අලුත් අවුරුද්දේ අපි - 5% to Sl Charity

in hive-133716 •  3 years ago 

හැමෝටම ලැබුවාවූ 2022 නව වසර සුභම සුභ නව වසරක් වෙන්න කියලා මුලින්ම ප්‍රර්ථනා කරන්නම්. ඔන්න ඉතින් දන්නෙම නැතුව අපි අවුරුද්දක් ගෙවලා අලුත් අවුරුද්දකට ඇවිල්ලා. පහුගිය අවුරුද්දේ අපේ යාලුවෝ කොහොමද ගතකලේ කියලා ඔයාලා contest එකට දාලා තිබුණු ලිපි වලින් මං දැක්කා. ඉතින් කියන්න සතුටුයි අපේ ගොඩක් අය යහපත් සහ සතුටුදායක විදියට තමයි 2021 අවුරුද්ද ගතකරලා තිබුනේ. මොන විදියේ කරදර බාධා ආවත් ඒවා ඉදිරියේ පසුබට වෙන්නේ නැතුව ඉදිරියට යන එක තමයි වෙන්න ඕනි.

WhatsApp Image 2022-01-02 at 4.23.17 PM.jpeg

අලුත් අවුරුද්ද ලබන දවස කියන්නේ ඉතින් විශේෂ දවසක්. ගෙවල්වල කිරිබතක් එහෙම හදලා තමයි අවුරුද්ද පටන්ගන්නේ. ඉදිකිරීම් ආයතනවල වැඩ කරන අපිටනම් අවුරුදු දවස සෙනසුරාදා, ඉරිදා දවසක්ද එහෙමත් නැත්නම් සතියේ දවසක්ද කියලා වෙනසක් නෑ. වෙනදා පුරුදු විදියටම ගෙදරින් කිරිබත් කෑල්ලක් එහෙම කාලා වැඩට ආවා. උදේ වැඩ පටන්ගන්න කලින් රැස්වීමක් එහෙම තියලා තමයි වැඩට යන්නේ. ඉතින් මේ අවුරුද්දෙත් ඒක ඒ විදියටම කලා.

WhatsApp Image 2022-01-02 at 4.25.05 PM (1).jpeg

ඊටපස්සේ ඔන්න එකම යුද්ධයක්. ඒ තමයි උදේ 10.00 වෙද්දී සේවක මණ්ඩලයට ලබාදෙන අලුත් අවුරුදු තේ මේසය පිළියෙළ කරනඑක. අපේ සයිට් එක කලාප හතරකට වෙන්කරන්න කලින්නම් එක තේ මේසයයි හදන්න තිබුනේ. ඒත් දැන් කලාප හතරට තේ මේස හතරයි. ඔන්න ඉතින් කට්ටියම එකතුවෙලා තේ මේසේ පිළියෙළ කරන එක හරියටම 10.00 වෙද්දී ඉවරකරගත්තා. ඊටපස්සේ සේවක මහතුන්ට තේ මේසය භුක්තිවිදීමට අමතරව ආයතනය මඟින් ලබාදෙන දින කැලැන්ඩරය සහ මුදලක් බෙදාදීම සිදුකලා. ඊටපස්සේ තමයි කාර්යමණ්ඩලය සඳහා තේ මේසය විවෘත කෙරුනේ. මේ වැඩටික ඉවර වෙද්දී කොහොමටත් දවල් 12.00 ට ලංවෙලා. එතනින් පස්සේ ඉතින් ගොඩක් වෙලාවට වෙන්නේ ගෙදර යන්න පුලුවන් හැමෝම ගෙවල් වලට යනඑක තමයි. දැන් අවුරුදු අටක් තිස්සෙම මගේ ජනවාරි පළවෙනිදා ගෙවුනේ ඔන්න ඔය විදියට.

WhatsApp Image 2022-01-02 at 4.25.05 PM.jpeg

මේ අවුරුද්දේ තව පොඩි පොඩි කාරනා ටිකක් තියෙනවා ඔයාලට කියන්න. සමහර වෙලාවට ඔයාලට බැරිවෙන්න ඇති පහුගිය අවුරුද්ද ඇතුලත ඔයාලා බලාපොරොත්තු වෙච්ච වැඩ ඔක්කොම සාර්ථක කරගන්න. ඒ ගැන පසුතැවෙන්න එපා. ඒ වෙනුවට ඒ දේවලුත් එක්කම ඉදිරියට තියෙන අවුරුද්දේ තියෙන බලාපොරොත්තුත් සැලසුම් කරන්න. ඊටපස්සේ කාලයෙන් කාලයට තමන්ගේ සැලසුම් එක්ක තමන් ඉන්න තැන කොහොමද කියලා හැරිලා බලන්න. වැරදුනු තැන් තියෙනවනම් ඒවා හදාගන්න. දවසින් දවස දියුනුවටම යන්න. ඒක තමයි මේ අලුත් අවුරුද්දේ ඔයාලා වෙනුවෙන් මගේ පැතුම...

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

සුබ අලුත් අවුරුද්දක් අයියෙ 😍😍😍, සියලු වැඩ හරියන්න කියල ප්‍රාර්තනා කරනව 😍❤️

සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලි... බොහොම ස්තුතියි ප්‍රාර්ථනාවට...❤️❤️

  ·  3 years ago (edited)

සුබ අලුත් අවුරුද්දක් වේවා අයියෙ😍😍😍....

සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලි ❤️

තේ මේසය භුක්තිවිදීමට අමතරව ආයතනය මඟින් ලබාදෙන දින කැලැන්ඩරය සහ මුදලක් බෙදාදීම සිදුකලා.

ඒක නම් වටිනවා මේ අමාරු කාලෙ

සුබ අලුත් අවුරුද්දක් අයියා❤

සුභ අලුත් අවුරුද්දක් වේවා නංගි...❤️❤️

Aluth aurudda subama suba auruddak wenna kiyala prarthana karanawa.

සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️

palawenidata witharaine ithim kalin yanna denne 🙃

ඔයාලා බලාපොරොත්තු වෙච්ච වැඩ ඔක්කොම සාර්ථක කරගන්න

esema wewa

palawenidata witharaine ithim kalin yanna denne 🙃

ඔව් ඔව්... එදාට ඒ අවස්ථාව අරගන්න ඕනි... 😁😁

සුභ නව වසරක් වේවා!

සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️

Man nam mee photos kalinma dakka. 😍😍😍

Dan ithin oththukarayo innawane 😂😂😂

ඒක තමයි මේ අලුත් අවුරුද්දේ ඔයාලා වෙනුවෙන් මගේ පැතුම...

ඔයාගෙත් සියලු වැඩකටයුතු සාර්ථක වෙන්න ඕනේ අයියේ 🖤

බොහොම ස්තුතියි මල්ලි...

සුභ අලුත් අවුරුද්දක් වේවා අය්යෙ ❤❤

එසේම වේවා මල්ලි...