අගයන්න පරක්කු වෙන්න එපා!

in hive-133716 •  2 months ago 

6FCA25BF-06CE-40FF-B606-919CF14975B9.jpeg
source

ඊයේට කලින් හැමදාම
තරහවක් ඇවිදන් ගියාට මා තුළින්
කරුණාව නොවෙද දවටං හිටියේ
ඔබ රැයෙහි කුස්සිය අතුගා
දෙවරක් කුණු බඳුන
බිම අනින හඬ
බ්ලෙන්ඩරය අඹරවා
ගම්මිරිස් කුඩු කරන හඬ
අඹ ගහේ ලෑල්ලට බත් දමා
පිඟානෙන් එක් වරක් අනින හඬ

වියළි සිනාවක් නැඟුණාට හිත තුළින්
ඒ දවස් වල
මිහිර වෙද සැඟවී තිබී ඇත්තේ
ඔබේ අරුමැසි කෝප්ප වල
දොරෙන් ඇතුල්වෙන තැන
ඔබ ළඟදි තැබූ ගසේ කොළ වල
මේ වහල යට ජීවිතය තුළ

ඔය කොතන හරි තිබ්බාට දුන්නු පළියට
අමිල වූ යමක් වෙද රැඳී තුබුණේ
රතු පාට කුඩා බයිසිකලය තුළ
ඇත්තටම එකක් ගැන සිහිනයක උන් දවස
අපි දෙන්නා වුන් කුරුටු බලි චිත්‍ර වල
මට ඇහෙන්නට කියූ ඔබ ලියූ කවි වල
හදිසියෙ රැගෙන විත් මගෙ මූණ බලා උන්
කමිස වල!

ඊයෙ උදයෙත් ඇස් වලින් ඉල්ලුවත්
කියන්නට බැරි වුණා ඔබ බොහොම හැඩ වග
තේ එකෙත් සීනි වැඩි බව තමයි කියන්නට
තිබ්බෙ වෙනදාම පුරුද්දට
කෑම රහ වෙනදටත් වැඩී කියන්නට බැරි වුණා
ඒකත් පුරුද්දට
ස්තූතියි කරලම නැද්ද මං ඔබට ඇත්තමයි
අනේ ඒකත් පුරුද්දට!

හැමදේම ඔබ වග දැනන් උන්නේ නෑ
ඊයෙ වෙනකම්ම
හැමදාම දිනා තිබුණේ මම නෙවෙයි ඔබ
මට දිනුම දුන්නාට
උයන්පල්ලෙක් වගේ මගෙ මේ ජීවිතේ
හැමදාම මල් උයන් මැව්වාට
කලු වළාවක් හද ඔතාගෙන දුකකිනි
ඔබ නික්මුණේ
ලබන්නට සුදුසු කිසිවක්ම නොලබාම,
නොකියාම

මේනකා!
මේ
පරාජිත හැඟුම හැර
මට කියා කිසිවක් ඉතිරි නෑ දැන්
ජීවිතේ මට!

දිග කාලෙකට පස්සෙ මම කවියක් ලිව්වා. මං හිතුවා ඒක් ඔයාල එක්ක බෙදාගන්න ඕනෙ කියලා. ඒ කවිය ලියන්න හේතුව වුණේ මේකයි. ඔයාල කවදහරි grateful වෙලා තියෙනවද ඔයාලගෙ ඇස් වලට? කකුල් වලට? අත් වලට? අම්මා උයල දෙන කෑම වලට? ඔයාට සහෝදරයෙක් ඉන්නවට? ඉතින් දවසක මේක ඔයාගෙන් ගිලිහිලා ගියොත් ඔයා දැනගන්නවා ඒක කොච්චර වටින දෙයක්ද කියලා. අන්න ඒ විදියට ගිලිහෙන්න කලින් අපි ඒ දේවල් වලට grateful වෙනව නම් මේ ලෝකෙ කොච්චර ලස්සන තැනක් වෙනවද?

ඉතින් ඒ වගෙම තමයි ඔයාගෙ ලඟින් ඉඳන් ඔයාට ආදරේ කරන අයව. එයාල හැමවෙලෙම බලගෙන ඉන්නවා ඔයා එයාලට ලස්සනයි කියනකම්, මේ කෑම හරිම රසයි කියනකම්, ඔයා ගෙ ඇඳුම් ලස්සනයි කියනකම්, ඔයා මේ විදියටම ඉන්නවට ස්තූතියි කියයි කියලා බලාපොරොත්තුවෙන්! ගිලිහෙන්න කලින් ආදරෙයි කියන්න. ස්තූතියි කියන්න. අගයන්න. ජීවිතේ හරිම ඉක්මනින් අවසන් වෙනවා!

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Hi @prasadi,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



I also personally realized many times in this year that any moment can be turned into a "last" without any warning. So it's always better to be grateful, instead of leaving any regrets behind.

💚