සුන්දර දූවිලි ඇල්ල | 5% FOR SL-CHARITY

in hive-133716 •  3 years ago  (edited)
මට මතක විදියට අමතක නොවන ගමන ගිහින් අදට අවුරුදු 2ක් වගේ වෙනවා. ඇත්තටම ඒ කාලේ ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැති තරම්. ඒ තරම්ම සුන්දර යි. කොහොම හරි එදා උදෙන්ම නැගිටලා ඇදුම් දෙකකුත් ලෑස්ති කරගෙන ගෙදරින් පැන ගත්තේ අම්මේ අද හදිසි යේ lecture එකක් වැටිලා තියෙන්නේ කියලා කියාගෙන. කොහොම හරි ඇත්තටම lecture එකක් වැටිලා තිබුණා. මතක විදියට එදා සෙනසුරාදා දවසක්. Lecture එකත් කට් කරලා මමයි යාලුවො දෙන්නයි කතා කරන් හිටපු විදියටම ගමන යන්න පිටත් වුනා. උන් දෙන්නා ගෙන් එකෙක් අංජු.අනිත් එකා කස්තුරි. ජීවිතේ හම්බවුණ සුපිරි චරිත දෙකක් කිව්වොත් මම නිවැරදි යි. කොහොම හරි අපි දැන් මේ යන්නේ අංජු ගේ ගමේ. උගේ ගම ගාල්ලේ නෙළුව. නෙළුව ගැන ඌ කියලා තිබුන ගමේ සුන්දරත්වය එක්ක එහේ යන්න මටයි කස්තුරි ටයි තිබ්බේ ලොකු වුවමනාවක්.කොහොම හරි අපි ගියේ අංජු ගේ ත්‍රී වීල් එකේ. උදෙන්ම පිටත් වුන නිසා 10 වගේ වෙද්දී නෙළුව ට යා ගන්න පුළුවන් වුණා.ඊට පස්සේ පොඩි කඩේකින් උදේට රොටි කාලා ප්‍ලේන් ටීයකුත් බීලා කෙලින්ම ගියේ දූවිලි ඇල්ල බලන්න.


Location

ඒක දැක්කම තමයි මතක් වුනේ අංජු උගේ ගම ගැන කිව්වේ ඇත්ත නේද කියලා. කොහොම හරි එදා හවස් වෙනකම් ම එතැන හිටියා. නාලා කාලා බීලා එහෙම මාරම ආතල් එකක් තමයි ගත්තේ.


දවල්ට කන්න බොන්න ඔක්කොම සෙට් කරලා දුන්නේ අංජු වා තමයි ඉතින්. ටිකක් අමුතු විදියේ කෑම බීම ටිකකින් තමයි අංජු වා අපිට සංග්‍රහ කලේ.

කොහොම හරි එදා හවස් වෙනකම් ම එතැන ඉදලා රෑ බෝ වෙද්දී lectures ගියපු විදියට ම ගෙදරට එන්න පුළුවන් වුණා.

ඉතින් ජීවිතේ ට ලස්සන තවත් අමතක නොවන දහසකුත් එක්ක සහ මහන්සියත් එක්ක හොද නින්දකට වැටුණා.


-Ransika❤👌🤞

Screenshot (35).png

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

ටිකක් අමුතු විදියේ කෑම බීම ටිකකින් තමයි අංජු වා අපිට සංග්‍රහ කලේ.

ම්ම්ම්... රා නේද 😂😂
මට මතකයි හුඟක් කාලෙකට කලින් ගියා ඔතනට.. මේ දවස් වල යන්න බෑ නේ 😐😐

Owww maru place eka😄😄

Galle is one of my favorite cities but I didn't know about a water fall In Galle. Such an amazing place to visit. 😍💖

It's in Galle neluwa... Location Link

අපිත් යන්න හිටියෙ ඒත් ඒ ඔක්කොම කල් ගියා මේ කොරෝනාවක් හින්ද😪 ගාල්ලෙ වෙලත් තාමත් යන්න බැරිවුන එක ගැනනම් මටම මං ගැන ලැජ්ජයි 🤣🤣🤣

Maru place ekak malli hbai.. hodt enjoy krnn pulwn

නෙළුව ලස්සනයි කියලා අහලා තිබුනට තාම ගිහින් නෑ ඒ පැත්තේ 😬🙊.

Ynnma one paththak.. aththtma maru😊😊😊

මන් ගිහිල්ලත් නෑ😞 අනිවාර්යයෙන්ම්මම යන්න ඔනි තැනක්...ආයෙ කැම්පස් එකට ආවම කොහොම හරි යන්න ඔනි...😍🤩🤩

ow malli maru place ekak enjoy krnn ghn

මිනිස්සු රවට්ටන්න එපා මල්ලි.. ඇත්ත දූවිලි ඇල්ල මෙන්න මේක...සුන්දර බලාංගොඩ...🤩🤩🤩🤩

image.png

https://goo.gl/maps/SuCY5VEuoD715tJU6

Arakth Duwili tmi. 2ktm oka tmi kyne. Dakuneth tynw duwili ellak

හරිම ලස්සනයි ..මම ගිහින් තියෙනව ..අපෙ ගෙදර කට්ටියයි මගෙ යාලුවො දෙන්නෙකුත් එක්ක ගියේ..මරු...අයේ කවදා එහෙම යන්න පුලුවන් වෙඉද දන් නැහැ ..මේ වසන්ගතය ඉක්මනට තුරන් වෙලා අයෙ එ කලෙ උදා වෙන්න ඕන...

Ow mth htn inne aith ynn meken psse