අද කතාව ටිකක් වෙනස් .හැමදාම එකම විදියට ලියන එක චුට්ටක් නතර කරන්න ඕනේ කියල හිතුනා .
සමහර දවස් තියෙනවා හරි ඉක්මනින් ගෙවිලා යන . අපි ළඟ ඉන්න අයත් අපි සහභාගි වෙන අවස්ථා අනුව අපේ වෙලාව ගත වෙන විදිය තීරණය වෙනවා . විශේෂයෙන්ම අපි ආදරය කරන අය චූටි චූටි බබාලා එක්ක වෙලාව ගත කරනකොට හරි ඉක්මනින් වෙලාව ගෙවෙනවා .ඉතින් අද මගේ දවස ගත උනේ මගේ ලොකු අක්කගේ ගෙදර. මම උදෙන් අක්කගෙ ගෙදර යනකොටත් අක්කා උයාගෙන මම එනකම් බලන් හිටියා . ඒ තමයි ඉතිං අක්කලාගේ ආදරේ . රණ්ඩු සරුවල් අතරේ නොවෙනස්වන සහෝදර බැඳීම . දවස් ගානක් තිස්සේ දුරකථනයෙන් කියන්න බැරි වුණු විස්තර ,ඕපදුප , කෙටි කතා නවකතා ඔක්කොම කියන්නෙ ඉතින් මෙහෙම මුණගැහුණ ම තමයි 😋🤭.
අක්කා එක්ක කතා කරන්න සූදානම් වුණාට මට සිද්ධ වුණේ එක දිගටම කියවන රේඩියෝ තුනකට ඇහුම්කන් දෙන්න . ඒ තමයි ගෙදර ඉන්න පොඩ්ඩො තුන්දෙනා . ඒ අතරිනුත් මං අද කියන්නේ ලොක්කා ගැන . ඒ තමයි සන්දිලු .
සන්දිලු තාම පහ වසරෙ ඉගෙන ගන්න දරුවෙක් උනාට තාක්ෂණය ගැන, සත්තු ගැන හොඳ දැනුමක් තියෙන දරුවෙක් . ඇත්තටම එයාගේ ලෝකෙ තමයි බල්ලා පූසා ,මාළු ,කුරුල්ලෝ .
ගෙදර ගියාට පස්සෙ කියවන්නෙම මේ මාතෘකා ටික ගැන තමයි . 😥
ඒ අතරින් පළවෙනි මාතෘකාව තමයි බල්ලා . නමින් බ්රවුනි . පෙනුමේ හැටියට ම ඌට නම තියලා තිබ්බා. ටිකක් සැර පෙනුමක් තිබුණත් බොහොම අහිංසක බල්ලෙක් . දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන පූසත් එක්ක බොහොම ආදරෙන් ඉන්නවා . පූසාගේ ආදරෙත් ඊට දෙවෙනි නැහැ .
ඊළඟ මාතෘකාව තමයි පරවි කූඩුව . පාසලේ බාලදක්ෂ වැඩවලට පරවියෙක් ඇති කරන්න කියලා සන්දිලු ට නියම වෙලා තිබුණා .එක පරවියෙක් වෙනුවට පරවියෝ හතර දෙනෙක් ඉන්න විශාල කූඩුවක් ම ඔහුට තෑගි ලැබිලා . දුරට දැකලා තිබුණට ගොඩක්ම ලඟට දැක්කේ පරවියෙක් අද තමයි මමත් හරියටම. ගොඩක් වෙලාවට අපි පරවියෝ දකින්නේ බස්ටෑන්ඩ් එකේ ,එහෙමත් නැත්නම් ජනාකීර්ණ විශාල ගොඩනැගිලි වල . දුරට එච්චර ලස්සනක් නොපෙනුනත් පරවි කියන්නේ හරිම ආකර්ෂණීය පෙනුමක් තියන කුරුල්ලෙක් . සද්දෙ නම් ටිකක් කැතයි .මට වෙලාවකට සද්දේ ඇහෙන්නේ හරියට දුරකථනයක් vibrate වෙනවා වගේ. සන්දිලු ගෙ වැඩේ ඉතින් පරවියන්ට කවන පොවන එක තමයි .
ඊලග මාතෘකාව තමයි මාළු . සන්දිලු ට මාළු ගැන හොඳ අවබෝධයක් තිබුණා . විශේෂයෙන්ම එය youtube එකෙන් ගොඩක් තොරතුරු මාළු ගැන ඔහු හොයාගෙන තිබුණා .
මාලු ඇතිකරන ආසාවටම ඕලු තැටියක් ගෙනල්ලා තිබුනත් දැන් ඔහුගේ තවත් විනෝදාංශ බවට පත් වෙලා තිබුනේ වගා කරන එක . අම්මගේ මල් වගාවට උදව් කරන ගමන්ම , කලින් සැරේ මම අක්කගෙ ගෙදර යනකොට නොතිබුණු ගොඩක් පැළ වර්ග මේ සැරේ ඔහු ගෙවත්තට එකතු කරලා තිබුණා .
සන්දිලු තරමක් දුරකතනයට ඇබ්බැහි වෙලා හිටපු දරුවෙක් . පහුගිය කාලය එක දිගටම දුරකථනයත් එක්ක ගනුදෙනු කරන්න ලැබීම එකට හේතුවක් වුණා . හැබැයි දුරකථනයෙන් හොයාගත්ත දැනුම තුළින් ප්රායෝගික ක්රියාකාරකම් වල යෙදුන නිසා ඔව් දැන් දුරකථනයෙන් ගොඩක් ඉවත් වෙලා . දරුවෙක්ට නිවැරදි මාර්ගය නිවැරදිව පෙන්නුවොත් හොඳ ප්රතිඵලයක් ගන්න අනිවාර්යයෙන්ම පුළුවන් .
ඉතිං මාතෘකා ගොඩක් අස්සෙ හරිම සතුටින් අද දවස ගත වුණා .සමහර මාතෘකා වලට මම එතරම් ප්රියතාවයක් නොදැක්වුවත්😥 සන්දිලු ඒවා ගැන ගොඩක් උනන්දුවෙන් කියනකොට මමත් අවධානයෙන් ඒවට ඇහුම්කන් දුන්නා🤗. මොකද ඒක හරි වැදගත් දරුවන් ගේ අනාගතය ට. අක්කා එක්ක කතා කරන්න හිතාගෙන ගියාට පොඩ්ඩාගේ කතා වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඒකෙන් මට පුළුවන් වුණා .
eka nam aththa... dawasa gatha wena wegaye thiranaya wenne a a dawas walata api laga inne kawda kiyna eka anuwai.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Sandilu mathakai mata. e kale eya harima podine. harima chandi th ekka
mata hithaganna puluwan
eka hondai.. oya wayasedi puluwan tahram parisare eka inna eka hondai
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ammo.thamath chandiya thamai. 😁
Ow.apitath eka loku deyak.nethnam thamath video game gahanwa
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
පොඩි අය එක්ක කාලේ ගත කරනකොට කාලය ගෙවිලා යනවා කියන එක නම් තේරෙන්නෑ කියන එක ඇත්ත..හැබැයි වද දෙන්න ගත්තාමත් ඉක්මනට ගැලවිලා යන්නේ කොයි වෙලේද කියලා බලාගෙන ඉන්න එකත් ඒ වගේ තමයි 😁🏃
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒ කතාව නම් ඇත්ත. වද දෙන්න ගත්තම එයාලට මතක නෑ මෙ කවුද කියලත්. එහෙම වෙලාවල් නැතුව නෙවේ😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අපිත් එතකොට නිකන්ම පොඩි අය වෙනවා 😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
සන්දිලු හරි ශෝක්.😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
නිදාගත්තාම තමයි ගොඩක් ෂෝක්😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit