
@prasadi(63); මං අහල තියෙනවා මේ පොත පුරාම තියෙන්නේ සන්නස්ගල සර්ට අම්මාට සලකන්න බැරි වීමේ පසුතැවීමයි කියලා.කියවලා තිබුනෙ නෑ.ඒ නිසා ස්තුතියි උපුටනවලට. එතුමා දක්ෂ ලේඛකයෙක්. මං කියවලා තියෙනවා නිර්වාන, ලලායනය, වස්සාන සිහිනය. ඒ තුනම එකිනෙකට වෙනස් භාෂා ව්‍යවහාර තුනකින් ලියවුණු ඒවා. නිර්වාන අමුතුම පොතක්.ඒක කියවා කවියක් ලියලා එතුමාට Messenger යැව්වාම මට ලොකු 👍ක් එවා තිබුණා. මං ඒ කවිය save කලා මතකයි.තිබුනොත් steemit දාන්නම්.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit