ඕනි දෙයක් දරාගෙන දවසම වැඩ කලත් අම්ම සනීප නෑ කිව්වම කරන දේවලුත් හිතාගන්න බෑ. ඔලුව කැක්කුමට හොදම බෙහෙත නිදහසේ ඉන්න දෙන එක නිසා පැනඩෝල් දෙකකුත් දීල අම්මට ආයෙත් නිදාගන්න කිව්ව. මොකද නැත්නම් මොන ලෙඩක් තිබුනත් අම්ම ගෙදර ඔක්කොම වැඩ ටික කරන නිසා. කන්නත් බෑ කිව්ව නිසා උදේට මම හැදුවා ගස්ලබු ස්මූති එකක්.ජූස් එකක් වගේම තමයි. වෙනද නම් ගස්ලබු වලට අම්ම එච්චර කැමති නැති උනත් අද නම් ආසාවෙන් බිව්ව ඉතින්.

දවල් 12 වෙනකොට මට අද ඉස්කෝලෙ ඔන්ලයින් වැඩ ඉවර උනා. අද දවල්ට මම උයනවා කියල හිතන් ෆ්‍රිජ් එක බැලුවම මට හිතට හරි යන දෙයක් තිබුනෙ නෑ. ඉතින් පලවෙනියටම කරේ එළවලු ටිකක් ගන්න කඩේට ගියපු එක. ගේ ළගම එළවලු කඩයක් තියෙන නිසා හරි ලේසි. ඕනි වෙලාවක ඕන එළවලුවක් ගේන්න පුලුවන් . එළවලු නම් ගිනිගනන් ඉතින්.ඉස්සර රුපියල් 1000ට ලොකු මල්ලක් පිරෙන්න එළවලු ගත්තට දැන් පුංචි ම එළවලු මල්ලකුත් 1000 පන්නනවා.
කොවිඩ් කාලේ පුරුද්දට තාමත් එළවලු ගෙනාවම සෝදනවා. ටිකක් වෙලාව යන වැඩක් උනාට ඒ කාලෙන් පුරුදු උන හොඳ දෙයක්. පිටරටවල නම් කඩවල් වල එළවලු තියෙන්නෙත් ගොඩක් පිරිසිදු කරල පොලිතින් වලින් ආවරණය කරල. ලංකාවෙ තියෙන්නෙ පලදාව නෙලපු ගමන් මඩ පිටින්. ඒ නිසා කොහොමත් සෝදල ෆ්‍රිජ් එකට දාන එක හොදයි. ෆ්‍රිජ් එක අපිරිසිදු වෙන්නෙත් නෑනෙ.
ඒ පුරුදු නිසාම අවුරුද්දකට කලින් ගත්ත ෆ්‍රිජ් එක තාම අලුත් පිට තියෙනවා. මම හරි ආසාවෙන් බලන වීඩියෝ ටිකක් තියෙනවා Humzy ගේ. එයා කොරියන් කෙනෙක්.එයාලගෙ මුලුතැන් ගෙය හරිම පිරිසිදුයි වගේම නවීනයි. එයාගෙ ෆ්‍රිජ් එක දැක්කම මටත් හිතුනා ඒ වගේ මගෙ ෆ්‍රිජ් එකත් තියාගන්න. ඉතින් මං ෆ්‍රිජ් එක ගන්නකොටම ඒකෙ බඩු දාන්න අවශ්‍ය භාජනත් ගත්තා. වෙලාවක් තියෙන වෙලාවක බලන්නකෝ. Yammy Hamzu Mukbang
මේ විදියට එළවලු සෝදලා වේලල වෙන් කරල මේ වගේ භාජන වල දැම්මම එළවලු ගොඩක් දවස් අලුත් පිට තියාගන්න පුලුවන් . පොලිතින් කවර වල දැම්ම එළවලු ඉක්මනින් සවුත්තු වෙනවා වගේම ෆ්‍රිජ් එකත් අපිලිවෙලයි. හැබැයි මම හිතනවා මේ ක්‍රමය හොදයි කියල.පුලුවන් නම් උත්සාහ කරල බලන්න.
ඊළගට තිබුනෙ උයන්න. අම්ම කැමති මගේ එළවලු බතට. ඉතින් උයනකොටම කිව්ව "ඔයාගේ පුරුදු එළවලු බත් එකම හදන්න.. මම ඒකට කැමති " කියලා . ඒ වචන ටික ඇහුවත් සතුටුයි ඉතින් . මොකද අපේ අම්ම එහෙම ලේසියෙන් කෑමකට කැමති වෙන්නෙ නෑ.
උයන්න කලින් මම මුලින්ම කරන්නෙ මුලුතැන් ගෙය පිරිසිදු කරන එක.එතකොට හරිම ආසාවෙන් උයන්න පුලුවන් . අනිත් දේ තමයි සිංදුවක් දාගෙනම වැඩ කරන එක. එතකොට සිංදුවත් අහනවා වැඩෙත් කෙරෙනවා. වෙනදට මම එළවලු බත් එක හදනකොට සුදුළූණු දාන්නෙ පොතු අයින් කරලා. පහුගිය දවසක මම දැක්කා වීඩියෝ එකක තියෙනවා පොතුත් ඒ එක්කම දාන්න , ඒකෙන් සුවද වැඩි වෙනවා කියල. ඇත්තටම ඒක හරි.වෙනදටත් වැඩියෙන් හරිම සුවඳයි බත් එක.
බතුයි ව්‍යාංජනයි හදලා ආයෙමත් මුලුතැන් ගෙය පිරිසිදු කරල අම්මට කතා කරේ කන්න. ඒ වෙනකොට අම්මගෙ ඔලුවෙ කැක්කුම හොඳ වෙලා තිබුනා. අපි කොච්චර ලොකු උනත් අම්මල අපිට මහන්සි වෙන්න දෙන්නෙ නැතුව වැඩ කරනවා. ඒකයි මේ .මම එහෙම හිතුවා.
කාල ඉවර වෙලා ටිකක් ඉන්නකොට දන්නෙම නැතුව නින්දත් ගිහින්.නැගිටල බලනකොට ලෙක්චර්ස් වලට වෙලාව හරි. ආයෙ ඉතින් පැය ගානකට පුටුවෙන් නැගිටිනවා බොරු කියල හිත හිත වාඩි උනත් පැය දෙකක්වත් ඉන්න ලැබුනෙ නෑ. සුපුරුදු විදුලි කප්පාදුව අදත් උනා. පැය දෙකකට වඩා කරන්ට් එක නැතුව ඉඳලා අයෙමත් ලෙක්චර් එකට ගිහින් බලනකොට කියන්න සතුටුයි ලෙක්චර්එක ඉවරයි. ඉන්න හිතෙන රටක් ඉතින්.
දැන් වෙලාව රෑ .10.40යි. අද ටිකක් වෙනස් විදියකට ලියන්න හිතුනා. කොහොම මොන දේ ලිව්වත් සිංහලෙන් හිතට එන දේ ලිව්වම තමයි මට නම් සැහැල්ලුවක් දැනෙන්නෙ. ආයෙමත් හමුවෙමූ. සුබ දවසක්
ගස් ලබු ස්මූති එකයි, ෆ්‍රිජ් එකේ වැඩෙයි, එළවළු බත් එකයි ඔක්කොම මරු වගේ 😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ස්මූති එකකට ට්‍රයි කරලා බලන්න. නියමයි🤗
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
eka ada danagaththa aluth trick ekek😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව් මම දැනගත්තේ ලඟදි
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඇත්තටම මමත් එළවලු ඔය විදියට හෝදල වේලෙන්න තියල කන්ටේනර් වල දාල තමයි ප්රිජ් එකට දන්නේ. සුමාන දෙකක් වුණත් නරක් නොවී තියාගන්න පුළුවන්. මම ඔයාට තව ට්‍රික් එකක් කියන්නම්. කැරට් වල මුල පොඩ්ඩක් කපල දාන්න. මොකද මුල ඉක්මණින් කුණු වෙන නිසා. ඒවගේම මිරිස් කරල් වල නැට්ට ගලවල දාන්න වැඩි කාලයක් තියාගන්න පුළුවන්
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒ කියපු tricks ටික නම් වටිනවා. ඒ ටික try කරලා බලන්න ඕන.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
බොහොම ස්තූතියි ඒ ගැන කිව්වට.ඊළඟ සැරේ මමත් ට්‍රයි කරන්නම්
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
sahenna rasa patai ekanam
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අනේ බොහොම ස්තූතියි😃❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit