පුද්ගලයෙක් එකවර හඳුනා ගන්න ඔබටත් නොහැකිද? | 10% for SL Charity

in hive-133716 •  3 years ago 

ජීවිතේ එක එක කාල වලදී අපිට එක එක ආකාරයේ පුද්ගලයන් හමු වෙනවා. ඒ සමහරුන් සමීපතමයන් වනවා වගේම, තවත් සමහරුන් කාලයත් සමගම දුරස් වෙලා යනවා. මේ කවුරුන් ගැන උනත් අපෙ හිතේ රැදුන චරිතයක් තියෙනවා. සමහරවිට ඒක නිවැරදි වෙන්නත්, සමහරවිට ඒක වැරදි වෙන්නත් පුලුවන්.

ගොඩක් අවස්ථා වලදී, අපි පුද්ගලයෙක් මුනගැසුනවිට ඒ පුද්ගලයා මොන වගේ කෙනෙක්ද කියලා පෙර නිගමනයකට එලඹෙනවා. මම මේවගේ නිගමන වලට එලඹුන අවස්ථා ගනනාවකදීම, මගේ නිගමන වැරදිලා තියෙනවා. සමහරවෙලාවට ඔයාටත් මේ දේම වෙලා ඇති.

image.png

Photo by Brett Jordan on Unsplash

මට සිදුවුන සිදුවීම් කිහිපයක් මම කියන්නම්. පලමු කෙනා මගේ හොදම යාලුවෙක් ලෙස මම හිතාගෙන හිටිය කෙනෙක්, 1 වසරේ ඉදලා 13 වසර වෙනකම් තිබුන යාලුකමක්, නමුත් ඇය අවසානයේ අපිට බොරු පවසලා අපිත් එක්ක තරහා වෙනවා.

දෙවනියට මම කියන කෙනා, ඕනම කෙනෙක්ට උදවුවක් ඕන වන වෙලාවක උදවු කරන කෙනෙක්. මම ඇය හඳුනාගත්විට සිතුවේ ඉතාමත් යහපත් කෙනෙක් බව.nනමුත් මේ කෙනාට තවත් වෙනස් චරිත ලක්‍ෂන තිබෙන බව හඳුනා ගන්න මට අවුරුද්දක් වගේ කාලයක් ගතවුනා. අනිත් අයට උදවු කරන හොඳ ගතිගුන තාම තිබුනත්, නරක ගතිගුන යලුවෙක්ගෙන් පිලිගන්න පුලුවන් දෙවල් නෙමෙයි.

මීළඟ දෙදෙනා මට හමුවෙන්නේ මගෙ ක්‍ෂේත්‍ පුහුනුව ලබන කාලයේදී. දැක්ක මුල් දවසෙදිම මම, එක්කෙනෙක් ගැන හිතුවේ, ආඩම්බරකාරියක් ලෙස. නමුත් ඇය මගේ සමීපම මිතුරියක් වුනා. පසුකාලෙකදී, අපි දෙන්නා උදේ හවස එකම කෝච්චියේ වැඩට යන්න එන්න තරම් යාලුවෝ උනා. අනිත් කෙනා ගැන කිව්වොත් මම හිතුවේ එයා ලස්සනයි කියලා. එත් මට ටික දවසකින් තේරුම්ගියා, ලස්සනට ඉන්න, පොෂ් වෙන්න එයා කොයිතරම් මහන්සි වෙනවද කියලා.

මේ හැම අවස්තාවකින්ම මම ඉගෙනගත්තේ, පුද්ගලයෙක් තෙරුම් ගැනීම කාලය අනුව තීරනය වෙන්නේ නෑ කියලා. ගොඩක් කල් යනවිට හොදින් තේරුම් ගන්න පුලුවන්න්ම් අවුරුදු 13කට පස්සේ මට යලුවෙක් නැතිවෙනේ නෑ.

මම තේරුම් ගත්ත විදියට, හැම කෙනෙක් ලඟම චරිත කිහිපයක් තිබෙනවා. ඒ ඒ අවස්ථානුකූලව බාහිර පුද්ගලයන් දකින චරිතය වෙනස් වෙනවා. නමුත් සැබෑම චරිතය දකින්නේ ගොඩක්ම සමීපතමයන් විතරයි.

සමහරවිට අපි පුද්ගලයා ගැන තීරනය කරන්න ඉක්මන් වුනා වෙන්නත් පුලුවන්, නමුත් බොහොවිට අපි දැක්කේ ඇත්තම චරිතය නොවෙන්නත් පුලුවන්.

කෙසේ නමුත් පුද්ගලයෙක් යනු මේ ලොකයේ තෙරුම් ගැනීමට අපහසුම දෙවල් වලින් එකක් විය හැකි.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

හැමෝටම වගේ අදාල ඇත්තම කතාවක්. මේක කියවද්දි මතක් උනා මටත් මේ වගේ අත්දැකීම් තියෙනවා නේ කියලා 😌

mewage athdakim hama kenektama ati. jeewithedi eka eka widiye aya hamu wenawa nh apita.

ඕක ඉතින් සාමාන්‍යයි. අපිට වුණත් චරිත කීපයක් තියෙනවනෙ. ඒ හැම එකම දන්නෙ ගොඩක්කල් ඉදන් ගොඩක්ම ළගින් ඇසුරු කරන් ළගම අය විතරයි. ගොඩක් අය නොදන්න අය ඉස්සරහ පෙන්නන්නෙ වෙනස්ම චරිතයක්. ඒක හැමෝම එහෙම තමයි. ඉතින් දිග කාලයක් ඒ චරිතෙ maintain කරන්න අමාරුයිනෙ. එතකොට සැබෑ ස්වරූපේ එළියට එන්න ගන්නවා. සමහර විට ඒක
මුල් එකට වඩා හොද වෙන්න පුළුවන්. ඒත් ගොඩක් වෙන්නෙ අනිත් පැත්ත. එතකොට අපේ බලාපොරොත්තු වුණ චරිතෙ නැති වෙද්දි ඒ යාලුකම එපා වෙනව. සමහරු ඉන්නව මුලදි නරකයි නපුරුයි කියල හිතුණට ගොඩක් හොද අය. මුලින් හරිම හොදයි කියල හිතෙන අය පහු වෙද්දි බලනකොට මහ එපා කරපු චරිත. ඒත් ඔයා ඒක වෙන කෙනෙක් එක්ක කිව්වොත් ඒ කවුරැත් ඒක විශ්වාස කරන එකක් නෑ. ඒ තරම් හොදට රගපානවා. 🙊 බයවෙන්නෙපා ඇත්ත කවදහරි එළියට එනවා.

හැබැයි ඇත්ත චරිතෙ දැන ගත්තට පස්සේ රඟපෑම දිහා බලගෙන ඉන්න එකෙත් පොඩි ආතල් එකක් තියෙනවා 😂.

I 've had a lot of that experience. There are many times when I failed to recognize exactly who my friend is. Fake people are everywhere. They pretend well and use human face as a mask. Everyone has tons of faces in front of different people. But it's better to try to make all faces the same because time reveals everything. It's always good to stay true to yourself and others.

Some people can act better than actors. some think that they act better than actors but don't know others can see it. I have met few they don't remember which lie is told to which friend and get mixed up everything 😂.

ගොඩක් අයට වැදගත් වෙන පෝස්ට් එකක්. කාලයට බෑ තේරුම් ගනිපු ප්‍රමානේ මනින්න. ගොඩක් කල් ඉදන් දන්න්වා කියලා හිතන් ඉන්න කෙනෙක්ග්ත් ගොඩක් නරක හන්ගන් ඉන්න පැති තියෙන්න පුලුවන්💖

ඔව් ඒත් එක අවස්තාවක් එනවා අපි දකින්නේ ඇත්ත චරිතයද නැද්ද කියලා අපිටම තේරුම් ගන්න පුලුවන් වෙන​.

A really important post. It is not easy to identify people. People who look good on the outside may not be really good. That is the normal nature.

yeah. there are several characters for the same person.

Eeka ethin minissunge heti. Duk wela wedakuth na. Sathutu wela wedakuth na.

ow. pudgalayage hati danagena ashraya karama hari.

matath idal thiyei ehema aya sahenna.. lagin inna ayatalu apiwa wadiyenma rawattanna puluwan kiyala ahala thibbata deyak unata passe thma piligaththe math. mokda lagin inna aya apiwa rawattai kiyal api hithanne nane. e hinda api rawatenawa lesiyenma. samara aya aawurudu ganak gihinuth therum ganna be.

ow e kathawa atta. wishwasa karanawa wadi unama ehema wenawa.

Apita hambena godak pudgalyo thawakalikai wagema eyala apen ath wela yanne apita amihiri mathkayk ithuru kral. Pothaka pita kawaryen athula theernaya karnna ba wagema thamai manussayekuth penumen maninna ba. Samahar welawta api awurudu ganak ashraya karath apita pudaglayekge aththa swabhawya therum ganna bari awstha thiyenwa. 😑

ow lagana inna ayawath terum ganna bari welawal tiyenawa. hebei eyalama giyama aye e gana hithala duk wela wadakuth na itin.

එකම පුද්ගලයා වුණත් චරිත කිහිපයක් රඟපානවා.තමන්වම වුණත් හැමවෙලේම එකම විදියට ඉන්නේ නැහැනේ.අපිත් අවස්ථානුකූලව වෙනස් වෙනවා.

ඔව් අක්කේ. සමහරු නම් වෙනස් චරිත වුනත් ලොකු වෙනස්කම් නෑ. ඒත් තව අය ඉන්නවා ඒ වෙනස් චරිත එකිනෙකට සෑහෙන වෙනස්.

🙊චරිත දෙකක්😋😋 අපි හැම කෙනාම එහෙමලුනෙ දිවිත්ව චරිත රගපානවලු...මට මේක කියවනකොට හිතුනා ඇත්තටම මම කොයි වගේද කියල😂😂 අපි හැම කෙනාගෙම ජීවිත වල අමතක නොවෙන යාලුවො ගොඩක් ඉන්නව ඒත් සමහර අය අපෙන් දැන් අමතක වෙලා ගිය මතකයක් වගේ😞

matath oya prashne enawa... mama gena yaluwo dakinne kohomada dan na kiyala 😂.

🙊🙊😂😂😂😂

ආදරෙන් ඉන්න සමහර මිනිස්සු බැන්දට පස්සෙ මරාගන්නෙත් සමහරවිට ඔය හේතුවටම වෙන්න පුලුවන්.

yaluwela inna kale kiyana dewal eka gedara inna giyama boru kiyala terunama prashna ati wenawa ati 😬

1 වසරේ ඉදලා 13 වසර වෙනකම් තිබුන යාලුකමක්, නමුත් ඇය අවසානයේ අපිට බොරු පවසලා අපිත් එක්ක තරහා වෙනවා.

මෙහෙම කෙනෙක් මටත් හිටිය. මම හිතුවේ එයා හරිම caring කියල. පස්සේ එයා medicine ගියා. එහේ යාළුවො හැදෙද්දි අපිව අමතක වුණා. පස්සේ මට එයා කියන හැම කතාවක දැනුනේ පිහිතුඩන් පපුවට අනිනව වගේ. ඒ නිසා මම කතා කරන එක අඩු කරා. දැන් මගේ හිතට සැනසීමයි.

mata hitiya ekkena api laga idagena boru kiwwa. eya mage yaluwek nisa ehema karanna hetuwak ati kiyala hitiya. antimata apita muna denna baruwa eyama tharaha una.

Api ape naraka peththa hangagena inne....Eka eliyata enna kaalayak yanawa..... Belu belmata apata lakshana kihipayak pamanai dakinna puluwan.....Wisheshayen kello....

ayya ekatat kello kiyala categoryak damma neda 🤣. atta gedaradi inna charithe danne gedara aya witarai nh. eliyedi ahinsaka hoda lamai.

Eththaneh ban kiyanneh...Oyalata ice cream oni nam illanne fruit salad....A wage thami...

kema bima nm ehema illanne na.. ice cream onanm ice cream choco onanm choco tama 😂.

Good post.

ගොඩක් අවස්ථා වලදී, අපි පුද්ගලයෙක් මුනගැසුනවිට ඒ පුද්ගලයා මොන වගේ කෙනෙක්ද කියලා පෙර නිගමනයකට එලඹෙනවා

මට ජීවිතය ගොඩක් වෙලාවට වැරදුණු තැනක් මේක. අපි හිතනවා සමහර වෙලාවට අපි එක්ක එකට බෝඩිමේ ඉන්න කොට, එහෙම නැත්නම් එක ළඟ වැඩ කරන කොට, අපි ළඟ ඉන්න යාලුවෝ අපිට විශ්වාසවන්ත වෙයි කියලා. මාත් එහෙම හිතුවා. හැබැයි එහෙම හිතපු එකෙන් මගේ අවුරුදු තුනක් විතරම නාස්ති වුණා. ඒ අවුරුදු 3දී මම ගොඩක් මිනිස්සු මොනව කියද කියන එක අඳුර ගත්තා. ගොඩක් අයගේ තියෙන්නේ පිටින් පෙන්වන පෙනුම නෙමෙයි. ඒක අඳුර ගන්න හරි අමාරුයි.

ow. kal yanakota samahara ayage aththa daganna puluwan. samahara ayage aththa dannema nati wennat puluwan. eka eka widiye minissu muna gahenawa. hema kenekgema hasirima danagena hitiyama lesi.

හැමෝටම ඕනි තරම් මේ මාතෘකාවට දෙන්න උදාහරණ ඇති.... මටත් එහෙමයි.... හැමෝටම හොද සහ නරක කියලා පැති දෙකක් තියේ. මිනිස්සු තව කෙනෙකුගේ හොදක් අගය කරන්නේ හරිම අඩුවෙන්... හැබැයි අපි පුරුදු වෙනවා නම් හොද දෙයක් දැක්කම ඒක තත්වය තරාතිරම නොබලා අගය කරන්න, මිනිසුන් සැබෑ චරිතෙන් හැමදාටම ජීවත් වේවි.

ඒ කතාව ඇත්තක්. සමහර අයට වෙන්නේ හොඳ ගොඩක් කරලා සමාව දෙන්න බැරි වැරද්දක් කරනවා. ඊට පස්සේ හැම කෙනෙක්ටම මතක් වෙන්නෙ ඒ වැරද්ද​.