පෙරේදා උදේ මම තාත්තා එක්ක ඇල්පිටියට ගියේ බැංකුවෙන් කරගන්න පොඩි වැඩ ටිකක් තිබුන නිසා. සාමාන්‍යෙන් බැංකුවට එන අයගෙ බයිසිකල් නවත්තන්නෙ, බැංකුව ඉස්සරහම පාර අයිනෙන් තියෙන තීරුවක.
අපි මෙතනට යනකොට, ටිකක් වයසක ගෑණු කෙනෙක් "ලිතයි පොතයි" විකුනනවා. "ලිතයි පොතයි" කියන්නෙ, ලිත සහ ලග්න පලාපල පොත යන දෙකට. ඒ දෙකේ උවමනාවක් නැති උනත්, අවංකව රුපියලක් හරි හොයගන්න උත්සහ කරන නිසා, ගන්න හිතුනා. ඒත් මම දන්නවා මගේ පර්ස් එකෙ එයාට සල්ලි ගෙවන්න මාරු සල්ලියක් නැ කියලා. ඉතිං පර්ස් එක එලියට ඇදලා එයාව අපහසුතාවයට පත් නොකරන්න මම හිතුවා.
බැංකුවට ගිහින් එනකොටත් හිටිය නිසා, තාත්තාගෙන් සල්ලි ඉල්ලගෙන "ලිතයි පොතයි" දෙක ගත්තා. එයාත් කාට හරි දෙන්න කියලා ගෙදරින් එනකොටම මාරු සල්ලි වගයක් අරගෙන.
ඒකත් අරගෙන ආයෙ යන්න බයිසිකලෙ නැග්ගම මම දැක්කා, එයාට සෙරෙප්පු දෙකක් නැ කියල. අපි සෙරෙප්පු නැතුව ගෙදර මිදුලෙ ඇවිදින්නෙත් හරි අමාරුවෙන්... එයා... සෙරෙප්පු නැතුවම ජීවත් වෙන්න සල්ලි හොයනවා. ඒ කිට්ටුව කඩ නැහැ. සෙරෙප්පු දෙකක් අරන් දෙන්න තිබුනානම් කියල හිතුනා. දුකකුත් ඇති උනා.
අද මම අම්බලන්ගොඩ ගියේ, මට ගන්න ඕන වෙලා හිටිය දේවල් කීපයක් ගන්න. මම ඇඳුම් කඩේ පැත්තට යද්දී දුරදිම දැක්කා, එදා ඇල්පිටියෙ හිටිය කෙනා අද මෙහෙ. මම හිතුව දේ ක්‍රියාත්මක කරන්න මට තව අවස්තාවක් ලබා දීලා වගේ.
මට උවමනා දෙවලුත් අරගෙන, අපි ගෙදරට දානවා වගේ රබර් සෙරෙප්පු දෙකකුත් අරගෙන මම කඩෙන් එලියට ආවා. මගේ ලගට ඇවිත් ලිතක් ගන්න කිව්වම, "මම කලින් ගත්තා" කිව්වා විතරයි, බොහොම ස්තුති කියලා එයා ආයෙමත් හැරුනා. ආයෙමත් කතා කරලා "මේක දාගන්න" කියල සෙරෙප්පු දෙක දුන්නම ඒ ඇස් දෙක සතුටකින් පිරිලා ගියා. මටත් සතුටක් දැනුනා.
මට මේ සටහන තියන්න හිතුනෙ ඒ නිසාම නෙමෙයි, එයා ඊලඟට කරපු දේ නිසා මගේ හදවතට ඇති උන ඒ හැඟීම නිසා.
දන්නවද එයා කර දේ, කඩේ දොර අරින්න වහන්න ඉන්න කෙනාට හයියෙන්ම කතා කරලා "මහත්තයා, මහත්තයා.. මේ.. ලැබුනා" කියලා සෙරෙප්පු දෙකත් උස්සලා පෙන්නලා, මාව පෙන්නුවා. ඒ මූනෙ තිබුන හිනාව, කටහඩේ තිබුන සතුට මට පුදුම හැඟීමක් ඇති කලා. මම වියදම් කලේ කොඉතරම් සුලු මුදලක්ද.. ඒත් එයා හැසිරුනේ කොයි තරම් ලොකු දෙයක් ලැබුනා වගේද.
ඊට පස්සෙ මම ෆුඩ් සිටි එකට යන්න ආව වෙලාවෙ, ගෑණු කෙනෙක් එතන පේමන්ට් එක අයිනේ වාඩි වෙලා හඳුන්කූරු විකුනනවා. අවුරුද්දක, එකහාමරක විතර පොඩි ලමයෙක් උකුලෙ. හැමදාම මම වෙනුවෙන් ගන්න, චොක්ලට, බිස්කට්, ස්නැක් ටික ලිස්ට් එකෙන් අයින් කරල, ඒ අම්මටයි බබාටයි උවමනා කරන දේවල් කිහිපයක් අරන් දුන්නා.
බුදු හාමුදුරුවො කියලා තියෙනවා අපේ ලැබීම නොලැබීම තීරනය වෙන්නෙ, අපි කරපු පිං පව් අනුව... අපි ඉහත දන් දුන්න නොදුන්න එක අනුව කියලා. දවස ඉවර වෙද්දි මට සතුටක් දැනුනෙ, කෙනෙක්ගෙ නොලැබීමක්, පුංචි ලැබීමක් බවට පත් කරන්න මගෙන් පොඩි දායකත්වයක් දෙන්න පුලුවන් උනාට. මම ලැබූ සතුට මෙන්ම කීප ගුනයක සතුටක් අද ඔවුන් විදින්න ඇති.
කවද හරි දවසක, මේ සටහන ඒ සතුටු මුහුණු මට ආයෙමත් මතක් කරල දේවි.
I'm really proud of you.🤗
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thanku 🙈
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
By the little things we do,we can make someone more happier than ever.Nice work.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Just a little act can do something big. Thanks for encouragement.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
you have a good heart, always happy in this happy way my friend rasi. I am amazed by your behavior.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
We should try to help other even by little acts.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Yes, of course. Little things are easy to remember forever.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
කොච්චර ලොකු හිතක්ද ඔයාට තියෙන්නෙ.❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
mama kale punchi deyak. eth eka eya maha loku deyak widiyata sathutu una.. eka matath loku sathutak athi kara.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අපි දෙන තරමට තමයි අපිට ලැබෙන්නේ ❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ekath atta. Api deyak dunnama kenekge sathuten apita labena sathutama ati.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
aniwaryenm feedback eka labei..good job
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you so much.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඇත්තටම ලස්සන වැඩක්. ගොඩක් ස්තූතියි ඒ ආදර්ශයට!
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Punchi deyak loku sathutak wenawa kiyala mamath igena gatta.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
සෑහෙන්න පිං අතේ වැඩක්..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
E sathuta dakkama puduma sathutak danune.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit