Hambanthota Bird Park | Part II

in hive-133716 •  3 years ago 

photo_2022-01-18_18-29-33.jpg

ඊයේ මම කතා කරානෙ කුරුල්ලො ගැන. අද කියන්න යන්නෙ මේ කුරුළු උයනෙ photos ගහන්න තිබුණ ලස්සන තැන්. අපේ මල්ලිගෙ අලුත් phone එක මේ වැඩ වලට ගොඩක් උපකාරී වුණා. ඉතින් කුරුළු උයනෙ ටික දුරක් යද්දි මේ ලස්සන තැන් ටික මතුවෙනව. ගමන් මාර්ගය ඊතල වලින් ලකුණු කරල තියන නිසා පිළිවෙලට හැමදේම පහු කරගෙන ඉස්සරහට යන්න පුළුවන්.

අපි පළවෙනියෙන්ම නැවතුනේ දුරට විහිදුන පාර ලස්සනට පේන තැනක.

photo_2022-01-18_18-29-10.jpg

මම මෙතෙන්ට ලස්සන නැති වුණාට හොඳට pose කරන්න දන්න කෙනෙක්ට සහ හොඳට light balance කරගන්න දන්න කෙනෙක්ට මෙතන ලස්සන photos ටිකක් ගහගන්න පුළුවන් කියල මට හිතුණා. මම කලින් කිව්ව වගේ මේ හැමතැනටම ටිකක් අව්වයි.

කුරුළු කුඩු අතර වුණත් photos වලට ගැලපෙන වටපිටාවක් තිබුණ. shadows නම් ගොඩක් වැඩියි. ඒ නිසා පොඩි noisy ගතියක්දෝ මන්ද දැනුණ.

photo_2022-01-18_18-48-18.jpg

මම කැමතිම තැන් තිබුනේ කෙලවරට වෙන්න. කොළම කොළ පාටට ලස්සනට නඩත්තු කරපු අන්දර වැටක් එක්ක පඩිපෙලක් තිබුණ. මේව route එකේ අන්තිමට වෙන්න තිබුණ නිසා ලොකු සෙනඟක් හිටියෙත් නෑ. ඒ නිසා ලොකු වෙලාවක් එතන අපි ගත කරා.

photo_2022-01-18_18-29-18.jpg

එතන නම් තිබුණේ පුදුමාකාර ලස්සනක්. මේ වගේ වියළි ප්‍රදේශයක මෙච්චර කොළ පාට පසුබිමක් දකින්න ලැබෙන එකම ලොකු සතුටක්. කොහොමටත් පහුගිය දිනවල වැස්ස ඇතිවෙන්න ලැබිල තිබුණ.

photo_2022-01-18_19-06-46.jpg

කොළ පැහැයට හුරු පාටකින් වතුර රැඳිල තිබුණ හංස පොකුණත් photos වලට හොඳයි කියල නිකමට මට හිතුණ. මොකද ඒ පාටට මම ගොඩක් ආසයි. අපි තැන තැන photos ගහන අතර තුර අම්මලා ගමන ඉවර කරලා එළියටත් ගිහින් තිබුනෙ. ඒ නිසා ටිකක් ඉක්මන් කරන්න අපට සිද්ද වුණා.

20220115_125005.jpg

20220115_130056.jpg

හොඳට මල් පිපුණ බෝගන්විලා කුළුණු තිබුනේ අන්තිමටම. මේ හරියට යද්දි හැමෝම හොඳටම කලුවෙලා දහදියෙන් පෙන්ගිල තමයි ඉන්නෙ. මේ කුළුණු තව ටිකක් කලින් තිබුන නම් වටිනව. මෙතනට කියලත් අව්වෙ වෙනසක් නෑ. ඒ නිසා මේ ලස්සන background එකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න කාටත් බැරි වුණා.

මට උඩ විස්තරේදී මග හැරුණ තව දෙයක් තමයි ආරුක්කු හැඩයට සකස් කරපු පහල photo එකේ තියන shade එක. photo ගහන්න දක්ෂ කෙනෙක්ට මේකෙනුත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මම නම් ඉතින් හිතෙන හිතෙන විදියට රඟපානව.


20220115_123307.jpg

photo_2022-01-18_18-28-44.jpg

photo_2022-01-18_18-29-24.jpg

කුරුළු උයන ගැන කතාව මෙතනින් ඉවරයි. අපේ මල්ලිට නම් share කරන්න ගොඩක් දේවල් ඇති.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

අපේ ගෙවල් ලග තිබිලත් මන් ගිහිල්ල නෑනෙ මේක බලන්න..🙊

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @randulakoralage,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Please consider to approve our witness 👇

Come and visit Italy Community

මම මෙතෙන්ට ලස්සන නැති වුණාට

ඇත්තක්.

Ohoma ekaparata kiyana eka hari na neda malli🌝

beautiful trip, my friend, thanks for your post!

ඒ නිසා මේ ලස්සන background එකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න කාටත් බැරි වුණා.

අපරාධයක් ..😋☝️

ගොඩක් ලස්සන තැනක්. 💝💝🌹🌹💐💐

වටපිටාව හරිම ලස්සනයි 😍💚 ඉක්මනින්ම යන්න ඕනි මාත්....🙊🙊

ලස්සන වටපිටාවක් තමයි. 😍

the beautiful stand against the backdrop is also beautiful. It's fun😍😍, I'd prefer to go into that round tunnel.

සුන්දර ස්ථානයක දී ගත් ආදරණීය පිංතූර

ලස්සන photoshoot එකක්.❤️

Lovely clicks ❤️

හරි ලස්සන පින්තුර ටිකක්නම් තියෙනවා..මාත් දවසක යන්න තමා හිතාගෙන ඉන්නේ