ඕලු විලේ මාළු වලිය.. | 10% to SL-Charity

in hive-133716 •  3 years ago 

photo_2021-10-05_18-39-25.jpg

මලක් පිපෙනකම් මේ තරම් උනන්දුවෙන් මම ඉඳලම නැති තරම්. ළඟ පාත වෙලෙන් මල් පැල ගෙනත්, කොන්ක්‍රීට් වැඩපොලෙන් එක හිටවන්න පොච්චියකුත් ගෙනත් පලවෙනි මල පිපෙනකම්ම මම steemit එකේ ඒ ගැන කතා කරල ඇති. එත් පලවෙනි මලෙන් පස්සේ මාසයක් විතර යනකන්ම පොහොට්ටුවක්වත් නොදැකපු නිසා දවස ගානේ පොකුණ ගාවට ගහින් මම කොළ එහා මෙහා කර කර බලනවා. පස්සේ තමයි තේරුනේ පෝච්චිය තිබුණ තැන අව්ව වැටෙන මදි කියල. ඒ නිසා අමාරුවෙන් මල්ලිත් අල්ලගෙන හොඳට අව්ව වැටෙන තැනකට පොච්චිය මාරු කරා.

එකෙන් ඔයාලට ඉගෙන ගන්න තියන පාඩම තමයි, වතුරේ හැදෙන පැල වලට හොඳට ඉර එලිය ඕන කියන එක. තැන මාරු කරනවත් එක්කම ගොඩක් සරුවට ඔක්කොම පැල ටික හැදෙන්න ගත්ත. ඉරිලා තුවාල වෙලා තිබුණ කොළ එකින් එක මැරිල ගිහින් ලස්සනට කොළ පාටට අලුත් කොළ හැදුනා.

photo_2021-10-05_19-14-45.jpg

ඊට පස්සේ මම බලන් හිටියේ කොයි මොහොතෙද අලුතෙන් මල් පිපෙන්නේ කියල. මේ පොකුණේ වර්ග දෙකක් තිබුන. ඕලු සහ නිල් මානෙල්. එහෙම දවස ගානේ බලද්දී තමයි දැක්කේ පුංචිම පුංචි සාරි ගප්පි පැටව් එහෙ මෙහෙ පීනනවා. පොකුණ පුංචි වුණාට ජන ගහනය නම් වැඩිවෙන පාටයි. ඒ වගේ දේවල් බලාගෙන ඉද්දි හරිම සතුටක් දැනෙනවා.

උන්ට පුංචි පුංචි පාන් කෑලි දැම්මම හැමෝම ඇවිත් එක රොත්තට පොරකනව. මේ පුංචි පොකුණේ ඒ තරම්ම කෑම හිඟද කියන එක නම් ටිකක් ඇතුලට ඔලුව දාල බලන්න ඕන දෙයක්. ඉතින් මම අද ඔයාලට පෙන්නන්න යන්න මාළු ගැටුම නම් කෑම නිසා ඇති වුන දෙයක් නෙවෙයි. මාළු ගැන නම් මම දන්නෙම නැති තරම්. මේ ගැටුම නම් සිද්ද වෙන්නේ ගැහැණු මාළුවො ටිකක් සහ පිරිමි මාළුවෝ ටිකක් අතර. එහෙම ගැටුම් ඇතිවෙන විවිධ හේතු තියනවනෙ. මේක නම් මට පෙනුනෙ අකමැති කමක් නිසා ඇති වුණ ගැටුමක් වගේ.

මාසෙක විරාමෙකින් පස්සේ පහු ගිය සතියේ පුංචි මල් කීපයක් පෙති විහිදෙව්ව. ඕලු මලක් වගේම නිල් මානෙල් මල් කීපයක්. මේ තියෙන්නේ මම ගොඩක් අසාවෙන් හදාගන්න මගේ ඕලු පෝච්චිය.

photo_2021-10-05_18-39-15.jpg

දැන් ඊළඟට තියන ප්‍රශ්නය තමයි මේ හැම මලක්ම හරිම පුංචියි. Photo එකෙන් ලොකුවට පෙනුනත් මේ ඕලුමල අගල් දෙකකට වඩා වට ප්‍රමාණයක් නෑ. ඕලු මල් කොහොමත් පොඩි කියල හිතුවත් මේ නිල් මානෙල් මලත් අගල් 3 ක වගේ වට ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මීළඟට හිතන්න වෙන්නේ කොහොමද මේ මල් ලොකුවට සරුවට හදාගන්නේ කියන එක.

photo_2021-10-05_18-39-20.jpg

දැන් මට ආසයි මේ වගේ තව පොකුණක් හදන්න 🤗

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Nice post akki,
Mamat asai olu hadanna et mata pokunak na

එකෙන් ඔයාලට ඉගෙන ගන්න තියන පාඩම තමයි, වතුරේ හැදෙන පැල වලට හොඳට ඉර එලිය ඕන කියන එක

අපිටත් ඔය වැඩේ උනා.

මේක නම් මට පෙනුනෙ අකමැති කමක් නිසා ඇති වුණ ගැටුමක් වගේ

අපේ යාලුවො යාලුවො වලි දාගන්නවා වගේ ඇති 🙊.

🤣🤣🤣...

Hi @randulakoralage,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Please consider to approve our witness 👇

Come and visit Italy Community

Podi unt lassnai oyge pond eka hbai😍😍

thanku ane..

හිටවල තියන පෝච්චියෙ පොහොර මදි නිසාද දන්නෙ නෑ පොඩියට හැදෙන්නෙ නේද? මාලුවොන්ටනම් හොදටම තරහ ගිහින්. මටත් ආසා හිතුන මේකක් හදා ගන්න.😋😁

meke ekak kawuru hari karama hamoma ekama krnwa ne. hondai hondai. ehema thamai wenna ona. pora danna bane ithin. danawalu habai,

ඇත්තටම 🐟 වලියට හේතුව මොකක් වෙන්න ඇතිද..

ඔයාලනෙ ඉතිම් ඕව දන්නෙ

අපිනම් දන්නේ නෑ ඕවා... රණ්ඩු වලට යන්නේ නැති අහිංසක ළමයි අපි...

ඔයා ඔය කියපු විදියට මටත් ආස හිතුන, ඇත්තටම ජලයේ පිපෙන මල් පැල ටිකක් හිටවන්න.

හිටවන්න හිටවන්න. අපි රැල්ලක් හදම්🤓

අර උසට නටුව ගිහින් පිපෙන ලොකු මල් මොනාද එතකොට... මානෙල්ද?

e nelum ne. loko mal loku kola

mewada? me nelum. ewa soi. math hoygann ona
image.png

Anna hari.ewa thamai..ewa lassanai...

Ow.. pansal wala thiyenne😍.. Rasila ge gedara thiynwa ona

මං ජලජ මල් හදලම නෑ. ඒකත් අපූරුයි.මේ කාලෙ සිමෙන්ති හිඟ නිසා ලොකු බඳුන් හොයා ගන්න අමාරුයි.

විදුරු මාළු ටැංකි තියාගන්නවට වැඩිය මේ වගේ පොකුණක් හදාගන්න ඒක තමා ලස්සනම 😍

Ekane. Oyai akkaith eka hadaganna. Ekath kaden genawata wada jolly serama hoyagena haduwama

මමත් දැකල තියෙනවා මේ වගෙ pondවල හැදෙන ඕලු මල් ගොඩක් පොඩී.ඒත් විලේ මේ මල් ලොකුවට හැදෙනවා.පරිසරේ විවිධ මේක තමයි.

Ow eka nam aththa. Monwa hari karala hadagann ona lokuwata mal

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



මාලුන්ටත් මේ දවස්වල අමාරු කාලයක්

Eka hari. Paan unath milaine

ඒ කතාව නම් මරු 😍

තෑම්ක්ස්

ඒ මාළු රණ්ඩු වෙන්නේ පවුල් ප්‍රශ්නයක් නිසා වගේ.🤭🤭 එහෙමත් නැත්නම් හෙවනෙ හිටපු මාළුන්ට අවුව වැටෙන්න දීලා ඒකට තරහ ගිහින්ද දන්නෙ නෑ.🙊

ඔන්න ඔය ඕලු මල් තමයි මෙහෙත් තියෙන්නෙ. ඒ පැළවලත් පහුගිය ටිකේ මලි පිපුණා. ඔය සයිස් තමයි. චූටි මල්.

අපේ පොකුණෙත් මානෙල් මලක් පිපිලා තිබුණා අද....😍😍

මාසයක් විතර යනකන්ම පොහොට්ටුවක්වත් නොදැකපු නිසා

පොහොට්ටුව නම් එපා වෙලා තියෙන්නේ දැන් 😊

Ape ammath Olu pala hitola thiyenawa ewayeth mal podi.

ehenam hatiyak wenna athi ne..

Ammath kiwe ewa loku wena ewa newei kiyala.

මාත් පැලයක් ගත්තා. හැබැයි සල්ලි වලට. දැක්කම නම් ඒකට ආස හිතුනා. මල් ටික හැදුනාම ගොඩක් ලස්සන ඇති☺️

Keeyak giyada oyata? Monawada gaththe pele?

oya malu walata asa nathi kattiya malu hadanne???

මම හිතන්නෙ පොකුනෙ ප්‍රමාණය අනුව තමයි මලේ ප්‍රමාණය ලොකු කුඩා වෙන්නෙ.....