To My Forever Friend Roshani.....

in hive-133716 •  3 years ago 

photo_2021-08-20_18-05-02.jpg

හය වසරේ ඉඳන් එක පන්තියේ හිටියත් මමත් රෝෂණිවත් එකම කණ්ඩායමට වැටුනෙ හත වසරේ ඉඳල. ඉස්සර ඉස්කෝලේ ඇරිලා යද්දි දෙන්න දෙන්න එකතු වෙලා පේලි හැදිලයි යන්න තිබුනෙ. මල්කී - පාරමී, දිවංකා - නිකේෂලා සහ රන්දුලා සහ රෝෂණී තමයි කපල් එක වුණේ. ඉස්සර ඉඳන් රෝෂණී කලබල ළමයෙක් නෙවෙයි. මමත් වැඩිය දුවන කෙනෙක් නෙවෙයි. ඒත් ඉක්මනට ඉස්කෝලෙන් එලියට යන්න නම් දුවල ගිහින් පේලිය අල්ල ගන්න ඕන. ඉතින් අපි දෙන්නටම යන්න ලැජ්ජයි. ඔයා යන්න ඔයා යන්න කියා කියා රණ්ඩු වෙනව. අන්තිමට අනිත් යාලුවෝ අපට විහිළු කරනවා. කොහොම කොහොම හරි රණ්ඩු වේවි අවුරුදු 3ක් අපි එකට ඉස්කෝලේ ඇරිලා ගියා.

photo_2021-08-20_18-01-07.jpg
From Roshani to my 13th Birthday, I am 25 now

10 වසරේදී අපි කැඩිලා පන්ති 5 කට වැටුණ. එදා ඇත්තටම අපි ගොඩක්ම ඇඩුව. එත් කිසිම විදියකින් අපේ යාලු කම නම් අඩු වුණේ නෑ. ඉස්සර රෝෂණි ට අපිත් කිව්වේ "මුතු" කියල. ඇත්තටම අපි විහිළුවට කිව්වේ. රෝෂණි ව ඉක්මනට තරහ ගස්සන්න පුළුවන්. හැබැයි ඒ ඇත්තටම තරහ ගන්නවා නෙවේ. ගැහැණු ළමයින්ම 4ක් ඉන්න පවුලක බාලය වෙච්ච රෝෂණි විනය ගැන හරියට හිතුව. හොර වැඩ, කට්ට වැඩ කිසි දේකට සම්බන්ධ වුණේ නෑ. හරිම හෙමින් තමයි එයා කතා කරේ. අහිංසක කාටවත් වරදක් නැති ළමයෙක් විදියට එදත් අදත් රෝෂණි එහෙමමයි.

photo_2021-08-20_18-01-11.jpg
From Roshani to my 14th Birthday, Yeah 11 years ago

එයාට පොඩි කලේ ඉදන්ම හොඳ නිර්මානශීලි හැකියාවක් තිබුණ. ඇත්තටම ඒ එයාගේ තාත්තාගෙන් ලැබුන දේවල්. ඉස්සර පොත් හදන්න දුන්නම අපේ පොත්වලත් මාතෘකා ලියල දෙන්නෙ රෝෂණි. එයාගේ අකුරු රවුම්. ඒ වගේම එක එක හැඩ වලට අකුරු ලියන්න එයාට පුළුවන්. ඒ විතරක් නෙවෙයි, කවි ලියන්න, රචනා ලියන්න, චිත්‍ර අදින්නත් එයාට පුළුවන්. මම වගේම Sports meet එකේ නැටුම් සංදර්ශන වලට බොරු ලෙඩ ගත්තට රෝෂණිට භාරත නටන්න පුළුවන් කියලා අපි විහිළු කරා.

photo_2021-08-20_18-01-15.jpg
Roshani sent me this few months ago

රෝෂණි කියන්නේ නිවුන චරිතයක්. ඒ නිසාම තව කෙනෙක්ට ඇහුම්කම් දීල එයාව තේරුම් ගන්න හොඳ හැකියාවක් එයට තිබුන. මම ඒ හැකියාවෙන් ගොඩක් ප්‍රයෝජන ගත්තෙ A/L වලින් පස්සේ. ගොඩක් හිතට වද දෙන ප්‍රශ්න මම එය එක්ක කතා කරලා තියනව. එතකොට හිතට ලොකු සැනසීමක්.

photo_2021-08-20_18-01-21.jpg

ඉස්සර වගේම තවමත් එයා මගේ ඕන ප්‍රශ්නයක් අහන්න ලේස්තියි. රෝෂණි එයාගේ හැකියාවන් පාවිච්චි කරලා පුංචි ව්‍යාපාරයක් පටන් ගත්ත. ඒ Lassana Crafts. මමත් එක දවසක් එයාගෙන් චොකලට් පෙට්ටියක් Order කරා. එක දීපු දවසේ ඉඳන් පුදුම කැපවීමකින් එයා ඒක හදල දුන්න. එයාගේ හැම වැඩක්ම අතරේ අපි මෙහෙම දාමුද මේවා දෙමුද, මෙහෙම කරා නම් හොඳයි කිය කිය එයා මට ලස්සන නිර්මාණයක් හදල එව්ව. ඒ තමයි අපේ රෝෂණි!!!

ඉස්සරත් අදත් හෙටත් මතුවටත් රෝෂණි වගේ යාළුවෙක් ලැබුණ එක අපට වාසනාවක්. මමත් අපේ යාලුවෝ හැමෝමත් රෝෂණි ට ගොඩක් ආදරෙයි.

HAPPY BIRTHDAY @roshipeiris !

50% to Roshi :)

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Appreciating a good friend is also a good trait of a good friend".

අනේ 🥺ඒක හරිම ලස්සනයී.. ඒ කාලේ දීපු කාඩ් තාම තියෙනවා🥺❤️❤️❤️ thanku රන්❤️❤️

🙊 ඔයාට දුක හිතුනද🙊

ඇත්තටම ඔව් . මම මේ වගේ දෙයක් බලාපොරොත්තු වුණේ නෑ කීයටවත්🥺. ඔයාලා වගේ හොඳ යාළුවෝ සෙට් එකක් ලැබෙන්න මං ගොඩක් පින් කරල තියෙනවා. හැමදාම කියනවා වගේ එක තැනක දෙකක නෙවෙයි. ජීවිතයේ ගොඩක් තැන් වලදි මට ශක්තිය දුන්නේ ඔයාලා🥺🥺🥺❤️❤️

ශා මරු නෙ😍🤩🤩 අන්න යාලුවො❤ ....මගෙත් යාලුවෙක් ඉන්නො රොශිණි කියල🤩🤩

apitath 50% dena yaluwo hitiya nm lokaya meeta wada sundara wenna thibuna 😜😜😜👍

Harima lassanai. Ape chuti teacher issara idalama hoda lamayek neda ehenm 😁. Happy bithday Roshi 💖.

Aneeh🥺❤️thank u Rasi❤

matath aththatama hithila thiyenawa roshi akka hari hodai kiyala. eka dawasai hambune eth e dawasin danuna harima niwuna kenek kiyala 🙈 hoda deyak dakkama e gana godak agaya karana kenek eya 🥺 Happy birthday to her🥰

thank u nangi❤

හරිම සංවේදී කතාවක්. ඒයි රසී @rasinkani තවුසෙත් මෙහෙම එකක් ලියනවකො මං ගැන.

Hina dakinne natuwa innawa.

රෝෂණි කියන්නේ නිවුන චරිතයක්.

🙄 එ්කනම් ඇත්ත. @roshipeiris

සතුටු වෙන්න වෙනස් නොවෙන යාලුකම ගැන.. මටත් මෙහෙම යාලුවෙක් හිටිය. එයා ගැනත් මේ වගේ පොස්ට් එකක් ලියන්න ආස උනත් ඒකෙ අවසානෙ මේ වගේ ලියන්න බෑ..😞

හරිම ලස්සන යාළුකමක් . හැමදාම මේ යාළුකම තියාගන්න ❤️❤️🤗. සුබ උපන්දිනයක් roshi

thank u madu❤

Happy Birthday @roshipeiris 🎂

thank u Dilshan❤

Ape upandina walatath 50% hambunanam apith ada sallikaarayo😐

ehenam hamadama epadennath thibba neda malli?

Anna ekane. Dawas 365me upandine😌

A very beautiful bond.💖 Nowadays it rarely happens. Congratulations on keeping that bond beautiful every day. And happy birthday to @roshipeiris🎂

thank u Chaya❤

You have a beautiful friendship.
Happy Birthday @roshipeiris

thank u @ssjbjapura🤗

happy B'day @roshipeiris .

ඉස්සර රෝෂණි ට අපිත් කිව්වේ "මුතු" කියල

රෝෂණි ව ඉක්මනට තරහ ගස්සන්න පුළුවන්.

anna eka watinawa

thank u aiye🤗

Great friendship

@roshipeiris api dennage yalukama kawada kohoma patan gththda kiyla mata e hati mathakayk nathi unata api dennage yalukama sahena paranai. Api dennatath wada ape thaththala dennage yalukama paranai. Mata mathakai api issara Sigma eke class giyapu hati. Harima sundara mathakayn. Thamth adrei e mathka walata....

Subama suba upandinyak wewa Roshi! 🎉😘💕🤩🌹🤗❤😍

thank u Anu🥺❤

Happy birthday @roshipeiris ...!

thank u Janakee❤

Happy birthday, @roshipeiris akke🎉🎈

thank u nangii❤

හොර වැඩ, කට්ට වැඩ කිසි දේකට සම්බන්ධ වුණේ නෑ.

සිරිමත් වගේ හොඳ ළමයෙක්.

චූටි කාලෙ ඉඳලම එයා හරිම ක්‍රියේටිව් මේ කාඩ් වලින් ඒක පේනවා. මං එයාව ඇත්තට දැකලා වත් නැතිවුණාට එයා ඕනෙ කෙනෙක්ට comfort zone එකක් වෙන්න පුලුවන් කෙනෙක් වෙන් ඇති කියලා මට හිතුණා.

Wish you a nice birthday beautiful girl @roshipeiris!!❤️

aneeh🥺 thank u Prasadi❤

I'm also got a box ... but to be open....

@randulakoralage(73): අපූරු උපන්දින තෑග්ගක්.පොඩි කාලෙ යාළුවො තමයි හොඳම යාළුවො.ඊට පස්සෙ හුඟ දෙනෙක් හමු වුණත්.😍

Surprise, happy birthday, always be close together forever. 🍰