හැකිනම් ඔබත් ලේ බිඳක් දන්දෙන්න - 5% to Sl Charity

in hive-133716 •  3 years ago 

WhatsApp Image 2021-07-28 at 12.04.34 PM (1).jpeg

ලේ දන්දෙන ගමන්

ටික දවසකට පස්සේ ලිපියක් ලියන්න පොඩි වෙලාවක් ලැබුනා. මේ ටිකේම වැඩත් එක්ක වෙනදට වඩා ටිකක් කාර්යබහුල වෙලා හිටියේ. මේ මාසේ 22 අපේ වැඩබිමේ ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන්න සැලසුම් කරලා තිබුනේ. පිටස්තර අයව වැඩබිමට ගෙන්නගන්නේ නැතුව වැඩබිමේ ඉන්න පිරිස විතරක් සහභාගී කරගෙන ලේ දන්දීමේ වැඩසටහන කරන්න තමයි සැලසුම් කරලා තිබුනේ.

ටිකෙන් ටික දවස් ලං වෙද්දී අපි නොහිතපු ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ උනා. ඒ වෙනකොට කොරෝනා සඳහා එන්නත අපේ වැඩබිමෙන් 90% කට පමණ ලබා දීලා තිබුනේ. ඒ එන්නත ලබා දීලා මාසයක කාලයක් යනකන් ලේ දන්දීම කරන්න බෑ කියලා ලේ බැංකුවෙන් අපිට දැනුම්දීමක් කලා. ඉතින් ලේ දෙන්න ඉන්න අයගෙන් බහුතරයක් මාසයකට අඩු කාලයකදී කොරෝනා එන්නත ලබාගත් අය. එන්නත ලබාගෙන මාසයකට වැඩි හා එන්නත ලබානොගත් කියන කාණ්ඩ දෙකට තමයි ලේ දන්දීමේ හැකියාව තියෙන්නේ. වැඩබිමේ මේ කාරනා දෙකෙන් එකක් හෝ සංතෘප්ත වෙන අය හිටියේ මමත් ඇතුළුව 20ක් වගේ පිරිසක්.

WhatsApp Image 2021-07-28 at 12.04.34 PM.jpeg

ලේ දන්දීමට අවශ්‍ය පෝරමය පිරවීමෙන් පසු

ඉතින් ලේ බැංකුවෙන් අපිට ඉල්ලීමක් කරා මේ දවස්වල තියෙන කොරෝනා උවදුරත් එක්ක ලේ බැංකුවේ ලේ හිඟයක් තියෙන හින්දා අපේ ලේ දෙන්න පුලුවන් පිරිසට ලේ බැංකුවට ඇවිත් ලේ දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා කියලා. ඉතින් එයාලගේ ඉල්ලීම පිළිඅරන් අපි ගියා නාරාහේන්පිට ලේ බැංකුවට මේ මාසේ 24 වෙනිදා ලේ දන්දෙන්න. එතනදිත් අපේ දෙතුන් දෙනෙකුට ඔවුන්ගේ බර සහ වෙනත් ගැටළු කිහිපයක් නිසා ලේ දන්දීමේ අවස්ථාව නැති උනා.

WhatsApp Image 2021-07-28 at 12.04.34 PM (3).jpeg

මගේ වාරය එනතෙක් පෝලිමේ

ඉතින් මට පුළුවන්කම ලැබුනා අවුරුදු තුනකට පස්සේ 8වෙනි වතාවට ලේ ටිකක් දන්දෙන්න. එතනදිත් ඔවුන් මගෙන් විශේෂ ඉල්ලීමක් කරා. ඒ තමයි පුලුවන්නම් ඇවිත් මාස 4කට වතාවක් ලේ දන්දෙන්න කියන එක. මේ කාලේ ගොඩක් අය රටේ පවතින තත්වයත් එක්ක ලේ දෙන එක අඩු වෙලා තියෙන්නේ. ඉතින් විවිධ හේතු හින්දා දිනකට විශාල ප්‍රමාණයක් රෝගීන්ට ලේ දෙන්නත් ඕනි වෙනවලු. ඉතින් මේ හින්දා ලේ හිඟයක් තියෙනවා කියලයි දැනගන්න ලැබුනේ. මේ ජීවත්වෙලා ඉන්න ටිකේ අපිට කරගන්න පුලුවන් ලොකු පිනක් තමයි ලේ දන්දෙන එක. අපි දෙන ලේ ටිකෙන් තව කෙනෙක් ජිවත් වෙනවනම් ඒක මොන තරම් සතුටක්ද අපිට. සමහරවිට ඒ ලේ ගන්න කෙනා මුළු පවුලක්ම ජිවත් කරවන කෙනෙක් වෙන්න පුලුවන්. ඉතින් මෙහෙම හිතද්දී හිතට ලොකූම ලොකු සතුටක් එනවා අපි හින්දා තව කෙනෙක් ජිවත් වෙනවා නේද කියලා. හැම මාස 4කටම සැරයක් ලේ දෙන්න මං තීරණය කලා. ඉතින් ඔයාලත් පුලුවන්නම් ගිහින් ලේ ටිකක් දන්දෙන්න. මේ ඒකට සුදුසුම කාලයයි.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

mamath eka para lee dan dila thiyenawa.. mulin tikak bayen giyath thawa kenekge jeewithekata udawwak denna puluwan una kiyala danunama harima sathututi.

Harima sathutak danenawa ehema hithaddi apita... puluwan welawak thibunoth ayeth le dan denna...🥰🥰🥰

  ·  3 years ago (edited)

මමත් ගොඩක් ආසාවෙන් ඉන්නේ ලේ දන් දෙන්න. වෙන රටවල මිනිස්සු සල්ලි වලට තව කෙනෙක්ට ලේ දෙද්දි අපේ රටේ මිනිස්සු මනුස්සකම ඉස්සර කර ගෙන ලේ දං දෙනවා. සෑහෙන්න අගය කල යුත්තක්...❤️

ඉතින් මේ තමයි හොදම කාලේ.... ඔයාගේ ආසාව ඉෂ්ට කරගන්න

මාත් දැන් දෙපාරක් දන් දුන්නා😍 ඊලග පාරනම් පුලුවන් වෙයිද මන්ද බර අඩුවෙලා දැන් 💔😪

50 තමයි අවම බර තියෙන්න ඕනි....

Mamath harima asai lee dan denna.Eth opportunity 1k gatte na.bayakut denenawa

Baya wennanam deyak na... Bara 50kg walata wadinam, digatama ganna beheth ehema nathnam denna puluwan ...

කෙනෙකුගේ ජීවිතයක් බේරගන්න වෛද්‍යවරයෙක්ම වෙන්න ඕන නෑ. A great act of kindness! ❤️

Sampurna aththa... ❤️❤️❤️

mamath harima asai le dan denne. Eth donate karanne yana hamasarema mawa reject karanawa bara adui kiyala 😢

😥😥 bara adunam ganne na...

මමත් ගොඩක් ආස කරන වැඩක්. ඒත් එක පාරයි දෙන්න පුලුවන් උනේ. ඊලග පාර වෙද්දී මගේ හිමොග්ලොබින් අඩු වෙලා😥.

ලේ දන් දෙන එක ලොකූ පුණ්‍යකර්මයක්. තව කෙනෙක්ට ජීවත් වෙන්න ලොකු උදව්වක්. ඒකෙන් ලැබෙන මානසික සුවය ඒ වගේ වටිනවා

හිමොග්ලොබින් වැඩි කරන කෑම බීම ගැන විස්තරයක් දුන්නෙ නැද්ද එයාලා... අපිත් එක්ක ගිය එක්කෙනෙකුට එහෙම වෙලා විස්තර ගොඩක් දුන්නා..

ඉතින් මට පුළුවන්කම ලැබුනා අවුරුදු තුනකට පස්සේ 8වෙනි වතාවට ලේ ටිකක් දන්දෙන්න.

ඒක ගොඩක් අගය කරන් ඕනෙ වැඩක්. මට නම් කවද හරි වත් කරන්න පුලුවන් වෙයිද සැකයි. මන්දපෝශනේහ්😪

කොයි වෙලාවෙත් කන බනේමනේ.. ඒත් ඉතින් නැද්ද ප්‍රගතියක් 😁😁

Naaane. kochchara kawath echcharaii. 😁

😂😂😂 double karala kanna patanganna

8 wathawak le dunna kiyanne punchi deyak nemei 💖. math asai le denna. eth mage bara madi nisa tama eka wathawakwath dila na 😥.

😁😁 Hodata kala bara wadi karaganna.. ethakota puluwan

කෙනෙක් ජීවත් කරවන්න ලේ දන් දෙනව කියන්නේ ගොඩක් ලොකු පින්කමක්
❤❤❤

ඒක මේ දවස්වල කරන්නම ඕනි දෙයක් මල්ලි.