Long time ago somewhere in a parallel world 2017
ඉරිදා බස් එකට නැගගත්තේ අම්බලන්ගොඩට වෙනකම් වෙනම බස් එකක ගිහින්. හික්කඩුවට වෙලා බලන් හිටියත් ඉඳ ගන්න තියා හිටගෙන ඉන්නවත් බැරි තරම් කට කපල සෙනග. ඒ නිසා අම්බලන්ගොඩට වෙනකම් slow එකක ගිහින් එතනින් වාඩි වෙලා යන්න පුළුවන් වෙයි කියල හිතුණ. පෙට්ටි දෙකකුත් උස්සගෙන තමයි යන්න වුණෙ. අනේ ගිහින් බලද්දි අම්බලන්ගොඩ stand එක පිරෙන්න සෙනග. බස් නැතුව. අවුරුද්දට ඇවිත් ගම් බිම් වලට යන මිනිස්සු වැඩට යන්න එන මිනිස්සු ඔක්කොම. යන්තම් පෝලිමේ ඉඳල බස් එකට නැගල වාඩි වුණා. එක ගෑණු ළමයෙක් කලන්තෙ වෙලා එයාව උස්සගෙන එයා එක්ක හිටි පිරිමි ළමයා බස් එක ළඟ පුටු පෝලිමට ආවා.
ඉතින් බොහොම අමාරුවෙන් කටුබද්දෙන් බහිද්දිත් සෙනග හොඳටම. මට ඉතිරි සල්ලිත් ලැබුණේ නෑ. බඩුත් එක්ක යන්න අමාරු නිසා බෝඩිම ගාවට three wheeler එකක් ගත්තා. වෙනදට රුපියල් 80 ට ගිය දුර ට රුපියල් 112 ක් ගත්තා.
Ambalangoda bus station 2022/04/17
ඊයේ දවස යන්තම් ගැටගහ ගත්තත් අද උදේම data on කරද්දි දැක්කෙ petrol මිල වැඩි වුන කතාව. මොන හේතුවකට හරි ආපහු අදම ගෙදර යන්න ඕන කියන හැඟීම අවා. ඒ නිසා තියන දෙයක් කාල බස් එකකට නැග්ග. ඒ නගින්නත් සෑහෙන වෙලාවක් බලන් ඉන්න සිද්ද වුණේ අද වැඩි හරියක් බස් වැඩ කරන්නේ නැති නිසා. එද්දී මග දිගට පෝලිම්. ඒ වගේම උද්ඝෝෂණ. දෙය්යනේ කියල පාරවල් වහන්න කලින් හික්කඩුවට එන්න පුළුවන් වුණා.
Aluthgama bus station 2022/04/19
හික්කඩුවට ආවම යන්න බස් නෑ. stand එක වටේ ට තෙල් පෝලිම. බස් නැති නිසා හැම තැනම මිනිස්සු. සමහරු උදේ ඉදන්ම මේ වගේ රස්තියාදු වෙවී ආපු අය. වෙනද එකක් යනකොට එකක් එන බස් අද පැය බාගයක් බලන් හිටියත් ආවේ නැහැ. ඉතින් අන්තිමට මල්ලිව ගෙන්න ගන්න සිද්ද වුණා.
හැබැයි, මම පාරවල් වහපු මිනිස්සු එක්ක තරහ නෑ. බස් නැති උනාට තරහක් දැනුනෙත් නෑ. මොකද ඒ හැම මනුස්සයම අද තැලෙනව. ඒ හැම මනුස්සයම හිනා වෙන්නේ ගිනි ගොඩක් උඩ ඉඳන්.
Hikkaduwa bus station 2022/04/19
This post has been upvoted by @italygame witness curation trail
If you like our work and want to support us, please consider to approve our witness
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hi @randulakoralage,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.
Please consider to approve our witness 👇
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ape malli iye iskole gihin iskole arila eddi bagayak dura payin awilla thibune. call ekak wath denna widiyak thibila na gedarata. gedara ayath baya wela.
eka nm atta. eth e ayata therum karala denna ona samanya aya yana parawal wahala wenne eyala wagema aya apahasuthaweta path wena eka kiyala
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
සහතික ඇත්ත.😪
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අපිට ඉස්සරහටත් ජිවත් වෙන්න වෙන්නේ කොහොමත් මේ වගේ බොහොම අමාරු කාලයක් එක්ක තමයි 😢
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ගොඩක් තැන්වලින් පාරවල් වහල 😐 අනේ මන්ද හැම පැත්තෙන්ම තැලෙන්න අසරණ මිනිස්සු විතරයි අන්තිමට 😪
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Parawal wesiya yuththe horunta misa ahinsaka ayata nowe...
Car eke yana un ( mamath giye ehema) wena parawal walin hari ringala yanawa...paare bus eke yana ena ayata ????
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අරගලය කඩාකප්පල් කරන්න සහ දැනට එකතු වී ඉන්න මිනිස්සු දෙකට බෙදන්න දැන් පාලකයෝ ප්ලෑන් කර කර ඉන්නේ. ඒකට එක ක්‍රමයක් තමයි පාරවල් වහන එක.එතකොට ඉක්මනටම මිනිස්සු දෙකට බෙදෙනවා.ඒක අපි පුළුවන් විදියට නවත්තන්න ඕන.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit