For a New fight |5% to SL Charity

in hive-133716 •  3 years ago 
අවුරුද්දෙ අවසාන දවස අද වුණත් ආයෙ ගෙවිලා ගිය අවුරුද්ද දිහා හැරිලා බලලා ලියන්න දෙයක් නෑ කියලා හිතෙනවා. අවුරුද්දක්ම මතක් කරන එකත් ලේසි නෑනෙ . අද උදේ දැනගන්නකම් අදින් මේ අවුරුද්ද ඉවරයි කියලා ලොකුවට මතක තිබුණෙත් නෑ. ඒ මොනවා වුණත් මේ අවුරුද්ද ඉවරයි! අපි කරපු හොඳ හෝ නරක අරගෙන ඉස්සරහට යන්න පුලුවන්. හොඳ හෝ නරක!

IMG_20211231_055101.jpgYear End Morning

මං නැවතිලා ඉන්න හරියෙ පොඩි ළමයි ටික රතිඤ්ඤා දාන්න, අහස් කූරු දාන්න පටන් අරන්. එයාලගෙ ග්‍රවුන්ඩ් එක තියෙන්නෙ අපේ බැල්කනියට අල්ලපු වැටේ. රෑ දහයට බැලුවත් පොඩි සෙට් එකක් සෙල්ලම් කරනවා. මේ දැනුත් ඉන්නවා. රතිඤ්ඤා සද්දෙට මගේ ඔලුවත් රිදෙනවා. ඒත් එයාලට ආදරේ හිතෙනවා. හවසට තේ එකක් බිබී මං බලන් ඉන්නෙ ග්‍රවුනඩ් එක දිහා. රැයක් දවාලක් නැතිව සෙල්ලම් කරන, රතිඤ්ඤා දාලා අවට ගෙවල් වල මිනිස්සුනට වදයක් වෙන කාලෙ කොච්චර ඉක්මනටද අපෙන් ඈතට ගියේ?

IMG_20211229_091718.jpgChritsmas cakes before the New year

මේ අවුරුද්ද ඇතුළෙ වුණ හොඳම දේවල් වලින් එකක් විදියට steemit එක ගැන කියන්නම ඕනෙ. ඒක කොච්චර හොඳ ඳ කියනවා නම් Steemit Sri Lanka කියන නම අහලා වත් නැති මේ රටේ මිනිස්සු කීයකට අපි එකතු වෙලා උදව් කළාද. ඒ වගේ පරිත්‍යාගශීලී හිත් ගැන, Steemit sri Lanka යාලුවෝ ගැන ආදරෙන් ලියලා තියන් ඕනෙ.

IMG_20211231_055115.jpg

ඊට අමතරව පෞද්ගලිකව ගත්තොත් ඉස්සර මට ඕනෙ වුණා අසරණ මිනිස්සුන්ට උදව් කරන්න. පොඩි වුන්ගේ පොඩි පොඩි ආසාවල් ඉශ්ට කරන්න. Steemit Sri Lanka community එක එක්ක එකතු වෙන්න කලින් ඒක තිබුණෙ අනාගතේ. රස්සාවක් කරන දවසක. ඒත් දැන් ඒක හැමවෙලේම වර්තමානයේ තියෙන දෙයක්. ඒක මට කොච්චර ලොකු සතුටක්ද කියන්න ඇත්තටම මම දන් නෑ. ඉතින් ඒ හින්දා ගෙවුණ අවුරුද්ද ගැන ලියනකොට මං ලියන් ඕනෙ හොඳම දේ ඒක තමයි!

මේ අවුරුද්දෙ මගේ ජීවිතේට ලස්සන පාටක් දුන්නට ස්තූතියි @steemit and @steemsri.Lanka!

එළඹෙන දවස් තුන්සිය හැට පහ එක්ක වඩා හොඳ, සුන්දර සටනක් දෙන්න ඕනෙ හයිය හැම කෙනෙක්ටම ලැබෙන් ඕනෙ!

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Happy 2022!! 😍🌻

Aniwa.oyatat e shakthiya noaduwa labenna ona.

Happy new year 💖. Anitima dawasa amataka wena ekat pudumayak nemei. e taram ikmanata aurudda gewila giya.

Happy new year!

Wish you a Happy New Year nangi

For a new fight.
Oh yes. 😍

රතිඤ්ඤා සද්දෙට මගේ ඔලුවත් රිදෙනවා

mehe nm raa eli wenaknma iwarayak na

Wish u good luck with the new fight
happy new year akke!!🥳🥳

එළඹෙන දවස් තුන්සිය හැට පහ එක්ක වඩා හොඳ, සුන්දර සටනක් දෙන්න ඕනෙ හයිය හැම කෙනෙක්ටම ලැබෙන් ඕනෙ!

ගොඩක් හොද idea එකක්

Happy new year akka.