සමරු ඵලක |5% to SL charity

in hive-133716 •  3 years ago 

හරියටම මාස හතරකට පස්සෙ ආපහු මගේ ගෙදරට එන්න අවස්ථාව ලැබුණේ ගිය සතියේ සෙනසුරාදා. පළාත් අතර සංචරණ සීමා දාලා තිබුන නිසා නිවාඩු ලැබුණත් මට ගෙදර එන්න අවස්ථාවක් ලැබුණේ නැහැ . කොච්චර සුවපහසු තැන් තිබුනත් මටනම් මගේ ගෙදර තරම් අනිත් කිසිම තැනක් හිතට සුවදායක නෑ. මොකද ගෙදර කියන්නේ ලස්සන මතකයන් පිරුණු හරිම ලස්සන තැනක්.

පහුගිය දවස් වල වැඩ කටයුතු කටයුතුත් එක්ක පෝස්ට් එකක් ලියන්න මට අවස්ථාවක් තිබුණෙ නෑ . ඒ වගේම ගෙදරටම හිර වෙලා හිටපු නිසා ලියන්න තරම් සුදුසු මාතෘකාවක් මගේ හිතට දැනුනෙත් නෑ. හැබැයි ගෙදර ආවට පස්සෙ ලියන්න ඕනි තරම් මාතෘකා මට ලැබුණා .

අපි කොච්චර වයසින් වර්ධනය වුණත් වුනත් අපේ සමහර මතකයන් වලට අපි තාමත් හරිම ආදරෙයි. ඒ විතරක් නෙමෙයි අපි පුංචි කාලේ ආසාවෙන් ලබා ගත්ත සෙල්ලම් බඩු එහෙමත් නැත්තං සිහිවටන වලට තාමත් ගොඩක් ආදරෙයි. මම පුංචි කාලේ ගොඩක් ආසාවෙන් කරපු දෙයක් තමයි සමරු පලක එකතු කරන එක. පුංචි මැටි පිළිම ,පිඟන් ගඩොල් වලින් හදපු පිළිම, සිප්පි කටු මේ වගේ දේවල් වලින් හදපු පුංචි ලස්සන සමරුඵලක ගොඩක් මං ගාව තිබුණා . මම කොච්චර පුංචි වුණත් මං ඒ දේවල් ආදරෙන් බලා ගත්තා . ඒත් මට ඒ දේවල් එක එක නැතිවුනේ මං ඒ දේවල් ලස්සනට ගෙදර සාලෙ තියලා තියෙනකොට ගෙදරට එන වෙන පුංචි අය අතින් ඒ දේවල් එක දෙක බිඳෙන කොට.

inCollage_20210817_085037023.jpg

මම ඉස්සෙල්ලම මේ විදියට සමරු පලක එකතු කරන්න ගත්තේ හතර වසරෙදි. ඒ මගේ උපන්දිනේට මගේ අක්කා දීපු ලස්සන සමරු ඵලකයක ට ආස උන නිසා. ඒක පුංචි සුරංගනාවියකගේ පිලිමයක්.

inCollage_20210817_085228185.jpg

මේ වගේ අවුරුද්දකට අඩුම තරමේ පුංචි පිළිම දෙකක් තුනක්වත් එකතු කරන්න මම පටන් ගත්තා. සමහර වෙලාවට සල්ලි එකතුකරල lovers shop එකකට ගියාම පුංචි ලස්සන සමරු පලක මම මිලදී ගත්තා.

මම ආස කරපු තවත් ඒ වගේ පුංචි සමරූ පිලිමයක් තමයි මේ තියෙන්නෙ. මේකත් මගේ උපන් දිනයකට දුන්නෙ මගේ පොඩි අක්කා. ඒක නං මං තවමත් ගොඩක් පරිස්සමින් ඉටිකොලේවත් අයින් කරන්නෙ නැතුව තියාගෙන ඉන්නවා .

inCollage_20210817_085309155.jpg

2009 අවුරුද්දේ අපිව පාසලෙන් එක්කගෙන ගියා තවත් පාසලක ප්‍රදර්ශනයක් නරඹන්න. එතන විවිධ ආකාරයේ පුංචි වෙලෙඳ සැල් තිබුණා. එතෙන්දි මට මගේ යාළුවෙක් ලස්සන පුංචි පිලිමයක් තෑගි කලා. එයාට නම් මතකද දන්නෙ නෑ . මේ තියෙන්නෙ ඒ පුංචි ලස්සන පිළිමය. @randulakoralage ඔයාට මතකද මේක?
inCollage_20210817_084924193.jpg

ඒත් මේ ලස්සන පිලිම ටික දැන් ගොඩක් කැඩිලා. මං ආසාවෙන් තියන් හිටපු සිප්පිකටු වලින් හදපු කුරුලු කුරුලු පවුලක පිලිමයක් ගෙදරට ආපු පොඩි එක්කෙනෙක් අතින් බිම වැටිල කැඩුනා. ඒත් ඒකට මං තවමත් ආදරෙයි. ඒ නිසා කැඩුණු සිප්පිකටු ටික පවා මං තාමත් අරන් තියාගෙන ඉන්නවා .

IMG_20210817_083003.jpg

අපි කොච්චර ලොකු වුණත් උනත් සමහර ඒ අපි ආස දේවල් වෙන කෙනෙකුට දෙන්න වත් කැඩුණත් විසි කරන්නවත් කරන්න වත් අපි ආස නැත්තේ අපිට පුංචි කාලේ තිබුණු සුන්දර මතකයන් නිසා වෙන්න ඇති. අපි ඒ දේවල් ලබා ගන්නකං බලන් හිටපු හැටි, ඒවා ලැබුණම අපිට දැනුණු සතුට , දැන් අපිට ලබාගන්න හිතන්නවත් බෑ. අනිත් දේ තමයි දැන් කාලේ පුංචි අයට මේ වගේ දේවල් වටින්නේ නෑ . තාක්ෂණයත් එක්ක වගේම සුව පහසුකම් අතින් එයාලා ගොඩක් වෙලාවට ඉල්ලන්නේ ටිකක් ලොකු දේවල්.කොහොම උනත් මටනම් මේ පරණ මතකයන් තාමත් ඉස්සර තරම්ම් ගොඩක් සොඳුරුයි .

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Ane shoi. 🤩
Mathakayan apiwa jeewath karawanawa kiyanne mekata.

ඇත්තටම . අපි කොච්චර වෙන් උනත් ඒ මතකයන් හැමදාම අපි ගාව තියෙනවා

Oya wage dewal jiwithayata godaak watinawa....

ඇත්තටම අයියේ. තෑගි වලටත් වඩා ඒ මතකයන් හරි ලස්සනයි

අපි ඒ දේවල් ලබා ගන්නකං බලන් හිටපු හැටි, ඒවා ලැබුණම අපිට දැනුණු සතුට , දැන් අපිට ලබාගන්න හිතන්නවත් බෑ.

ඒකනම් ඇත්ත පුංචි කාලේ අපි ගෙදරින් මොනවා හරි ඉල්ලුවාට පස්සේ, ඒ දේ අරන් දෙනකන් නින්ද යන්නේවත් නෑ..එහෙම ඉදලා ඒ දේ ලැබුනාම දැනෙන සතුට 😍

අපි කැමති දේවල් ඉල්ලගන්න අපි කොයිතරම් අඬල ඇත්ද.. පුංචිම දෙයක් වුණත් එව ලැබුනට පස්සේ අපිට නිකං මුළු ලෝකෙම අපිට ලැබුන වගේ.

  ·  3 years ago (edited)

ඔව් ඔය දේවල් ගොඩක් වටිනව 😍ගොඩක් මතක එකතු වෙලා තියෙනව එක පුන්චි සමරු පලකයක් ඇතුලෙ ❤️

සමරු ඵලකය පුංචි වුණත් වුණත් ඒ මතකයන් මුළු ජීවිත කාලයටම තියෙනවා මල්ලි.❤️

2009 අවුරුද්දේ අපිව පාසලෙන් එක්කගෙන ගියා තවත් පාසලක ප්‍රදර්ශනයක් නරඹන්න. එතන විවිධ ආකාරයේ පුංචි වෙලෙඳ සැල් තිබුණා

a me ara Gurusinhagoda iskole pradarshane di neda? mata aththatama mathakayak na man dunnada kiyala nam. 2009 neda.. awurudu 12 k dan. ammo kochchara kalda... harima sanwedi mohothak

මට හිතුන ඔයාට මතක නැතුව ඇති කියලා . මේක ලැබුන දවසෙමයණ දවසෙමයි මම මේ date ගැහුවෙ 🤭🙈

අනිත් දේ තමයි දැන් කාලේ පුංචි අයට මේ වගේ දේවල් වටින්නේ නෑ .

eka nam aththa halo. dan adare karana aya unath maha loku ewa mwanne. man nam thama asa punchi punchi dewal walta

ඒක නං ඇත්ත . ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ apple phone වගේ දේවල්.අඩුම තරමේ ඇඳුමක්වත්

chuti violin ekakuth thiyanawa neee😍
mn lagath thiyanawa me wage birthdays walata yaluwo dipu gifts🤗

ඔව් ඒකත් මම ආසාවට ගත්ත එකක් 🙈

කොච්චර සුවපහසු තැන් තිබුනත් මටනම් මගේ ගෙදර තරම් අනිත් කිසිම තැනක් හිතට සුවදායක නෑ

I agree. First I hate being at home but now I love it😍

I too have everything that I was gifted by my friends with me safely and they give a smile whenever I looked at them 💖 We may not have the friends with us now but so nice to have their memories with us😊

We may not have the friends with us now but so nice to have their memories with us😊

That's the point nangi. No matter how separated we are, our memories will always be with us.

මාත් ආසයි සිප්පි කටු බඩු වලට.
ඒ කුරුලු පවුල හරිම හුරතල්.😍
ඇත්තටම මම නම් දක්ශ නෑ මට ලැබෙන දේවල් එකතු කරලා තියාගන්න. ගොඩක් දේවල් දැන් නෑ. ඒ වුණාට දවසක බලන්න තියාගන්න එක වටිනවා.😊❤️

මමත් වැඩි පරිස්සමට තමයි ඒක coner stand එකේ තියල තිබ්බෙ . ඒත් ඒකෙන් වුණේ ඔක්කොම ටික වගේ කැඩුන එක 😪. කැඩිලා ඉතුරු උන කෑලි වුණත් දවසක ආයෙමත් දැක්කහම පරණ මතකයන් ගොඩක් අලුත් වෙනවා ❤️

I also have this habit. I also have a lot of souvenirs. 😍 And when I was a kid, when a friend's birthday came up, the first thing that came to my mind was to give her a souvenir as the gift. 🤭

Those things are very valuable. A lot of memories are stored inside the little memorial plaque.

That's amazing.❤ l also had nice collection of plaques before.

E wage upandina walata labuna kihipayakma mageth tibuna.. podi lamai ekka parissam karanna tamai amaruma.

Matath Thiyenawa Oya wage ekathuwak. Kochchara parana unath ain karanna hithen na. Kale gewila ghin Ewa thagi karapu yaluwo samahara aya gana aranchiyak wath na. Eth e okkoma
Thama mm gawa Thiyenawa.