2021 අවුරුද්ද ඉවර වෙන්න තව තියෙන්නේ පැයකටත් අඩු කාලයක් විතරයි. ඒ කියන්නේ mask එකෙන් මූණ වහගෙන ඇස් වලින් විතරක් කතා කරපු බිත්ති හතරකට කොටු වෙලා වැඩි කාලයක් ගත කරපු මහ අමුතු ම අවුරුද්දක අවසානය...අවුරුද්ද අවසන් වුණේම පරණ කුණු හැම එකක්ම හේදිලා යන්න මහා වරුසාවක් එක්ක .
මේ අවුරුද්දට ගත කරපු දවස් 365 දිහාවට හැරිලා බැලුවොත් අපි ප්ලෑන් කරගෙන හිටපු සමහර වැඩ කර ගන්න අතරේ හිතපු විදියට කරගන්න බැරිවුණු වැඩත් තියෙනවා. අද උදේ නැගිට්ටට පස්සේ වට්ස්ඇප් ලොග් උනාම දැක්කෙ ගොඩක් අය දාලා තියෙන whatsap status. 2021 මතකයන් අමතක කරලා 2022 හැමදේම අලුතින් පටන් ගන්නවා කියලා ගොඩක් අය දාලා තිබුන. status වලින් FB පෝස්ට් වලින් අපි මොන තරම් දේවල් කිව්වත් අලුතින් උදාවෙන නව වසරක් ඇත්තටම සාර්ථක වෙන්නේ අපි අවුරුද්ද පටන් ගන්නකොටම හිතේ තියාගන්න සැලසුම් එක්ක. අවසන් වන වසරේ මතකයන් අමතක කරාට අපිත් අලුත් අවුරුද්දක් පටන් ගන්න බෑ. අපි කරන්න ඕන , පරණ මතකයන් හිතේ තියාගෙන අවුරුද්ද පුරාවටම එකතුකරගත්ත අත්දැකීම් වලින් එළඹෙන අලුත් අවුරුද්ද සාර්ථක කරගන්න පාඩමක් ජීවිතේට ගන්න එක.
2021 අවුරුද්ද පටන් ගන්නකොට පුංචි පුංචි ප්ලෑන් ගොඩකින් හිත පිරිල තිබුනත් ඒ වෙන කොට තිබුණු වටපිටාවත් එක්ක ඒ ප්ලෑන් සාර්ථක කර ගන්න පුළුවන් වෙයිද කියලා හිතේ තිබුණෙ ලොකු චකිතයක්. හැබැයි මොන දේටත් වඩා හිතේ වීර්යය කියන දේ තියෙනවනම් අපිට කරන්න බැරි දෙයක් නෑ කියලා මම මේ අවුරුද්දෙ ඉගෙන ගත්තා. මම සාමාන්‍යයෙන් දින පොත් ලියන කෙනෙක් නෙවෙයි . හැබැයි මගේ හිත ඇතුලෙ නොමැකෙන දින පොතක් තියෙනවා. ඒ දිනපොතේ පොතේ පිටුවෙන් පිටුවට හුඟක් දේවල් ලියවිලා තියෙනවා.
මේ අවුරුද්ද පටන් ගන්නකොට ම හිතේ තිබුණ ලොකුම ප්ලෑන් එකක් තමයි උපාධිය පළවෙනි අවුරුද්ද අවසන් කරගන්න එක. ඒත් කැම්පස් එකේ වැඩ ප්‍රමාදයත් එක්ක ඒ හැම දෙයක්ම ටිකෙන් ටික ප්‍රමාද වුණා. සීමාවාසික කාලය අගෝස්තු මාසයෙන් ඉවරවෙන්න තිබුනත් පාසල් වහල දාල තිබුන නිසා අපි හිතුවෙ ම ඒක තව ටිකක් දික් වෙයි කියලා.හැබැයි වාසනාවට නියමිත කාලයට ම සීමාවාසී කාලය අවසන් වෙලා අවුරුදු තුනක් තිස්සේ හිතේ තිබුණ ලොකූ පීඩනයකින් හිත නිදහස් උනා .
පුංචියට පටන් ගත්ත crafting business එක චුට්ටක් ලොකු කර ගන්න ආසාවක් හිතේ තිබුණත් හිතුවට වඩා හොඳ තත්වෙකට ගෙන්න අද පුළුවන් වෙලා. FB page එකේ followers 2.1K උනේ මහන්සියේ ප්‍රතිඵල පෙන්වමින්. මේ හැමදේම අතරේ අවුරුද්දකටත් වඩා එහා ඉඳගෙන හිතේ තිබුන ලොකු ප්ලෑන් එකක් තමයි මුළු ගෙදරම අලුත්වැඩියා කරන්න ඕනි කියන එක.
හැම නිවාඩුවකටම ගෙදර ආවට පස්සෙ අපේ පලවෙනි වැඩේ වුනේ ගෙදර සම්පූර්ණයෙන්ම අස්කරන එක. කළුතර ඉඳලා ආපු වෙලාවෙ ඉඳලා දූවිලි ගසල, අස් කරලා , තණකොළ ගලවලා ගෙදරයි වත්තයි පිරිසිදු කරනවා කියන්නේ දවස් ගානක් එකටම වැය කරන්න වෙච්ච එක. සීමාවාසික ඉවර උනාට පස්සේ ගෙදර අලුත් වැඩියා කරන වැඩ ටික කාට හරි භාරදෙන්න ලොකු ප්ලෑන් එකක් හිතේ තිබුණා. හැබැයි ඒකට කෙනෙක් හරියටම හොයාගන්න බැරි වුණා.
චූටි කාලේ ඉඳලා තාත්ත ගේ පේන්ට් කරන කොට ඒ දේවල් වලට උදව් කරපු නිසාම තරමකට තීන්ත ගාන්න හැකියාවක් තිබුනත් මට තනියම ඒ දේවල් කරගන්න බැරිවෙයි කියල මගේ හිතේ තිබුනට අම්මා නම් හැමදාම කිව්වේ," නෑ ඔයාට ටික ටික කරන්න පුළුවන් " කියලා. මගේ හිතේ හයියටත් වඩා අම්මගෙ වචන වල හයියට ඒ වැඩ ටික පටන් ගත්තේ මීට මාසෙකට කලින්. ගේ අලුත්වැඩියා කරන්න ඕන බඩු ටිකෙන් ටික ගෙනාවෙ හරියටම ඒ ගැන ලොකු අදහසක් නොතිබුන නිසා. ගෙදර අනිත් අයගෙන් උදව් ගන්න හිතුවත් ඔක්කොම වැඩ ටික ඉවර වෙනකන් එන්න එපා කියලා කලින්ම මම කිව්වේ පොඩි අයත් එක්ක එයාලා ආවම ඒ වැඩේ කරගන්න එක තව තවත් කල් යන නිසා. මොකද මං දන්නවා චූටි අය ඉන්නකොට කරන්න යන වැඩේ දෙක වෙන බව.
ඉතින් ඒ මහන්සියේ ප්‍රතිඵලයක් විදියට, අවුරුදු ගාණක් වහල තිබුන ගෙදර ඒ තිබුණු පාළු ගතිය අද නැති වෙලා අලුත් අවුරුද්ද පිළිගන්න ලෑස්ති වෙලා. මට ඕනි වෙලා තිබුණේ දෙසැම්බර් 31 වැනිදා ඉවරවෙන්න කලින් ඉවර වෙන්න කලින් ඒ ඔක්කොම වැඩ ටික ඉවරයක් කරගන්න . ඉතින් හිතුවා වගේම අද හවස් වෙනකොට ගෙදර ඔක්කොම අලුත්වැඩියා කටයුතු මගේ අතින්ම ඉවරයක් කරගන්න මට පුළුවන් වුණා. වෙනදා ගේ පේන්ට් කරාම හිතට දැනෙන සතුටටත් වඩා මේ සැරේ ලොකු සතුටක් දැනුනේ හැමදේම තනියම කරපු නිසා .
ඉතින් 2021 අවුරුද්ද ඉවර වෙනකොට පරණ දේවල් හේදිලා යන්න මහ වැස්සක් වැස්ස වගේම මාස ගාණක් තිස්සේ ගානක් තිස්සෙ බලාගෙන හිටපු මගේ නෙළුම් පැටියෙක් නෙලුම් පොහොට්ටු දෙකක් ම ඇවිල්ල අලුත් අවුරුද්ද පිළිගන්න.
මම ගේ පේන්ට් කරනකොට වටේ පිටේ ගොඩක් අය ඇහුවෙ අලුත් අවුරුද්දට ගේ අස් කරනවා ද කියලා. මොකද ගොඩක් අය ගෙවල් අස් කරන්නේ එක්කෝ අලුතින් අවුරුද්දක් ලබන කොට, එහෙමත් නැත්තං සිංහල අලුත් අවුරුද්දට විතරයි . හැබැයි මං හිතන විදියට ඉන්න තැන අලුත් කළා කියලා අලුත් අවුරුද්දක් පටන් ගන්න බෑ. අලුත් අවුරුද්දක් පටන් ගන්න නම් අපේ හිතත් අලුත් වෙන්න ඕන . අපේ ඔලුවත් අලුත් වෙන්න ඕන. පරණ කුණු කන්දල් සේරම ඔලුවෙන් අයින් කරල, පරණ තරහ , අමනාප අයින් කරලා, වීර්යයෙන් ජීවිතය ජයගන්න අලුත් සැලසුමක් දියත් කරන එකයි අලුත් අවුරුද්දක විය යුත්තේ .
හෙටත් අද වගේම දවසක්. අද ඉර පෑව්වා වගේම හෙටත් ඉර පායනවා . අද රෑ වුණා වගේම හෙටත් රෑ වෙනවා. හැබැයි අපිට පුළුවන් නං අද අපි දුක් වෙන්න හේතු වුණ දේවල් අඳුර ගෙන හෙට දවසේ දුකක් නොවෙන්න වග බලාගන්න , අන්න එතනදි ඔබ දිනුම්. ඉතින් කෙනෙකුට හිනාවක් ගේන්න පුළුවන්, කෙනෙකුගේ ජයග්‍රහණය කදී නොපැකිළව සුබ පතන්න පුළුවන් , දියත් කරපු හැම සැලසුමක් ම සාර්ථකව වීර්‍යෙන් ඉෂ්ට කරගන්න පුළුවන් සුන්දර හිතක් එක්ක තව පැය කීපයකින් අලුත් අවුරුද්ද පිලිගමු. ඔබට සුභ නව වසරක් වේවා🙏🙏❤
සුභ නව වසරක් වේවා!
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
එසේම වේවා🙏🤗
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Eka atta akke. We should keep both and good memories; good memories to be cherished and bad memories to be taken as lessons.
Wish a you a very happy new year!
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Wish you the same nangi🤗
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Suba nawa wasarak wewaaaa nangi.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
එසේම වේවා අක්කේ🙏🤗
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
we realize when we are adults because we often see the funny behavior of small children again. You and your family grow up happily. good luck for the new year.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
thank u for these lovely words my friend ❤ wish you the same
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Shaa lassanata wade karala tiyenawa roshi 😍. Happy New Year 💖.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank u Rasi. wish you the same❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Happy new year.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Same to you friend ❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
You can do any thing & every thing.😍👍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit