අද 2021 ඔක්තෝබර් මාසයේ 20. ඒ කියන්නේ මේ අවුරුද්දේ වප් පුන් පොහොය දින ය යෙදී තියෙන්නේ අද වැනි දිනක ය. ඉතින් මුලින්ම මම ඔයාලා හැමෝටම සුභ වප් පුන් පොහෝ දිනයක් ප්‍රාර්ථනා කරනවා.
අදත් ඉතින් වෙනදා වගේම උදෙන්ම ඇහැරුණේ site එකට යන්න. පොහොය කියලා ඉතින් අපිට නිවාඩු දවසක් නෙමෙයි නේ. අද උදේ ඇහැරෙද්දී හැබැයි පරිසරයේ නම් අමුතු විදියේ වෙනසක් තිබ්බා. ඇත්තටම වෙනදා වගේ නෙමෙයි. වෙනදා ට වඩා හොඳට එලිය වැටිලා තිබුණා. තව ගහ කොල වලට උනත් ඒ එලිය වැටිලා තිබුණ නිසා අමුතු විදියේ නැවුම් බවක් පෙනෙන්නට තිබ්බා. මම නම් හිතන්නේ මේ හැමදේම වෙන්නෙ ස්වභාව ධර්මයට අනුව තමයි කියලා.
වෙනදා වගේම ඉතින් අම්මත් කෑම එක ඔතලා දුන්නේ අරන් ගිහින් කන්න කියලා . එයාටත් ඉතින් නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක් නෑ මම වැඩ නිසා.කොහොම හරි අද පන්සල් යන්න හිතන් හිටියේ අම්මවත් එක්කන්.
උදෙන්ම ඇහැරෙද්දී අම්මා බණ දාලා තිබ්බා. මට ඇහුනා ඒකෙ කියනවා වප් පුන් පොහොය දිනයේ වැදගත් සිදුවීම් කිහිපයක්.
භික්ෂූන් වහන්සේලාගේ වස් පවාරණය කරන දිනය යෙදී තියෙන්නේ වප් පුන් පොහොය දිනයට යි
වස් පවාරණය කල පසු කඨින චීවර පූජාව සිදු කරන්නෙත් අද වැනි දිනයක යි.
සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රඤාලාභී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබීම.
අනාගතයේ බුදුවන මෛත්‍රී බුදුන් වහන්සේ 500ක් පිරිවර සමග පැවිදි වීම.
මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කළ පසු භික්ෂූන් වහන්සේලා කැඳවා විනය සංඝායනාවක් පැවැත්වීම.
ඔය ටිකක් විතරයි.. ඔක්කොම ටික අහගන්න බැරි වුණා site එකට යන්න ඕන නිසා.
ඉතින් හවස අම්මාවත් එක්කන් පන්සලට ගියා ගොඩක් කාලෙකට පස්සේ. අතුරුගිරියේ පෝරේ පන්සලට තමයි ගියේ. පුරැද්දට ඒ පන්සලට අපි කියන්නේ ගලේ පන්සල කියලා. හේතුව තමයි ඒ පන්සල පිහිටලා තියෙන්නේ ලොකු ගලක් උඩ නිසා.
ඇත්තටම හුඟක් සුන්දර වටපිටාවක් මෙන්ම නිදහස් පරිසරයක් තියන පන්සලක්.



මමත් ඉතින් බුදුන් වැදලා අම්මත් වදිනකන් ඉදලා අපි ගෙදර ආවා. ඒ වගේම හිතටත් ලොකු නිදහසක් දැනුනා.
-Ransika
are you going to work from home? how lucky. btw minimum word count must be 250.. Please consider it
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Please count words correctly... It has 280 words..
Please see the left side bottom of this screen shot. then you can be see word count.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
hmmm my bad 272 words excluding links
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Wada iwara wela hari ammawa pansal ekkaragena yanna labuna nh...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ammoohh oww..eka nm loku deyk
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
පන්සලකට ගියපු කාලයක් මතක නෑ මට🥺. දැක්කම යන්න ආස හිතුනා
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Oww mth hugk kalekin tmi ada gye..🙂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අපිට තියෙන වැඩ නිසා අම්මලටත් නිවාඩුවක් නෑ තමා....😥❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ammoo ow eka nm aththa....
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit