ඕලු |5% to SL charity

in hive-133716 •  4 years ago 

වර්තමාන රූපවාහිනී කලාව ගත්තහම ටෙලිනාට්‍ය පිළිබඳව කතා කරනකොට දැන් වැඩිපුරම දකින්න තියෙන්නේ මෙගා ටෙලි නාට්‍ය. ඒ අතරින් බොහෝ ටෙලි නාට්‍ය ඇත්තටම අපේ ජීවිත වලට හරිම සංකීර්ණයි වගේම ඒවා නරඹන්න තරම් හිතේ ආසාවක් ඇතිවෙන්නෙ නැහැ .ඒකට හේතුව තමයි ඒ ටෙලි නාට්‍යවල අන්තර්ගතය සාමාන්‍ය මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයත් සමඟ නොගැලපීම ...

IMG_20210618_113333.jpg

මම පුංචි කාලේ ටෙලි නාට්‍ය නරඹන්න ආසාවක් දැක්වූවත් මේ ඇතිවුන වෙනස්වීමත් එක්ක ටෙලිනාට්‍ය නරඹන එකෙන් මම ගොඩක් ඈත් වුණා. නමුත් පහුගිය දවස් වල මට නරඹන්න ලැබුණු ලස්සන ටෙලි නාට්‍ය දෙකක් තමයි "නාඩගම් කාරයෝ" සහ "ඕලු " කියන්නේ.

මේ අතරින් "ඕලු" කියන්නේ 2005 වර්ෂයේ පමණ ස්වර්ණවාහිනිය විකාශනය වු පැරණි ටෙලි නාට්‍යයක්.

IMG_20210618_113411.jpg

කුමාර කරුණාරත්නයන් විසින් ලියන ලද ඕලු නවකතාව ආශ්‍රයෙන් ෂර්ලි පී දෙලංකාවල විසින් අධ්‍යක්ෂණය කළ ඕලු ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වෙන්නේ මංජුලා කුමාරි , සුරාජ් මාපා, ප්‍රසන්නජිත් අබේසූරිය, අංජුලා රාජපක්ෂ වැනි නළු නිළියන් පිරිසක්. මේ කතාව 2007 වසරේ සුමති සම්මානයටද පාත්‍ර වෙලා තියෙනවා .

කොළඹ හැදීවැඩුණු සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ අසංග කියන ඉංග්‍රීසි ගුරුවරයා ඉතා දුෂ්කර ගමකට පත්වීම ලබා ගෙන ගිය අවස්ථාවේදී ඕලු කියන දුප්පත් අහිංසක ශිෂ්‍යයාව මුණගැහෙනවා . මේ කතාව වටා ගෙතෙන්නෙ ඕලු කියන මේ අහිංසක ගෑනු ළමයා දුෂ්කරතා රාශියක් මැද්දෙන් තමන්ගේ ජීවිතය ගැටගහගන්න දරන උත්සාහයත් ඒ වෙනුවෙන් මේ ගුරුවරයා නොමද දායකත්වයක් ලබාදෙන ආකාරයත් ගැනයි.

මම මේ ටෙලිනාට්‍යයට කැමති වෙන්න හේතු කීපයක් තියෙනවා. එකක් තමයි වර්තමානයේ තියෙන ටෙලි නාට්‍යයත් සමග සසඳනකොට මේ ටෙලිනාට්‍යයේ ජීවත් වන චරිත හරිම අව්‍යාජයි. වර්තමාන ටෙලිනාට්‍ය වල ජීවත් වන වැඩි වශයෙන් makeup භාවිතා කරල නිර්මාණය කරපු ව්‍යාජ චරිත. ඒවාට වඩා ඕලු ටෙලි නාට්‍යයේ ජීවත්වෙන චරිත හරිම සරලයි .
ඔවුන්ගේ රංගන විලාශය, කතාබහ , ඇඳුම් පැළඳුම්, ජීවන රටාව ලංකාවේ බොහෝ පුද්ගලයන්ගේ සාමාන්‍ය ජීවන තත්ත්වයට සමානයි. ඒ වාගේම මේ ටෙලි ටෙලිනාට්‍ය රූපගත කරපු පරිසරය හරිම නිස්කලංක ගැමි පරිසරයක්.

IMG_20210618_113353.jpg

ඕලු කියලා කියන්නේ දරිද්‍රතාවයෙන් ඉතාමත්ම පීඩාවට පත්වුණු දැරියක්. පාසල් යන වයසෙදි ම අම්මා තාත්තා දෙන්නම නැති වුණාට පස්සේ ඇයට සිදුවෙනවා තමන්ගේ මාමා ලඟට යන්න . තමන්ගේම කෙනෙක් ළඟට ගියත් ඇයට සිද්ධ වෙන්නෙ තමන්ගෙ නැන්දනියගේ කර්කශ වචන වලට ඇහුම්කන් දෙන්න පමණයි. අවසානයේ ඇයට සිදුවෙනවා තමන් තරම්වත් ඉගෙනීමක් නැති දියණියන් සිටින ගුරු පවුලක වැඩකාරකමට යන්න. වැඩකාරකමට ගිය ඕලු ගේ ඉගෙනීම පිළිබඳව දැනගත් විට ඒ ගුරු අම්මට උහුල ගන්න බැරි වෙනවා. තමන්ගේ දරුවන්ටත් වඩා හොඳින් විභාගය සමත් වෙලා තමන්ගේ ගෙදර වැඩ කරන මේ මෙහෙකාරිය ව තියාගන්න ඇය තවදුරටත් අකමැති වෙනවා. ඕලුට ලැබෙන ආරක්ෂාව නිසාම ඇය මේ ගෙදරින් යන්න අකමැති වුණත් ඔවුන්, ඕලුව ඒ නිවසින් පන්නා දමනවා. එහි ප්‍රතිඵලයක් විදියට නැවතත් තමන්ගේ මාමා ළඟට යන ඕලුට සිද්ධවෙන්නේ තවත් මිනිසෙකුගේ මුදලට යටවෙලා ඔහුට විකිනෙන්න.

නමුත් ඇය කරපු හොඳ දේවල් වල ප්‍රතිපලයක් විදියට ඇයට ලැබෙනවා තමන්ගෙ පාසලේ ගුරුවරය වූ අසංග ළඟට යන්න.උසස් පෙළ ඉහළින්ම සමත් වෙලා විශ්වවිද්‍යාල වරම් ලැබුනත් තිබුණු අඟහිඟතා සහ ප්‍රශ්න නිසා විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණු අසංග ලඟදිත් හොඳ රැකියාවක් කරන්න අවස්ථාවක් වගේම බාහිර උපාධිය කරන්නත් අවස්ථාව ලැබෙනවා.

IMG_20210618_114103.jpg

මේ කතාව පුරාවටම පෙන්නන්නෙ අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරපු ඕලු තමන්ගේ ජීවිතේ කෙමෙන් කෙමෙන් ජයග්‍රහණය කරනවා වගේම ඇයව පයින් පාගලා අගාධයටම ඇද දාන්න හදපු මිනිසුන්ගේ ජීවිත වලට මුහුණ දෙන්න වෙන්නේ මොෙ මොන තරම් නීරස, අගෞරවනීය අත්දැකීම් ද කියන එක .

නැවත විකාශයක් විදියට මේ දිනවල රාත්‍රී 9 ට ස්වර්ණවාහිනියේ විකාශය වන මේ ඕලු ටෙලිනාට්‍යයේ මේ දිනවල විකාශය වෙන එහි අවසන් කොටස් කීපය . ඉතින් ඔබටත් අවස්ථාවක් ලැබුනොත් youtube ඔස්සේ හෝ මේ ටෙලි නාට්‍ය නරඹන්න කියලා මම ඔබට ආරාධනා කරනවා.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  
  ·  4 years ago (edited)

මාත් ආසාවෙන් බලන කතාවක්, මුලු කතාව පුරාවට මොන තරම් බාදක ආවත් ඒවට සාර්තකව මුහුණදිය යුතු ආකාරය හොදින් පෙන්නුම් කරනවා 😍

ඇත්තටම මල්ලි. දැන් විකාශය වෙන සමහර ව්‍යාජ කතා වගේ නෙවෙයි. ජීවිතයේ යථාර්ථය ලස්සනට පෙන්නනවා.

meka yaddi awrudu 5k wage eth mathakai poddak thawama🤭🥰

ඔව් 2005 මේක මුලින්ම විකාශනය වෙන කොට මමත් යන්තම් බැලුව වගේ මතකයි. ඒ කතාව වත් හරියට මතක නෑ . ඒ නිසා ආයෙමත් බලන්න හිතුනා🙈

Your post has been upvoted by Steem Sri Lanka Community Curation Trail.

Steem Sri Lanka Discord Channel

✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵

Join With
steem-sri.lanka
Curation Trail For Better Curation Rewards

Far better than Dewani inima and sangeethe 😂❤️🔥

Yeah. Definitely . සංගීතෙ, දෙවැනි ඉනිම 🤢🤮

මං හොඳ සිංහල ටෙලි නාට්‍ය ටිකක් හොයන ගමන් ඉන්නෙ. මේකත් ලිස්ට් එකට දාගන් ඕනෙ❤️😍

@prasadi
Koombiyo
Thanamalwila kollek
Nadagamkarayo
sahodarayo
Giri devi

Those are my fav❤️ try

'සුදු ඇදගෙන කලු ඇවිදින්'' එකත් ඔය ලිස්ට් එකට ඇඩ් වුනානම් වටිනවා .

ඇත්තටම මම නම් කාලෙකින් දැකපු ලස්සන කතාවක්. කතාව පුරාවටම හොඳ පණිවිඩයක් දෙනවා.

කතාවේ තිබ්බේ මොකක්ද කියල මතක නෑ. එත් බැලුව කියල මතකයි. අපි ගොඩක් පොඩිනෙ එතකොට. අම්මල තමයි බැලුවෙ.

ඒ කොහොම වුණත්, මංජුලා පීරිස්ට තාම මිනිස්සු ඕලු කියල කතා කරනව.ඒ චරිතෙ මිනිස්සු අතරට ගියා කියන එකට සාක්ෂියක් ඒක. 😉

මම පොඩි කාලෙ බැලුවා.මට මතකයි ටිකක් 😍

  ·  4 years ago (edited)

ගඟට යමු
ඔරු පදිමු
මල් නෙලමු
කවි කියමු