සල් මල් කෙලෙස් මළ | Sakhua and Demerits

in hive-133716 •  3 years ago 

photo_2021-07-14_19-00-48.jpg

සල් මල එතරම් බහුල මලක් නෙවෙයි. මිදුලෙන් මිදුල රෝස, කූඩළු, පිච්ච මල් අපි අනන්තවත් දැකල තියනව. ඒ අතර කවදාවත් නොදුටුව සල්මල මේ තරම් අපට සුපුරුදු වුන හැටි මතකද?

"අමර
නයනා
සල් ගස යට
ඉන්නවා
අර බලන්න
අර සල් මල
ලස්සනයි
මම
ඒ මල
කඩනන්ද?"

එදා එහෙම පාඩම කියවද්දිත් සල්මලක් මම ඇත්තටම දැකල තිබුණෙ නෑ.


බුද්ධ පුජාවට මල් වට්ටි තුන හතරක් පිළියෙළ කරලා අහවර වෙලා මම වට පිට බැලුවේ අද මට මවන්න පුළුවන් අපුරු කතාව මොකද්ද කියල. විහාර බිමේ කොනක තිබුන සල් ගහ මට පෙන්නුවේ අපේ මල්ලි. සල් ගහ මට පෙනුනේ තවත් එක ස්ටීමිට් කතාවක් වගේ.

කුසල් මොහොතකට මල් ආසනේ උඩ තියල කැමරාව මානගෙන මම සල් ගහ යටට ගියා.

photo_2021-07-14_19-00-53.jpg

ඇත්තටම සල් ගහක් මෙතරම් සමීපව මම දැකපු පලවෙනි වතාව මේක. කඳේ මතුවෙන මල් පොකුරු, රේණු පිරිච්ච මල් කෙමිය, ගෝලාකාර පොහොට්ටු, රොන් වලට ඇලි ඇලි ඉගිල්ලෙන මි මැස්සො දිහා බල බල මම වෙලාව නාස්ති කරා. දැහැනෙන් මිදිල මල් ආසනය දිහා බලනකොටයි දැක්කෙ අම්ම ඔරවගෙන බලන් ඉන්නව. ඉක්මනටම ශ්‍රද්ධාවෙන් හිත පුරවගත්ත මම ඉතුරු වෙලා තිබුන මල් වට්ටිය ගිහින් වෙහෙර වහන්සේට පූජ කරලා ප්‍රාර්ථනා පේලියක් මිමිනුව.

photo_2021-07-14_19-43-53.jpg

මම එනතුරු අම්මල ක්ෂාන්තියෙන් බලන් ඉන්න විදිය මම තේරුම් ගත්ත. හිතපු නැති විදියට මතු වුණේ සඳකඩ පහනේන නැගිටලා ආව බළල් පැටියෙක්. අපේ ෆූච් එක්ක ඒ බළල් පැටියව සසඳන්න මම තත්පර 60 ක් ගත කරා. පෙනුම, කටහඩ, හුරුබුහුටිකම මේ හැම දේකින්ම අපේ ෆුච් තමයි එක කියල ආපු චෛතසිකය සඳකඩ පහනෙන් පනිද්දී බිම වැටිලා පොලොවට කිඳා බැස්සා.

ඊට පස්සේ ඉක්මනින් පහන් කීපයක් දල්වල ඉඳගත්තේ බෝධි පුජාවට. දන්න ගාථ ටිකත් පොත බල බල වරද්දන බවක් දැනුන නිසා පොතෙන් ඇහැ අයින් කරන් කට පාඩමෙන් ගාථා සජ්ජායනය කරා.

photo_2021-07-14_19-01-02.jpg

බළල් පැටියත්, සල් ගහත්, දුරකථනයත් අතර මගේ හිත මාරුවෙන් මාරුවට දෝලනය වෙන අතර තුර අපි දෙවියන්ට පින් දුන්න. රාගයත් ද්වේෂයත් මෝහයත් විනාඩි කිහිපයකට අමතක කරලා මම බෝ සිසිලෙන් සැනසුනා. වැලි මළුවේ පොඩි එකෙක් ඇදපු කුරුටු බලි. පොඩිවට චෛත්‍ය දෙකකුත් වැලිවලින්. මමවත් යන කොට කකුලෙන් මේක මකල යන්න ඕන .

ඉමිනා පුණ්‍ය කම්මෙන මා මේ බාල සමාගමෝ.. සතන් සමාගමෝ හෝතු යාවනිබ්බාණ පත්තියා!

photo_2021-07-14_19-32-11.jpg

5% to SL-Charity

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Photo must be ossam.

ලස්සනට ලියල. අමුතු කතාවක්. හැබැයි ගැඹුරු තේරුමකුත් තියෙනව. ඔයා කියන්න උත්සහ කරෙත් ඒක වෙන්න ඕන. ගොඩක් වෙලාවට අපි නොහිතන පොඩි දේවල් නිසා කෙලෙස් උපදිනව. අපි යන්න ඕන හරි මාර්ගෙ පෙනි පෙනි ඒකෙන් ඈත් වෙනව. ලොකු හේතු ඕන නෑ. පුංචි සල් මලක් වුණත් ඇති. 😊

ඔයා හරියටම හරි. හිත කොච්චර එක තැන් කරන්න හැදුවත් හැම තැනම දුවනව

ලස්සනට ලොකු අර්ථයක් එක්ක ලියලා තියනවා.

තෑන්ක්ස් අනේ

ඒක කියවන කොට හිතට අමුතු සහනයක් දැනුනා. හරියට පන්සලකට ගිහින් වගේ හැගීමක්. ඒ අතරේ මට මතක් උනේ මම විද්‍යාපීඨයේ ඉන්නකොට ගියපු පන්සල. ඒ පන්සලට යන පාර දිගටම සල් ගස්. හරිම සුවඳයි. හැම මල් ආසනේකම වගේ සල් මල් වරදින්නෙ නෑ.

කළුතර පන්සලක්ද? සල් මල්, නාමල් හරිම ලස්සන අදැකීමක්

lassana kathawak.. mata sal malak dakapu kalayak mathka ne. pansal giya kalyak mthkath ne dan nam..

🙈🙈🙈 දැන් දැක්කනෙ😊

Sal gasa pin karalada???? Oya pin karalada??? hmmm.... Dekama wenna oni....

අනේ මන්ද. හිත එක තැනක නෑනෙ

බළල් පැටියත්, සල් ගහත්, දුරකථනයත් අතර මගේ හිත මාරුවෙන් මාරුවට දෝලනය වෙන අතර තුර අපි දෙවියන්ට පින් දුන්න.

කෙලින්ම ඔලුවට අවේ දොලන හා තරාංග පාඩම... ඒක මගෙ වැරද්ද..අමුතුම ගතියක් තියෙන්නෙ කියවගෙන යද්දි...මරුවට ලියල තියනවා

අමුතු කතාවක්... අර්ථවත් දෙයක් ...