අපිනම් පෝයටත් වැඩ - 5% to Sl Charity

in hive-133716 •  3 years ago 

ඉතින් කොහොමද යාළුවන්ට… හැමෝම මේ වසංගත තත්වයෙන් ආරක්ෂාවෙලා පරිස්සමට ඉන්නවා ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් දවස් ටික ටික ගෙවිලා ගිහිල්ලා අවුරුද්දේ අන්තිම කාලයටත් කිට්ටුවෙලා. අවුරුද්දේ මුල මේ අද ඊයේ වගේ මටනම් දැනෙන්නේ.

අද පෝය දවසක් උනත් අපිටනම් පෝය දවසක් කියලා තියෙන රාජකාරී වලින් අඩුවක් නෑ. ඒක තමයි ඉතින් ඉදිකිරීම් වැඩබිම්වල තියෙන විදිය. මුලදී මේ දේවල් නුහුරුයි වගේ දැනුනට දැන් අවුරුදු ගානක් තිස්සේ පෝයට වැඩට එන එක කරන හින්දා ඒක සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. ඉතින් රටේ තියෙන තත්වයත් එක්ක පළාත් අතර සංචරණ සීමා පනවලා හින්දා ගෙදර ගිහින් අම්මලා තාත්තලා බලලා එන්න කියලා වයිෆ් මේ පෝය දවස එනකන් හිටියේ ඇඟිලි ගැන ගැන. එහෙම ඉන්න හේතුව තමයි මේ පොයෙන් පස්සේ සංචරණ සීමා ලිහිල් කරනවා කියලා කියපු එක. ඒත් ඉතින් ඔන්න ආයෙත් පළාත් අතර සංචරණය 31 වෙනකන් තහනම් කරලා කියලා දැන් ටිකකට කලින් දැනගන්න ලැබුනා. ඒ කියන්නේ වයිෆ්ගේ ආසාව ඉෂ්ට වෙන්න තව ටිකක් කල් යනවා කියන එක තමයි.

10906345_10204622243870543_8862734995851209108_n.jpg

මං සයිට් ජීවිතේට එන්න කලින්, ඒ කියන්නේ උසස් පෙළ කරන කාලයේදී මට හම්බුනු ගුරුවරයෙක් හින්දා මං පුරුදුවෙලා හිටියා පෝයට සිල් ගන්න යන්න. මුල්ම කාලයේනම් යාළුවොත් එක්ක එකට සිල් ගන්න ගියේ ඒක ටිකක් වෙනස් වැඩක් වගේ හින්දා දැනුණු හින්දා. ඒත් ටිකක් දවස් එහෙම යද්දී සිල් ගන්න යන්න ආසා හිතුනා. ඒ විතරක් නෙවෙයි අසපුවේ පෝය දවසේ තියෙන වැඩසටහන් වලට අමතරව අනිත් දවස්වල තිබුණු වැඩසටහන් වලටත් යන්න මං පුරුදුවෙලා හිටියා. ඒ කාලේ දැන් වගේ වගකීම් කියලා දෙයක බරක් තිබුනෙම නැතිතරම්. සමහර වෙලාවට සතියකට විතර කිට්ටු කාලයක් අසපුවේ නතරවෙලා වැඩසටහන් සංවිධානය කරන දේවල් වලට පවා උදව් කරලා එන්න තරම් කාලයක් ගතකරන්න පුලුවන් උනා.

10897063_10204622240910469_7133828144274487134_n.jpg

ඒ හැමදෙයක්ම එහෙම වෙන අතරේ තමයි මං මගේ සයිට් ජීවිතය පටන්ගත්තේ. ඉතින් මේවගේ තියෙන වැඩත් එක්ක මගේ පරණ පුරුදු වලින් මාව ටිකෙන් ටික ඈත් උනේ මටත් නොදැනීම. පරණ මතකයන් මතක් කරද්දිනම් ආයෙත් ඒ කාලයට යන්න හිතෙනවා. ඒත් මොකක්දෝ තැනක වෙච්ච මොකක්දෝ දෙයක් හින්දා මං රාමුවකට කොටුවෙලා වගේ දැනෙනවා. සයිට් ජිවිතේ මුල් කාලයේනම් අපි සර්ට කියලා ටිකක් කලින් ඕෆ් වෙලා සයිට් එකේ වාහනෙන්ම පන්සල් ගිහින් ආවා. ඒත් දැන් තියෙන කොරෝනා තත්වෙත් එක්ක ඒවත් නතරවෙලා. ඇත්තටම එක දිගට වැඩ කරලා හෙම්බත්වෙලා ඉද්දි පෝය දවසට පන්සල් ගිහින් ආවම හිතට දැනෙන්නේ පුදුම සහනයක්. ඉතින් අදවත් හවසට පන්සල් යන්න තිබුනානම් හොඳයි කියලා හිතුනත් කොරෝනා එක්ක හිතට බයයි යන්න.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

oya sil gannath giyada.. hondaine.. man dahampasal yana eka nawaththuwata passe sil ganna giye na

mamath daham pasal yana kalen passe sil ganna yanna bari una.

Man sil gaththa kalin... Dan ithin koheda welawak...

Honda purudu tikak job eka nisa ath wela tiyenne.

ow ane... tiken tika job ekatama huru wela

ජොබ් එක අතට ගත්තම අපේ ළඟ තියෙන හුඟක් දේවල් ඈත් වෙනවා. වැඩත් එක්ක බිසී උනාම මුල්ම දේ නිදහස නැති වෙනවා. ඊට පස්සෙ පවුල, යාලුවො, නෑදෑයෝ හැමෝම ටික ටික ඈත් වෙනවා. 😐💔

දැන් ජොබ් එක ජීවිතේම වෙලා

Wada wadi weddi. Busy weddi jiwithe samahara purudu aath wenawa ebeema.

ඒවා නිකන්ම අපෙන් ඈත් වෙනවා

ඉස්සර ට්‍රේනින් යන කාලේ අම්මා අහනෝ පෝයට ගෙදර නේද කියලා... නෑ අම්මේ කියලා කිව්වම අම්මගේ මූණ වෙනස් වෙන හැටි බලන්න දුකයි.... අර කිව්වත් වගේ කොහේ හරි තැනක වුණ මොකක් හරි මෙව්වා එකක් නිසා අපි අපි ඇතුලේ ඉන්න මනුස්සයව නැති කරගෙන....😥

ඒක ඇත්ත... දැන් ඒවා වෙනස් කරගන්නත් අමාරුයි..