මල්ලිගෙ චෙස්

in hive-133716 •  2 years ago 

ඊයෙ සදුදා දවසක් උනත්, සෙනසුරාදා ඉරිදා දෙකේම විශේෂ නිවාඩු දෙකක් තිබුන නිසා ඒ වෙනුවෙන් අපිට නිවාඩුවක් ලැබුනා.

අමතර නිවාඩුවක් නිසා මම විශේෂ වැඩ කිසිම දෙයක් කරන්න හිතාගෙන හිටියෙ නෑ. කොහොම උනත් දැන් දවස් කීපයක ඉදලම මම පුංචිට කියල මහගත්ත ඇදුම් දෙකක අඩු පාඩු වගයක් හදාගන්න හිතාගෙන හිටියා.

පුංචිට කෝල් එකකුත් දීලම ගියාට මම එහෙ ගිහින් පැයකින් වගේ කරන්ට් එක ගියා. ඇදුම පස්සෙ හදලා එවන්න කියල තියල ආවොත් ආයෙ මාසයකට විතර ලැබෙන්නෙ නෑ කියල දන්න නිසාම මම කරන්ට් එක එනකම් ඉන්නවා කියලා හිතුවා.

C845900E-C3A0-4561-9CAC-3A1F82202B71.jpeg

මේ ඉන්න අතරෙ නංගිල දෙන්නයි මල්ලි ඉස්කෝලෙ ඉවර වෙලා ආවා. මල්ලිට අහුවුනොත් ඉතිං කන් දෙකේ ෆියුස් යනකම් අහගෙන ඉන්න වෙනවා කියවන ඒවා.

එයා චෙස් ප්‍රැක්ටිස් යන්න පටන් අරගෙන. ඊයෙ තමයි එයාගෙ චෙස් බෝඩ් එක ලැබිල තියෙන්නෙ. මෙයා ඒකත් අරගෙන ඇවිත් චෙස් අදිමු කිව්වා. මම චෙස් සෙල්ලම් කරන්න දන්නෙ නැති උනත් ඉතිං ප්‍රශ්නයක් නෑ, එයත් දන්නෙ නෑනෙ.

චෙස් වල තියෙන නීතිනම් වැඩිය අදාල උනේම නෑ, මල්ලිට ඕන විදියට තමයි වැඩේ කරන්න උනේ.

එයාලට තාම චෙස් පීසස් වල නම් සහ මූව්මන්ට් කීපයක් විතරයි කියලා දීලා තියෙන්නෙ. ටික වෙලාවක් යද්දි චෙස් ඉත්තො ටික මල්ලිට කැමති කැමති පාරවල් වල යන්න ගත්තා 🤣. සමහර වෙලාවට එයාගෙ එවා මට පෙන්නලා, ඔයාට ඕන නම් ඔයා මේක කපන්න කියනවා. තව වෙලාවකට ඔයා ඕක මෙතනින් තියන්න එතකොට මට ඔයාගෙ ඉත්තා කපන්න පුලුවන් කියනවා.

1CF330B4-964F-46FD-92B8-8A808FC64803.jpeg

කොහොම උනත් චෙස් සෙල්ලම් කරලා මේ වගේ ආතල් එකක් නම් ආයේ ජීවිතේට ගන්න බැරි වේවි. ඔය වගේ රවුන්ඩ්ස් 4,5ක්ම අපි සෙල්ලම් කරා. සමහර රවුන්ඩ්ස් වල මොකද උනේ කියල මම දන්නෙත් නෑ. පුංචි එක්ක කතා කරලා හැරිලා බලනකොට දෙපැත්තෙම ඉත්තො එයාම ඇදලා. එක්කො මම දිනල. දන්නෙම නැතුව. නැත්නම් එයා දිනලා.

සෙල්ලම් කරේ නම් චෙස් නොවුනට, චෙස් ඉගෙනගන්න ආසාවක්නම් අන්තිමට ඇති උනා.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Hello friend!
I'm @steem.history, who is steem witness.
Thank you for witnessvoting for me.
image.png
please click it!
image.png
(Go to https://steemit.com/~witnesses and type fbslo at the bottom of the page)

කන් දෙකේ ෆියුස් යනකම් අහගෙන ඉන්න වෙනවා කියවන ඒවා.

ශෝයි මල්ලි කෙනෙක් අනේ එයා.මාත් එක්ක ඔහොම කියවන්න නෑදෑ මල්ලියෙක් වත් නැති අඩුව ගොඩක් දැනෙනවා

එයා තමයි දැන් ඉන්න චූටිම මල්ලි. ලගදි එයා මාමා කෙනෙකුත් උනා 😂.

චෙස් කියලා අන්තිම්ට දාම් සෙල්ලම් කරලා වගේ 😂

ඒකට දාම් කියන්නත් බෑ 🤣

චෙස් වල තියෙන නීතිනම් වැඩිය අදාල උනේම නෑ, මල්ලිට ඕන විදියට තමයි වැඩේ කරන්න උනේ.

eka maru😂.. akkath dan oka igana ganna wei

Ow. Ape gedara eddi board eka aran ennm aye sellam karamu kiyalath kiwwa 🤣