දීපාවලී අහස සහ ඒ අහස යට ගිරව් | 10% to SL-Charity

in hive-133716 •  3 years ago 

photo_2021-11-04_19-45-41.jpg

අද දීපවාලි වුණත් mercantile holiday එකක් නොවුණ නිසා වෙනද වගේම වැඩට යන්න සිද්ධ වුණා. යන්න වුණා කිව්වට ගෙදර ඉදන්ම තමයි තාමත් වැඩ කරන්නෙ. කොහොම හරි වෙනදට වඩා කලින් වැඩ ටික ඉවර කරගන්න අද පුළුවන් වුණා. පොඩි මල්ලිත් ඉංග්‍රීසි ඉගෙන ගන්න අපේ ගෙදර ඇවිත් තිබුන නිසා හවස එයා එක්ක අපි පාරෙ ගිරව් බලන්න ගියා. මල්ලි නම් ගියේ එයාගේ ටිපර් එක නුලකින් ඇදගෙන. අපිත් එක්ක අද බිංගො ත් ගමනට එකතු වුණා.

දවසෙම වැස්සත්, හවස 5 වෙද්දි ටිකක් පායල තිබුණ නිසා අපි හෙමින් පාරට ආව. පාර කිව්වට මේක ප්‍රධාන පාරක් නෙවෙයි. අපි අසාවෙන් ගියත් කුරුල්ලො නම් දකින්න හිටියේ නෑ. තව ටිකක් ඉස්සරහට යද්දි දිරච්ච අත්තක විවේක සුවයෙන් ඉන්න දෙමලිචි රංචුවක් දකින්න ලැබුණ . තත්පර කීපයක් ඒ දිහා බලන් ඉද්දි හිතුවෙ නැති විදියට එතෙන්ට ගිරව් කිහිප දෙනෙක් කඩාගෙන් වැදුණා.

photo_2021-11-04_19-48-03.jpg

මට තේරුණ විදියට නම් ගිරව් එනවට දෙමලිච්චන් ගෙ නම් ඒ තරම් කැමැත්තක් තිබුනෙ නෑ. දෙමලිච්චෝ ටික වහාම එහාට මෙහා වෙලා ගිරවුන්ට ඉඩ දුන්න. ඒ අතරම කවුඩෙක් තවත් ගිරවෙක්ගෙ පසු පසින් එළවගෙන වේගයෙන් පියාඹල යන්න ගියා. අපි නොදන්න ප්‍රශ්න කුරුල්ලො කුරුල්ලො අතර කොයි තරම් නම් ඇතිද.

photo_2021-11-04_19-47-59.jpg

ගිරව ලස්සන වගේම අහංකාර සතෙක් කියල මට හිතුණ. කොහොම වුණත් එකිනෙකාට නොකැමැත්තෙන් වුණත් එකම ගහක එක එක අතු වලට වෙලා කුරුල්ලෝ 10ක් විතර තමන්ගේ හැන්දෑව රස විඳින හැටි පොඩි මල්ලිත් මාත් බලාගෙන හිටිය.

photo_2021-11-04_19-45-57.jpg

පාර දිගේ අපි තරමක් ඉස්සරහට ගියත් අද හිතු තරම් කුරුල්ලො දකින්න ලැබුණේ නෑ. ඒ නිසා අපි ටිකක් වට පිට බල බල ඉස්සරහට ගමන් කරා. වාසනාවකට වගේ අද අහසේ දේදුන්නක්. ඒක පොඩි මල්ලිට හොඳ අත්දැකීමක් වුණා. ඇඟිල්ලක් දික් කරාම දේදුන්න මැකෙන බව මං පොඩි කාලේ අහල තිබුන. ඒක ඒ විදියටම මම එයාටත් කියල දුන්න. දේදුන්න දැනටමත් මැකී යමින් තිබුනෙ.

photo_2021-11-04_20-45-12.jpg

අපි ආපහු එද්දී හවස 6 ට කිට්ටුයි. එතකොට තමයි අහසෙ හොඳම ටික. මුළු අහසම තැඹිලි පාටයි. ගහ කොළ අඳුරත් එක්ක කළු පාටට පෙනුන. තැඹිලි පාට අහසත් කළු පාට අඳුරු සෙවණැලිත් අපූරු චිත්‍රයක් මැවුව. "අන්න... රතුම රතු පාටයි අහස..." පොඩි මල්ලි උඩ පැන්න, ඒක තමයි දීපාවලී අහස. දීපාවලී තියෙන්නේ අමාවක දවසට. අහස මේ තරම් ලස්සනට සැරසෙන්නෙ අමාවකට...

photo_2021-11-04_20-48-32.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Hawasata ahasa hari lassanayi. wada iwara wela podi raumak dana ekath maru nh.

@tipu curate 2

මං ආසම සමහර දවස් වලට හවසට පේන තැඹිලිපාට, කහපාට අහසට 💛

Kurullontath minissu wage prashna athi. Apeth ethin sinhala demala muslim wage eyalageth jathi agam beeda. Koi looketh ekai.😂

Anika oya girawa kiyana sathage kiyawilla wedine..

Eka sebeewa.

කුරුල්ලෝ දිහා බලන් ඉද්දි හිත සැහැල්ලු වෙනවා....

හිතට සැහැල්ලුවක් දැනුනා මේක කියෙව්වම

it's your luck. You have a short time after the rain stops. in the afternoon the birds returned to their nests, but I saw that the parrot had no nest to sleep in.

parrot article is very good to read. but I haven't clearly seen the parrot, I only saw the white, green parrot in the picture

මේ හැම කුරුල්ලෙක්ම වගේ ගමක, ලොකු ගෙවත්තක් තියෙන තැනක දකින්න තිබුණොත් මිසක නගරයට වෙන්න දැන් දකින්න තියෙනවා අඩුයි.

හවසට පාට පාටින් පේන අහස දිහා කොච්චර බලන් හිටියත් ඇති කියලා නම් හිතෙන්නෙම නෑ . 😍

kula mala prashna athi kurullontath. 😂 api okkoma kurullone kiyala hithanna bari hati neda.

koma unath hawasa oya kiyana welawata ahasa harima lassanai. 😍

Den nam niyama photographer kenekwela.❤