Chungking Express (1994)

in hive-133716 •  24 days ago  (edited)

"We're all unlucky in love sometimes. When I am, I go jogging. The body loses water when you jog, so you have none left for tears. I can't cry, May always thought I was a cool guy."

image.png
Source

දාන්න වටින කතා නං හැටහුටහමාරක් තිබුණා ෆිල්ම් එකේ. ඒ උනාට කැමතිම පාඨය දැම්මා.
මං කියන්නේ මේකයි, කොල්ලෙක්ගේ හිතේ කෙල්ලෙක් ගැන ක්‍රෂ් එකක් ඇතිවෙලා ආදරේ කරන හැටි පෙන්නනවට වඩා... කෙල්ලෙක්ගේ හිතේ කොල්ලෙක් ගැන ක්‍රස් එකක් ඇතිවෙලා ඒ ආදරේ, සිතුවිලි එහෙම පෙන්නන එකේ හෙනම ගතියක්, අමුතු සුන්දරත්වයක් තියේ.. එතකොට මරු අප්පා! අර Amelie (2001) එකෙත් ස්ටෝරිය ඇදගෙන යන්නේ ඒකෙන් තමයි. හරි අලංකාරයි. ඒ වැඩේ කරන්නේ Wong Kar Wei උනාම? මැක්සා තමා.. 😍✌

මේ මගේ දෙවැනි Wong Kar Wei චිත්‍රපටය. පළවෙනි එක In the Mood for Love (2000) මං ආසම ෆිල්ම් වලින් එකක්. ඉතින් මේක ගැනත් සැකයක් තිබුණෙ නෑ. Plot එකේ cop කෑල්ලක් ගෑවිලා තියෙනවා දැක්ක නිසා මං හිතුවේ ත්‍රිලර් එකක් වෙන්න ඇති කියලා. නෑ මේකත් ලව් ස්ටෝරියක්.
ඔව්, ලව් ස්ටෝරියක්. හැබැයි Plotwise ගිහිං ඊළඟට මොකක්ද වෙන්නේ කියලා බලන්න හදපු ෆිල්ම් එකක් නං නෙමෙයි. මේකෙ තියෙන්නෙ කතා දෙකක්. මේ කතා දෙකේ ඩිරෙක්ට් සම්බන්ධයක් මටනම් පෙනුනේ නෑ, (සමහරවිට තියෙන්න ඇති, මං දැක්කෙ නෑ) ඩිරෙක්ටර් උත්සාහ කරන්නේ වෙනස් අවස්ථා දෙකක් අරං එයාට ඕන දේ පෙන්නන්න. මේක මුලින් හිතලා තියෙන්නේ අවස්ථා තුනක් අරං කතා තුනකින් පෙන්නන්න, ඊටපස්සේ තමයි දෙකකට වෙනස් කරලා තියෙන්නේ. අන්න ඒ හිතපු තුන්වැනි කතාව තමයි Wong Kar Wei, Fallen Angels (1995) කියලා එළියට දාන්නේ..
Chungking Express හැදෙන්නේ මෙහෙමයි, Wong Kar Wei දිගටම වැඩ කරමින් හිටපු Ashes of Time කියන Epic Drama ෆිල්ම් එකේ දිගින් දිගටම වැඩ කිරීම නිසා එක්තරා විදියකට Wong Kar Wei 'හෙම්බත්' වෙලා හිටියා කියලයි කියන්නේ. අන්න ඒ නිසා පොඩි 'විවේකයක් ' ගන්න කියලා තමයි පොර පුංචි පහේ ලව් ස්ටෝරියක් හදන්නේ, ඒ තමයි මේ Chunking Express. මාස තුනකින් වගේ පොඩි කාලෙකින් වැඩේ ඉවර කරාට පස්සේ මේකෙන් පොසිටිව් වෙන Wong Kar Wei ඊටපස්සේ ඒ ගැම්මටම Ashes of Time එකේ ලොකු වැඩෙත් ඉවර කරලා දෙකම 1994දී එළියට දානවා.. ෆිල්ම් එක ඇතුලෙදිත් අපිට ඔය පොඩි, කඩිසර ගතිය ටිකක් දැනෙනවා.

කොහොමහරි මේ ෆිල්ම් හදන එකෙන් පොරගෙ අරමුණ තිතටම ඉස්ට වෙනවා. අරක හදන්න අවශ්‍ය ගැම්ම ලැබෙනවත් එක්කම Chungking Express බොක්ස් ඔෆිස් ද රේටිං ද විචාරක පිළිගැනීම ද ඔය ඔක්කොම උපයාගෙන Ashes of Time ටත් වඩා ලොකු ජනප්‍රියත්වයක් ලබා ගන්නවා..

ප්ලොට් එකක් කිව්වොත් බං කොටිංම මේකෙ තියෙන්නෙ තරුණ පොලිස්කාරයෝ දෙන්නෙක්ගෙ ලව් ලයිෆ්වල අවස්ථා දෙකක් ගැන. හරිම සරලයි. නළු නිළියන්? ලෙජන්ඩරි Tony Leung, හොංකොං ගායිකා Faye Wong සහ Takeshi Kaneshiro කියන කඩවසම් තරුණයා එක්ක කාලෙකට කලින් චිත්‍රපට තරුවක් උන Bridgette Lin. කතා කරන්න ඕන චරිතෙ තමයි Faye Wong. ඇය මේක නිකුත් වෙලා අවුරුදු කීපයකට පස්සෙ හොංකොං වල ගායන ක්ෂේත්‍රයේ බැබලුන තරුවක්. අන්න ඒ ගායිකාවගෙ රංගනයට පිවිසෙන කුළුඳුල් රංගනය තමයි Chungking Express එකෙ Faye චරිතය. මේ කුළුඳුල් රංගනයෙදිම ඇය ඉතාම කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙනවා. අර කිව්ව කට්ටිය හතරදෙනාම ප්‍රධාන නළු නිළියන් උනත් ඒ ඔක්කොටම වඩා faye චරිතය බලන කෙනාගෙ ඇස් උදුරාගන්නවා. වෙන විදියකට කිව්වොත්, Chungking Express බලලා Faye ගැන ක්‍රෂ් එකක් ඇති නොවිච්ච මිනිහෙක් ඉන්නවනම් ඌ මනුස්සයෙක් නෙමෙයි!

මේ වෙනකං ලියපු ගොඩක් දේවල් එහෙන් මෙහෙන් කියවලා දැනගත්ත ඒවා. මේක පැහැදිලිවම ආට් ෆිල්ම් එකක්. හැම පොඩි දේකම ආට් එකක් තියෙනවා. ඇත්තටම මේකෙ ඇතුලේ තියෙන හැංගුන තේරුම උඩින් පේනවට වඩා පොඩ්ඩක් තියෙනවා. (මට ඕවා පේනවා හරි අඩුයි). In the Mood for Love එකේදි Wong Kar Wei ගෙ කැපී පෙනුන ටෙක්නික් එකක් වෙච්ච Frame එකක් ඇතුලෙ Frame එකක් පෙන්නන සීන් එක අපිට මේකෙදිත් දකින්න පුළුවන්. (මං පහළ එකක් දාලා ඇති කඩේක එළියෙ ඉඳන් ඇතුළ කැමරාවට ගන්න එක.) ඒ තවත් මේකෙ කැපී පෙනෙන දෙකක් තමයි කණ්ණාඩි නැත්නම් දර්පණ පාවිච්චිය, සහ හිතාමතා බොඳ කරන එක. (පෝස්ටර් එකටත් පාදක කරගෙන තියෙන්නේ ඒක) ඒකෙන් දෙන තේරුම පට්ටයි. ඇත්තටම අපේ ජීවිත කොච්චර තනියි ද?
කලර්ස් ගැන කියන්න දෙයක් නෑ. මුල් කොටසේ Cinematographer Andrew Lau, දෙවෙනි කොටසෙ Christopher Doyle. කියන්න ඕන නෑ, දන්නෝ දනිති. වර්ණ යොදාගැනීම ඉතිං උපරිමයි. කලර්ස් කියන්නේ ඩිරෙක්ටර් කෙනෙක්ගෙ හොඳම ආයුධයක්. ප්‍රේක්ෂකයා කතාව බලද්දී නෝට් නොවෙන දෙයක්. ඒත් ඔහු නොදැනුවත්වම ඒක විඳිනවා. ඔය ආයුධය සුපිරියටම පාවිච්චි කරන, ඒක මගින් ෆීලින් එකක් සන්නිවේදනය කරන කෙනෙක් තමයි Wong Kar Wei කියන්නේ.
එහෙනම් දැන් මං...
හෝව් හෝව්. මියුසික් ගැන කතා නොකර යන්නේ කොහොමද මේකෙ? අපිට ෆීලිං එක දෙන්න මේකෙදි ලොකු වැඩ කොටසක් කරන්නේ මියුසික් එක. California Dreaming, Cranberries කියන සිංදු තමයි ෂෝ එක රන් කරන්නේ. තිතටම!

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @praveenw96,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community