වැස්ස | 10% for SL Charity

in hive-133716 •  3 years ago 

වැස්ස කියන නම ඇහුවම එක එක අයට එක එක විදියේ හැඟීම් ඇතිවෙන්න පුලුවන්. මම වැස්සට කැමති. වැස්සේ ඕන තරම් තෙමිලත් තියෙනවා. ඒත් දැන්නම් වැස්ස කිව්වම, උණුසුම් තැනකට වෙලා ඉන්න වැඩියෙන් කැමති.

WhatsApp Image 2021-09-26 at 18.35.41.jpeg

මට හැමදාම වැස්සක් දකිනකොට මතක් වෙන දෙයක් තියෙනවා. OL කාලේ ඉගෙන ගත්ත කවි පන්තියක්. ඒකෙ නම "වැස්ස". රචනා කරලා තියෙන්නෙ, එච්. එම්. කුඩලිගම මහතා.

වැස්සක් එනවා පේනකොට හැමදාම අපි කරගෙන ඉන්න වැඩ නවත්තලා, එලියෙ වේලෙන්න දාපු ඇඳුම් සහ තවත් දේවල් තියෙනවා නම් ඒවා එකතු කරගන්න දුවන්න වෙනවා. මේ හැම වෙලාවකම වගේ මේ කවි පන්තියේ අපි ඉගෙන ගත්ත කවි වල තියෙන,

අහසේ වලාකුළු හා තරගයෙක යෙදී

කියන කවි පද පේලිය මට මතක් වෙනවා. මොකද වලාකුලු ටික අපි ඉන්න තැනට ඇවිත් වැස්ස ඇද හැලෙන්න කලින් ඔක්කොම දේවල් ගන්න තරගෙට වගේ අපි වැඩ කරන්න ගන්නේ. පහලින් තියෙන්නෙ සම්පුර්ණ කවිය.

අහසේ වලාකුළු හා තරගයෙක යෙදී
තොටියා ඔරුව ආපසු තොටුපලට පදී
දියවල බිදී දෙන රාවය දෙකට බෙදී
හබලේ ගැඹුරු හඩ සමග ම ගොඩට වදී

ඉස්කෝලේ යන කාලේ කවි පන්තියෙන් බොහෝමයක් කට පාඩමින් කියන්න පුලුවන් වගේම, පිටු ගණන් පිරෙන්න විචාර ලියලා ඇති.

අද අපිට හොඳටම වහින දවසක්. මුලු දවසම නොනවතින වැස්සක්. අදනම් මට, අර කලින් කිව්ව පද පේලිය මතක් වුනේ නෑ. ඒකට හේතුව කිසිම දෙයක් වේලන්න අව්වක් තිබුනෙම නැති නිසා. ඒ වෙනුවට අද මතක් වුනේ වෙන කවි පදයක්.

ගී දේවියට කැප කල දෙවොලකට සම
කුටියක සුවඳ දෙයි කළුවැල් කපුරු දුම
අද නම් නුවර එලියකි මා වෙසෙන ගම
මෙ පමණ අලස දවසක් නොදුටුවෙමි මම

මේ කවියේ,

අද නම් නුවර එලියකි මා වෙසෙන ගම

කියන පද පේලිය අද දවසට හොඳින්ම ගැලපෙනවා. වැස්සයි, සුලඟයි එක්ක දැනෙන සීතල. දවසම ගේ ඇතුලටම වෙලා ගත වුන කම්මැලි ජීවිතේ, හරියටම

මෙ පමණ අලස දවසක් නොදුටුවෙමි මම

වගේම තමයි. අද දවසම මම කලේ අලුතෙන් ගත්ත පොත් වලින් එකක් කියවපු එක. පොතක් කියවන්න හොඳම දවසක්, කාලගුනයක්.

මගේ අලස දවස, හොඳ පොතක් එක්ක ප්‍රයෝජනවත් විදියට ගත කරගන්න ලැබුනා. වහින හැම දවසකම මට මේ කවි පන්තිය ආයේ ආයේ මතක් වේවි.

මුලු කවි පන්තියම කියවන්න කැමති කෙනෙක් මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

මේ කවිය ඉස්කෝලෙදි ඉගෙනගත්තා. College එකේදිත් ඉගෙනාගත්තා

තාමත් මතකයි 🥰.

මේ ලින්ක් එකේ තියන පලවෙනි කවියේ මම අහලා නෑනේ😳

ඒ ඔක්කොම කවි අපිටතිබුනෙ නෑ නේද​...

Wassata mamath godak kamathi habai edata padam wada naththam thawath kamathi.

wassa dawasa honda nidagnnayi poth kiyavannayi.

O/ L wala neda me kawi thibune apita.. Mata nam dan wassata guliwela nidagnnami hithenne.. hee heee..

ow wassa nm itin kammali kamath ekka sambandayi 😁🙊.

matath oya kawiya welawakata mathak wenawa wahiddi. aththatama kochchara lassana niramana minissu karala thiyada. podi kaleth mn godak asa kara ekak

Issara mage kamare biththiye liyala tibuna kavi tika. padam karaganna 🙊. e kavinam kavadavat amataka wena ekak na.

you are right when it rains we should have a warm blanket, but in you a little different when it rains you remind us of beautiful poetry, so cool outside poetry warms us. I think I should like poetry, but it's a little difficult for me to follow the rhythm of the raindrops😊

we cannot forget this poetry since we learnt it in school. rain brings a special feeling always.

your school poetry study course,

මම නම් වැස්සට කැමතියි කාටවත් කරදරයක් හිරිහැරයක් නොවෙනවා නම්.

ඔව් ඒ කතාව ඇත්ත​. ඒකයි මම කිව්වෙ වැස්ස ගැන එක එක අයට එක එක විදියේ හැඟීම් ඇතිවෙන්න පුළුවන් කියලා.

ඉස්සර මේ කවි ටික කොච්චර පාඩම් කරාද! 🙊

මේ ලින්ක්

කවි දෙකක් අයින් කරලද අපේ syllabus එකේ තිබිලා තියෙන්නේ? 😱

Age restricted due to the adult content වෙන්න ඇති. ලංකාවනෙ මේ.😂 කලාව තේරුම් ගන්න බැරි හණමිටි අදහස් තියෙන අය syllabus හැදුවම ඔහොම තමයි.🥴

ඒ වගේ තමයි 😬.

thawama oya kawi katapadam 😁💖 kiyawaddith asa hithenawa. aye kiyawala balanna ona. mathak karata thankuuu🤗

E kale padam karapu widiyata amataka wenne nane 😁.

වැස්ස කවි පන්තිය දැක්කම මතක් උනේ මේ ටික පාඩම් දෙන්න ගිහින් ගුටි කාපු තරම .🙊 කොහොමහරි පාඩම් කරලා විචාර ලිව්වට පස්සේ තමයි දන්නෙ ලස්සන කවි පන්තියක් කියලා.❤
වෙලාවට කවි ටිකක් අඩුවෙන් දාලා තිබ්බේ. නැත්නම් තව ගුටි කනවා.🙊😂

ඒ දවස් වල සිංහල සාහිත්‍ය පොතේ ඔක්කොම කවි පාඩම් 🙊.

කොල්ලො ඉතින් එහෙම නෑනෙ.😂

මේ කවි ටික මේ දවස් වලට නම් නියමෙටම ගැපෙනවා. ඒ කවි ටිකේ තියෙන විශේෂත්වය තමයි, ඒක අපිටම ලියලා වගේ කියලා හිතෙන එක. 😍❤ඒක අපි කාටත් පොදුයි. මොකද වැස්සක් එන වෙලාවට අපේ මනසට එන සිතිවිලි තමයි කුඩලිගම ශූරීන් මේ කවියට හරවලා තියෙන්නේ. සමහරවිට මේ කවි අහලා නොතිබුණා නම් වැස්සේ සුන්දරත්වය අපිට මෙතරම් විඳින්න බැරි වෙන්නත් තිබුණා.

සරල සුන්දර අදහස් හරිම ලස්සන කවි පෙලක් කරලා🤗.

මමත් හරිම ආසයි මේ කවි පන්තියට..මං ඒක වැස්ස දවසට තාලෙට කියවනව ඉස්සර... ඒකයි තව "ගංගාවේ ගීතය"..

මේ දැනුත් මේක කියව කියව ඉද්දිත් මෙහෙට මහ හයියෙන් වහිනව..

මටත් වහින හැම දවසකම පාඩම් කරපු තාලෙට කියවෙනවා

තාමත් කටපාඩම් සමහර කවි 😂, අපිටනම් දැනුත් වහිනවා 😍

මේ දවස් වල වැස්සෙන් අඩුවක් නෑ.

හානෙ අපිටත් මේ කවි තිබ්බ ගිරව් වගේ පාඩන් කරා. මාත් මාර ආසයි වැස්ස දවසට කොහෙ හරි මුල්ලකට වෙලා පොතක් කියවන්න නැත්තන් නිදාගන්න. මතක් වෙද්දිත් සැපයි😋

ඔව් පොත් කියවන්නයි නිදාගන්නයි නියමයි 😁.

Wahina ekta nm mth kmthi.. hbai wahina eka iwaryk wen nthi wenkot tmi epa wenne

wada karana dawas walata wahinakota tamayi kammali.

me tma asama kavi panthiyak😍

ow. tamath padamen kiyanna puluvan.

ඉස්සර ඉස්කෝලේ යන කාලේ මතක් වුනා.

මුලු කවි පන්තියම කියවන්න කැමති කෙනෙක් මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න.

මං හිතුවේ නැ මේ කවි පන්තියේ මෙච්චර කවි තියෙනව කියලා. 😳

අපිට තිබුනෙ නැති ඒවත් තිබිලා 😬.

මේක දැක්කාම ආපහු අතිතෙට ගියා.. බොරු කියන්න ඕන නැනේ මට නම් ඔය කවි එකක් වත් හරියට මතක තිබ්බේ නෑ ඒ කාලේ.. හැබැයි කොහොම හරි විභාගේ පාස් උනා 🤭

විචාර ලියන්න නම් ඔක්කොම ඕන නෑනෙ ඉතිං 🙊.

කවි ටික තාමත් මතකයි.... මේ මොහොතෙත් මෙහෙට වහිනවා... මාත් නියම වෙලාවක මේ පෝස්ට් එක කියවන්නේ... උදේට වහිනකොට දවස කම්මැලි කරනවා ටිකක්.....😥

උදේට වැස්සේ වැඩට යන්න උනාම නම් කම්මැලි. ගෙදර ඉන්න දවසක් නම් හොඳයි ඉතිං 🤗.

අපි ඕ ලෙවල් කරද්දි ඕක තිබ්බෙ නෑ.. අලුත් සිලබස් නේ.. මාත් ඉස්සර වැස්සෙ තෙමෙන්න හරි ආසයි..දැන් එකටත් කම්මැලී🥱😅

ආහ් සිලබස් වෙනස් උනා නේ. කවි ටික කියවලා බලන්නකෝ.

මාත් වැස්සට ගොඩක් ආසයි. ඒ වගේම වහින වෙලාවට හොඳට නිදාගන්නත් පුලුවන් 😁🤘
වැස්ස කවි ගැන කිව්වම ඉස්කෝලෙ කාලෙ මතක් උනා.. 😢💔

වැස්ස වෙලාවට පොත් කියවන්නත් හොදයි 🤗

🤩🤩🤩😍මට මතක විදිහට මේ කවිය තමයි මට ලේසියෙන්ම මතක තිබ්බෙ...🙊🙊 ඒ උනාට මේවා විස්තර කරන්න ඔනි නෙ පිටු ගානක්විභාගෙට😩

කවිය මතකයින්ම් මොනවා හරි වැල්වටාරම් ටිකක් ලියාගන්න එක නේ 🤭🤭.