නොදන්නා ගමනක දිනයක් - පළමු කොටස - 5% to Sl Charity - CLUB5050

in hive-133716 •  3 years ago 

ඔන්න ඉතින් අදත් මං අරගෙන ආවේ මං ගියපු ගමනක් ගැන විස්තරයක් තමයි. ඔයාලා ගිහින් තියෙනවද යන්නේ කොහෙද දවස් කීයකටද කියලා නොදන්න ගමනක්. මං අද කියන්න යන්නේ මං ගියපු ඒ වගේ ගමනක් ගැන. ඔයාලට මතක ඇති මං බයික් ක්ලබ් එකක ඉන්නවා කියන එක. ඉතින් ඒකෙන් අපි සුබසාධක කටයුතු වගේම රට වටේ ඇවිදින එකත් කරනවා. පහුගියකාලේ කොරෝනා උවදුරත් එක්ක අපේ ඒ වැඩ කටයුතු ටික කාලයකට නවත්තන්න සිද්ධ උනා.

WhatsApp Image 2022-03-17 at 3.38.06 PM (1).jpeg

ඔන්න ඉතින් කාලයක නිහැඩියාවකින් පස්සේ අපේ සෙට් එක ටුවර් එකක් යන්න ලෑස්ති උනා. ඉතින් අපේ ක්ලබ් එකේ වෙනම ඉන්නවා Team Spirit කියලා සෙට් එකක්. ඒ ගොඩට එකතුවෙන්නනම් අලුතෙන් එන අයට තියෙනවා වැඩ ටිකක් කරන්න. ඒ කියන්නේ කෙනෙක් කොච්චර හිතවත් උනත් එයාට බෑ ආපු ගමන්ම Team Spirit එකට එකතුවෙන්න. මටත් ඉතින් ඒ ටිකම තමයි. Team Spirit එකට එකතුවෙන්න කලින් එයාලා විතරක් යන ටුවර් තුනකට අපිව සම්බන්ධ කරගන්නවා. ඊට අමතරව එයාලගේ Public event තුනකට සහභාගිවෙලා තියෙන්නත් ඕනි. Public event කියන්නේ Charity වැඩ වගේ දේවල්. මං මේ වෙද්දී Public event තුන සම්පුර්ණ කරලා ඉන්නේ. ඔන්න ඉතින් ඒ හින්දා එයාලා මට Team Spirit ටුවර් එකකට කතා කලා. එන්න ඕනි දවස විතරයි කීවේ. දවස ලංවෙද්දි වෙලාවයි එකතුවෙන තැනයි කියන්නම් කීවා. යන්නේ කොහෙද, දවස් කීයක්ද, සීතල පැත්තකටද නැද්ද මේ මොනවත් අහන්න තහනම්. ඕනි තැනකට ගිහින් ඉන්න පුලුවන්වෙන විදියට සූදානම් වෙලා එන්න ඕනි. ඒකෙත් නිකන් අමුතුම සීන් එකක් තියෙනවා. ඔන්න ඉතින් දවස ලං වෙද්දී බඩුමුට්ටු ලිස්ට් එකක් එවලා ඒවගෙන් එක එක දේවල් ගෙනෙන්න පුලුවන් අයට කියන්න කීවා. මං ඉතින් උයන්න භාජනයක් අරන් යන්න භාරගත්තා.

WhatsApp Image 2022-03-17 at 3.38.06 PM.jpeg

ගමන යන්න දවස් දෙකකට කලින් මට එන්න ඕනි තැනයි වෙලාවයි දැනුම් දුන්නා. ඒ කීව විදියටම බඩුමුට්ටු ටිකත් බයික් එකේ බැඳගෙන රෑ 10.00 වෙද්දී මං පානදුර - රත්නපුර පාරේ පොකුණුවිට හන්දියෙන් ගමනට එකතු උනා. ගමනට ඔක්කොම හිටියේ පස්දෙනයි. ගොඩක් අයට කොවිඩ් පොසිටිව් වෙලා එන්න අමාරු තත්වයක් තිබුනේ. ගියපු අපිත් අන්ටිජන් පරීක්ෂාවක් කරගෙන තමයි ගමනට එකතු උනේ. මේ වෙද්දි මාත් එක්ක තුන් දෙනෙක් ඉන්නවා. අනිත් දෙන්නම Team Spirit පරණම සාමාජිකයෝ. ඔන්න ඉතින් මාව ඉස්සරහටම දාලා කීවා ඉංගිරියට යමු එතනින් තව එක්කෙනෙක් එකතු වෙනවා කියලා. මං ඉස්සරහින් යනවා අනිත් දෙන්නා පස්සෙන් එනවා. ඉංගිරියට ලං වෙද්දී අපේ එක්කෙනෙක් මට ඉස්සර කරලා අනිත් කෙනාට එන්න කීවා තැන නැවැත්තුවා. එයත් මං වගේ අලුත් කෙනෙක්. දැන් ගමන යන්නේ කොහෙද කියලා දන්න අය දෙන්නයි, නොදන්න දෙන්නයි. මගේ බෑග් එක බැඳලා තිබුණු ලනුව බුරුල්වෙලා තිබුණු හින්දා එතැනදී එයාලම ඒක හොඳට ගැටගහන්න උදව් කරා. දැන් ආයෙත් ගමනේ. ඊළගට රත්නපුරේ නවත්තන්න තමයි කීවේ. මං ඉස්සරහින්ම, මට පස්සෙන් යන්නේ කොහෙද නොදන්න අනිත් යාළුවා, අපි දෙන්නට පස්සෙන් අනිත් දෙන්නා. ඉතින් ඊළඟට රත්නපුරෙන් එහාට උනේ මොකද කියන එක ඊලග කොටසේදී මං කියන්නම්කො.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Hello, very good work.I see that you like travel and adventures, I would like to take the audacity to invite you to Steem Travelers.There you can share all your expectations, reviews, cultural and historical aspects.

https://steemit.com/trending/hive-111293.

You greet you @rafaelcmontero of Steem-Travelers Team.

Ekath maru wede. Yanne koheda kiyala wath danne nathuwa yana eka😂

yanne koheda, dawas kiyakada.. melowa deyak danne na... gedarata mewa kiyanna giyama thamai maruma athal eka

යන්නේ කොහෙද දවස් කීයකටද කියලා නොදන්න ගමනක්

gihin naa. eth yanna asai ehema. yanna labewida danne na eth

yanna puluwan unoth yanna.. eka maru..

E wge gamn ynna baya ndda 😬

bayaknam na.. amuthu athal ekak thiyenawa 😁😁

ඒක නම් සුපිරිම experience එකක් වගේ

ඒක නම් සුපිරිම experience එකක් වගේ

සුපිරිම එකක් තමයි...

kohomada appa job eka ekka owa karanne?

thiyena ekama niwaduwa mewata kapakaranawa...

බයික් වලින් ට්‍රැවල් කරන එකත් මරු නේද... 😀

මං ආසම බයික් වලින් යන්න තමයි.. නිදහස්

කුතුහලය මුසු කතාවක්.