කම්මැලි ක්‍රමේට pizza හදමු!

in hive-133716 •  22 days ago 

899B80F4-C076-4D00-9933-69808E214FC6.jpeg

එදා මුලු දවසම වහිනවා. හවස් වෙනකොට කම්මැලි බඩගිනියි. ඉතින් මං හිතුවා pizza හදන්න ඕනෙ කියලා. ඊට පස්සෙ මම මගේ ආසම sri lankan cooking tube chanel එක M.R Kitchen බලලා පිටි අනන්නෙ නැතුව, ලේසියෙන් pizza හදන හැටි ඉගෙන ගත්තා. හැබැයි ගෙදර cheeze තිබුණෙ නෑ. ඊට් පස්සෙ bandi full you tube chanel එකෙන් බලා ගත්තා කොහොමද චීස් නැතිව චීස් රසට පීසා හදන්නෙ කියල. ඉතින් මෙන්න මෙහෙමයි.

අවශ්‍ය දේ
පාන් පිටි 150g (පීරිසි කෝප්ප 1ක් වගේ)
බිත්තර 2
අර්තාපල් ගෙඩි 1
ලුණු තේ හැඳි 1/2
ගම්මිරිස් තේ හැඳි 1

චීස්( ඕනෙම වර්ගයක් ආස විදියට)
තක්කාලි සෝස්
බී ලූණු ගෙඩියක්
අමු මිරිස්
සෝසේජස්, මාලු, චිකන්( කැමති නම්)
කෑලි මිරිස්

ඉතින් මුලින්ම අර්තාපල් ගෙඩිය grate කරලා හෝ හීනියටම කපාගන් ඕනෙ. ඉන් පස්සෙ ඒ ටික වතුරට දාලා තෙත අයින් වෙන්න මිරිකලා ගන්න. ඊට පස්සෙ බිත්තර දෙක එකතු කරලා හොඳින් mix කරගෙන පාන් පිටි, ලුණු තේ හැඳි 1/2 සහ ගම්මිරිස් තේ හැන්දක් එකතු කරන්න. පස්සෙ හොඳින් mix වෙනකම් විනාඩි 3-5 අතර කාලයක් mix කරගන්න ඕනෙ. දැන් ඔන්න pizza මිශ්‍රණය හරි. ඉතින් ඊට පස්සෙ ගැළපෙන pan එකක පොල් තෙල් ගාලා, pizza මිශ්‍රණය ඒකට දා ගන්න ඕනෙ. අඩු ගින්දරේ තමයි pizza එක හදාගන්න ඕනෙ. මේකට යන්න විනාඩි 3ක විතර කාලයක්. එක පැත්තක් හොඳින් හැදුණට පස්සෙ අනෙක් පැත්ත හරවලා ලිප off කරලා අපි topings එකතු කරගන්න ඕනෙ. එහෙම කරලා තවත් විනාඩි 5ක විතර කාලයක් පියනෙන් වහලා පිසගන්න ඕනෙ.

මං කිව්වනෙ චීස් තිබුණෙ නෑ කියලා. ඒත් මං චීස් රසට හදාගන්න ක්‍රමයක් හොයාගත්තා. Toping එකට ඕනෙ හැමදේම මං pizza එක ලිපේ තියන්න කලින් හදාගත්තා. චීස් එක හදන්න ඕනෙ ඇස්ට්‍රා/ බටර්/පොල් තෙල් මේස හැඳි 1, පාන් පිටි මේස හැඳි 1 සහ fresh milk හෝ පිටි කිරි පීරිසි කොප්ප 1/2. ඉතින් මුලින් භාජනයක් ලිපේ තියලා ඒකට ඇස්ට්‍රා මේස හැඳි 1ක් එකතු කරලා දිය වුණාට පස්සෙ පාන් පිටිත් එකතු කරලා කැට නැති වෙනකම් හොඳින් mix කරගන්න ඕනෙ. ඊට පස්සෙ fresh milk එකතු කරලා mix කරගන්න. උකු ද්‍රාවණයක් වුණාට පස්සෙ ලිප off කරන්න. මේක කරන්න යන්නෙ විනාඩි පහකට අඩු කාලයක්.

ඔන්න අන්තිමට තක්කාලි සෝස් හොඳින් අතුරලා, ඉන් පස්සෙ හදාගත්ත චීස් එක්ක topings එකතු කරන්නයි තියෙන්නෙ. කෑලි මිරිස් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්නත් අමතක කරන්න එපා.

ඉතින් අන්තිමටම මං මේක මගෙ boy friend ට යැව්වම එයා මට කිව්වා ආහ් වාව් ඒ රොටිය රස පාටයි කියලා. ඒත් ඇත්තටම මේ පොඩ්ඩක් හැඩය වෙනස් වුණ රස pizza!

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @prasadi,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community