වැලන්ටයින් කිව්වම මතකෙට එන ගොඩාක් දේ තියෙනවා. රෝස මල්, තෑගි, ආදරේ සහ තවත් ගොඩාක් දේ. සමහර දේවල් නම් ගොඩාක් මෝඩයි කියලත් හිතෙනවා. ඒ කොහොම වුණත් වැලන්ටයින් දවස ගැන කියනකොට සුහර්ශණී ධර්මරත්න කියන කිවිඳිය ලිව්ව මේ ලස්සන කවිය මට හැමදාමත් මතකෙට එනවා. මේක මුලින්ම කියවලා දැන් අවුරුදු හතරක් විතර වුණත් තවමත් මට සමහර කොටස් කටපාඩම්. මං හිතුවා ඒ කවිය ඔයාල එක්කත් බෙදාගන්න ඕනෙ කියලා.
වැලන්ටයින් දවසෙත් අපි රණ්ඩු වුනා...
පොඩි දුවට වයිරස් උණ - රෑ තිස්සෙම ඇඟ තෙම තෙම
හිටියේ ෆිට් එකට බයෙන්.
ලොකු චුටිට විභාගේ අද - මං හිටියේ බත් බැඳ බැඳ
ඒ වෙලාවේ චුටි හැඬුවේ ඇඳුම තෙමන්....
චුටිගේ තෙත මාරුකරල - ලොකුගේ සුදු ගවුම මැදල
ඉවර කරලා උණ බැලුවම දන්නෙම නැහැ
එකසිය ගානටම නැගල - චූටි හැඬුවේ වෙවුල වෙවුල
එයා හිටියේ රැවුල බබා - උරුහන් බානවත් ඇහුනා
බබා බලන්නට කීවම - එයාට අද යකා වැහුණ
ඒත් අම්මේ මම ඉවසුව....
එයාගේ අම්මා හිටියේ බණ අහ අහ - ටී වී එකටත් වැඳගෙන
" ළමයි බමයි නිදිකරලා අපි නම් කුඹුරටත් ගියා"
එයා කිව්වේ මට ඇදේට ..- එත් අම්මේ මං ඉවසුව.
මේ සේරම කරන්න මට - තියෙන්නේ අත් දෙකයි කියල
කිව්වෙත් මං බොහොම හෙමින්
මගේ කරුමෙට ඒක ඇහිල
" ගෑනු දෙතුන් දෙනෙක් ගන්න කියලද දැන් මට කියන්නේ"
එයා ඇහුවේ සද්දෙ දමල
" මගේ මොකද ' මාත් කිව්වා..
" තමුසේ කියනකං හිටියේ මටත් ඕක හිතුණ " කියල
එයා කිව්වේ, ඔළුවේ ජෙල් ගාන ගමන්
ඒ වෙලාවේ මතක් වුනේම - කොටට කොටේ ගවුම ඇඳන්
අවරුදු පාටියට ඇවිත් - එයා එක්ක මුකුළු කරපු- ජැකී ෂෙරන්.
අම්මේ මට යකා වැහුණ - වතුර ජෝගුවත් පෙරළුණ
එයා ගියේ කේන්තියෙන් - ලොකු ගියේ බඩ ගින්නෙම
නැන්දම්මත් බුම්මගෙන - කෑවෙත් අද එහා ගෙයින්
ඔෆිස් එකට කෝල් කරලා - බබාට උණ කීවම
වැලන්ටයින් සමරනවද " සර්රුත්" ඔච්චමට ඇහැව්ව
ඊයේ ෂෝර්ට් ලීව් දමල - ගත්ත කමිසේ බෑග් එකේ
දෙන්න හිතෙන්නෙත් නැහැ දැන්
අම්මෙ මට බනින්නෙපා - වැලන්ටයින් දවසෙත් අපි සණ්ඩුවුනා.
කෘතිය : සුදු වත ඇඳි කෙකිනිය කාව්‍ය සංග්‍රහය
කර්තෘ : සුහර්ෂිණී ධර්මරත්න
ජීවිතේට සහකරුවෙක් තෝරගන්නකොට අපි කොයිතරම් ප්‍රවේසම් වෙන් ඕනෙද කියලා මෙන්න මේ කවිය කියල දෙනවා. බලන්න මේ කතාව ඇතුළෙ තියෙන තනිකම, දුක, වෙහෙස සහ පසුතැවීම. කොයිතරම් අමිහිරි වුණත් මේ කවිය මං ආසම, මට අමතක නොවෙන විදියෙ කවියක්! මේක ලිව්ව සුහර්ශණී ධර්මරත්න නැන්දට ගොඩාක් ස්තූතියි. සමහර විට මේ කවිය දැකලා එක්කෙනෙක් හරි එයාලගෙ ජීවන සහකරු තෝරාගැනීම ගැන තව පාරක් තදින් හොඳින් හිතන්න ඇති කියලා මට හිතෙනවා!
Happy Valentine's day to the world! ❤️
Woow! The flowers looks so beautiful.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you ❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hariyatama hari. Adugane karunawantha kenek hoyaganna ona🫡
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව් ❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit