අපි දැනටමටත් දන්නවා කලාවෙන් කරන්නෙ මිනිස්සුන්ව මානසිකව වගේම කායිකවත් සුවපත් කරන එක කියලා. චිත්‍ර අඳිනවා කියන්නෙත් කලාවක්. ඒකෙනුත් අපි මානසිකව වගේම කායිකව සන්සුන් වෙනවා කියලා අපි අත්දැකීමෙන්ම දන්නවා. හැබැයි චිත්‍ර අඳින්න ගිහින් ඕකෙ අනිත් පැත්තත් මට වෙලා තියෙනවා. හැබැයි මං කවදාවත් වැඩියෙන් හිතලා තිබුන් නෑ මානසික රෝගීන් ව සුවපත් කරන්න ආර්ට් තෙරපි යොදාගන්න එක. ඒක කරන එක එක ක්‍රම තියෙනවා. මේ අපි ඔක්කෝම එකතු වෙලා කරපු එක ක්‍රමයක්.
මුලින්ම සුදු පාට වයිට් බෝඩ් එකක සුදු පාට කොළයක් අලවලා පළවෙනි ස්ටෙප් එක විදියට අපි කැමති පාටක් තෝරගෙන අපි කැමති ඕනෙම දෙයක් අඳිනවා. ඉතින් එක එක අය එක එක පාට වලින් එක එක දේවල් ඇන්දා.
පස්සෙ අපි ඒ කොලේම එක එක්කෙනා ගිහින් ඉරි අඳින්න ගත්තා. අපිට කැමති විදියට කැමති පාටකින් ඒක අඳින්න පුලුවන්. එක්කෙනෙක් ගිහින් එයාගෙ ලයින් එක නවත්තන තැන දිහා හොඳට බලන් ඉඳලා අනෙක් කෙනා එතනින් ලයින් එක පටන් ගන්න විදියට තමයි වැඩේ යන්නෙ. මුලු කොලේම ඉරි වලින් පිරිලා බලි කුරුටු චිත්‍රයක් වගේ වුණාට පස්සෙ තමයි ඊළඟ ස්ටෙප් එක.
අර බලි කුරුටු අස්සෙන් හොයාගන්න පුලුවන් දේවල් අපි ලස්සනට පාට කරන් යන එක තමයි ඊළඟ ස්ටෙප් එක. සමහරු සත්තු හොයන් පාට කළා. මල්, ගස්, කුරුල්ලො වගේ එක එක දේවල්. සමහර වෙලාවට එක්කෙනෙක් හොයාගන්න දේවල් තව එක්කෙනෙක් හොයාගෙන පාට කරන දෙයින් මැකිලා යනවා. කොහොමහරි අන්තිමේදි මතු වුණ චිත්‍රෙ තමයි මේ.
ඉතින් ඒ ටික වෙලාවෙදි තේරුම් ගත්ත දෙයක් තමයි අපේ මනස රිලැක්ස් වෙනවා. අවධානය වැඩි වෙනවා. චිත්‍ර අඳින්න පුලුවන් වෙන්න ඕනෙ කියලා දේකුත් නැති නිසා හැමෝටම සතුටින් කැමැත්තෙන් කරන්න පුලුවන්. මනෝ චිකිත්සාවෙදි මේක පාවිච්චි වෙනකොට රෝගියෙක්ට මේකෙන් ලැබෙන වාසි ගොඩක් තියෙනවා. ඔය ඔක්කොම පැත්තකට දැම්මත් කලාව කියන්නෙ ඔසුවක්. ඉතින් ඔයාලටත් මනස රිලැක්ස් කරගන්න මේ වගේ දෙයක් කරලා බලන්න පුලුවන්.
පස්සෙ මට thank you කියලා කියන්නත් පුලුවන්!😁 මේ චිත්‍රෙන් ඔයාලට පේන දේවල් පහළින් කමෙන්ට් කරන් යන්න.
ඇත්තටම ඒ ක්‍රමේ හිතට ඇල්ලුවා. මම මේකෙ මුහුණු දෙකක්, පූසෙක්, සමනලයෙක්, කාන්තාවක්, දිය කිඳුරියක්, සීල් මත්සයෙක් සොයා ගත්තා. එක තවත් කෙනෙකුට හොයා ගන්න පුලුවන් වෙන්නත් පුලුවන්. බැරි වෙන්නත් පුලුවන්.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔයා ගොඩාක් දේවල් හොයාගෙන😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මේ වගේ ක්‍රමයක් මම ඇහුවෙ පළවෙනි වතාවට, ඇත්තටම ඒක නියමයි.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Try කරලා බලන්න😁❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
I don't have much idea about pictures. I don't understand the depth of the car. But looking at this picture of you, it seems that there is a lot of depth in it. Please explain.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Actually we can give a meaning according to our view. First we drew some lines and then found various things hidden in the lines. That's all we did.😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thanks for explaining.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
කලාවෙන් මිනිස්සු මානසිකව සහ කායිකව සුවපත් කරනවා කියලා අහල තිබුනට මේ ක්‍රමය දැනගෙන හිටියේ නෑ.❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Aluth deyak. Adamai a gana dana gaththe.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
meka aththatama chithra kramayak. nama nam mathaka na dn. me krameta chithra andina aya innawa loke. lankaweth mn dakala thiyei. issara apitath chithra walata padamak thibba mehema.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit